දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමුද්‍රාසන්න තෙත් බිම් පාරිසරික පද්ධතියක් වන මුතුරාජවෙල තෙත් බිම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට අවශ්‍ය සාකච්ඡා සිදු කරමින් පවතින බවත් එම යෝජනාව ඉදිරියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට කටයුතු කරන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවැසීය.

මුතුරාජවෙල තෙත් බිම ආරක්ෂා කිරීමේ කටයුතු සිදු කිරීමේ දී 1988අංක 56දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල ප්‍රමාණවත් නොවීම හා ඒ සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින නෛතික රාමුව ප්‍රමාණවත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද ඒ මහතා පැවසීය.

මෙම බිමෙහි මායිම් විවෘත කොට මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා එක්ව මැනුම් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව කටාන, මීගමුව, ගම්පහ, ජා-ඇල සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා එහි පදිංචිකරුවන් ඉවත් කොට එම බිම් නැවත රජය වෙත පවරාගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා කීය.

මෙම කටයුතු අවසන් වීමෙන් පසුව මුතුරාජවෙල තෙත් බිම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීමට අවශ්‍ය ගැසට් පත්‍රය නිකුත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

මුතුරාජවෙල තෙත් බිම හෙක්ටයාර් 3000කට අධික භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි මෙම කලාපයේ සත්ව විශේෂ 449ක් වෙසෙන අතර එයින් 26ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ වෙති. එමෙන්ම මෙම භූමිය ආශ්‍රිතව ශාඛ විශේෂ ගණනාවක් ද සොයාගෙන ඇත.

ප්‍රදේශයේ ගංවතුර සහ පරිසර උෂ්ණත්වය පාලනයටත් භූගත ජල සම්පත ආරක්ෂා කර ගැනීමටත් මෙම තෙත් බිම මඟින් මහත් පිටිවහලක් ලැබෙන බව පරිසර විද්‍යාඥයෝ කියති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More