ඇමෙරිකාව සමඟ එම්.සී.සී. ගිවිසුමට බැඳුණු කිසිදු රටක් ප්‍රගතියක් ලබා නොමැති අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුපිටින් සුන්දරව පෙනුනත්, එය රට විනාශ කරනු ලබන බරපතළ යෝජනාවක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කියයි.
ඇමෙරිකාව මෙරටට යෝජනා කල එම්.සී.සී. ගිවිසුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු විශ්ලේෂණය කිරීමේ කමිටුවේ සාමාජිකයෙක් ලෙස ක්‍රියා කළ ඒ මහතා, මේ ගිවිසුමෙන් රටට සිදුවන හානිය පිළිබඳව කරුණු දක්වමින් ඉරිදා ලංකාදීපය සමඟ සාකච්ඡාවකට එක්විය.
ඇමෙරිකානු සංවර්ධන ආධාර යෝජනා ක්‍රම හෙවත් එම්.සී.සී. යන කෙටි නමින් හදුන්වනු ලබන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවල ගැටලු හඳුනාගෙන ඒවායින් තෝරා ගත් ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා ආධාර ලබා දෙන ආයතනයකි. වර්ෂ 2003 ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩල පනතක් මගින් මෙම ආයතනය පිහිටුවා ඇති අතර නිර්නායකයන්ද නියම කර ඇත.
මෙය අමෙරිකානු රජය දී ඇති නීති රෙගුලාසි යටතේ ක්‍රියාත්මක වෙයි. ලෝකයේ අඩු ආදායම් ලබන රටවල ආර්ථික සංවර්ධන වේගය වැඩි දියුණු කර ගැනීමට ඇති බාධක හඳුනා ගෙන, ඒ බාධකවලට පිළියම් යෙදීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.
ප්‍රශ්නය- ඒ බාධක හඳුනාගන්නේ කවුද?
පිළිතුර-
ඒක අපටත් තිබෙන ප්‍රශ්නයක්. අපේ රටේ ඒ තෝරා ගැනීම කළේ කවුද? යන්න ප්‍රශ්නයකි. අපේ රටේ සංවර්ධනයට ඇති බාධාවන් හා පවතින ගැටලු හදුනා ගත යුත්තේ රට තුළින්මයි. රටේ ප්‍රශ්න දන්නේ අපයි. බාහිර පුද්ගලයන්ට හෝ ආයතනයකට ඒ සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇතැයි විශ්වාස කළ නොහැකියි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ රට තුළින් ඒ පිළිබඳව අදහසක් ප්‍රකාශ වී ඇති බවත් හෝ පෙන්වා දුන් බවත් හෝ පෙනෙන්නට නැහැ. එහෙම නම් මේ ප්‍රමුඛතා ලේඛනය සැකසුවේ කවුරුන්ද යන මූලික ගැටලුව අප ඉදිරියේ පවතී.
සාමාන්‍යයෙන් අපේ රට තුළ යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී එම යෝජනාව ඇගයීමට, විශ්ලේෂණය කිරීම සිදු කරනු ලබන්නේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව මගිනි. රටේ සියලු ආයතන මගින් යෝජනා කරනු ලබන ව්‍යාපෘති අදාළ අමාත්‍යාංශය හරහා මෙම දෙපාර්තමේන්තුවට පළමුවෙන්ම යොමු කළ යුතුව ඇත. එවිට මෙම දෙපාර්තමේන්තුව අදාළ යෝජනාව සියලු පැතිකඩ ඔස්සේ සලකා බැලීම සිදුකරනු ලබයි. නමුත් M.C.C ගිවිසුමට අදාළ යෝජනා පිළිබඳව ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව දැනුම්වත් වී නොසිටි බව අනාවරණය විය.
මෙම දෙපාර්තමේන්තුව එයට වගකිව යුතු ආයතනය වෙන්නේ ඔවුන් එය නොදන්නේ නම් කාගෙන් මෙය විශ්ලේෂණය වුණාද යන්නත් ප්‍රශ්නයක්. සමහර විට ඒ එ් දෙපාර්තමේන්තුවලින් කරුණු සලකා බැලුවා විය හැකිය. උදාහරණයක් වශයෙන් ඉඩම් සම්බන්ධව ඉඩම් අමාත්‍යාංශයට යොමු වූවා විය හැකිය. මහාමාර්ග පිළිබඳව නම් ඒ වපසරිය තුළ අවධානය යොමු කළා විය හැකිය. මහාමාර්ග තොරතුරු පරිගණක පද්ධතියකට ඇතුළත් කිරීමේ ව්‍යාපෘතිය හා කොළඹ – ත්‍රිකුණාමලය කොරිඩෝව යනාදී යෝජනා වලට මූලික වූයේ කවුද යන්න අබිීරහසකි.
අමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලය මේ සම්බන්ධයෙන් ඇගයීමක් කර ඇති බව ප්‍රකාශ වූවත් එය පුළුල් ඇගයීමක් හා විශ්ලේෂණයක් ලෙසට සිදුවී නැති බව පැහැදිලිය. මේ රටේ ආර්ථික සංවර්ධනයට ඇති ප්‍රධානම ප්‍රශ්නය ඉඩම් බවට තීරණය කළේ කවුද?
රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය, දුම්රිය, ප්‍රවාහනය, කෘෂිකර්ම අංශයට හොඳ වෙළෙඳපොළක් නොවීම ආදි වශයෙන් ප්‍රශ්න රාශියක් රටට ඇත. එසේ තිබියදී ඉඩම් මැන ඔප්පු දීමේ තීන්දුව ඉදිරියට පැමිණ ඇත. මෙයින් පෙන්නුම් කරන්නේ එම්.සී.සී. ගිවිසුමට අදාළ කරුණු ඉදිරිපත් වූයේ කෙසේද? යන්නයි. එය අපට ඇති වූ ප්‍රධාන ගැටලුවකි.
ප්‍රශ්නය-එම්.සී.සී. ගිවිසුම්වලින් අසීරුවට මුහුණ පෑ වෙනත් රටවල් තියෙනවද?
පිළිතුර- එම්.සී.සී. ගිවිසුම වශයෙන් ලේබල්ගත කළ නොහැකි වූවත් ඉඩම් සම්බන්ධ කරුණු නිසා රටවල් කීපයක් අසීරුවට පත් වූ බව සඳහන් වේ. මැඩගස්කරය හා හොන්ඩුයුරාස් රටවල වෙළෙඳපොළට ඉඩම් ලබාදීම සම්බන්ධ ව්‍යාපෘති අතරමග අත්හිටුවා ඇත.
ප්‍රශ්නය- හේතුව?
පිළිතුර- ඇමෙරිකාවෙන් ඒ ව්‍යාපෘති හිටි හැටියේ නතර කර තිබෙනවා. ඇමෙරිකාව තෘප්තිමත් නොවන ඕනෑම අවස්ථාවක මේ ගිවිසුම අවලංගු කළ හැකියි. ප්‍රජාතාන්ත්‍රික නොවන ක්‍රමයට රජය මාරුවූවා යැයි කියනු ලබන හේතුව මත එක් රටක මේ ගිවිසුම අවලංගු කර ඇත. එවැනි අවස්ථාවක එතෙක් ආරම්භ කර තිබූ ව්‍යාපෘතිවලට වැය කළ මුදල් නතර වීම සිදු විය. එයින් රට අසීරුවට පත් වී දැඩි කඩාවැටීමකට ලක්වීම සිදුවී ඇත. මහා පරිමාණයෙන් ආරම්භ කළ වැඩ පිළිවෙළක් හිටි හැටියේ නතර කළ විට මුළු රටම අපහසුතාවට පත් වීම සිදු වේ.
කුමන ව්‍යාපෘතියක වූවත් අතරමඟ නතර කළ හැකි කොන්දේසිය බෙහෙවින් බරපතළ එකකි. ඇමෙරිකාවට නොගැළපෙන රජයක් පිහිටුවීම මානව හිමිකම් කඩවෙන චෝදනාව හා රාජ්‍ය නොවන සංවිධානවලට නොසලකන බවට චෝදනා මත ගිවිසුම් අවලංගු කළ අවස්ථා ඇත. ගිවිසුම ක්‍රියාත්මක කළ කාලය තුළ පිටින් පැමිණි ආයෝජකයන් මැඩගස්කරයේ ඉඩම් ඩැහැ ගැනීමක් සිදුකර ඇත. ඇමෙරිකාව ගිවිසුම අවලංගු කළත්, ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටි ආයෝජකයන් ආපසු යන්නේ නැත. නේපාලයත් මෙවැනි ගිවිසුමක් අත්සන් කළත් එය ඔවුන්ගේ පාර්ලිමේන්තුවේදී අනුමත වී නැත. පිලිපීනයේ පළමු ගිවිසුම අත්සන් කළත්, දෙවැනි ගිවිසුමට අත්සන් තැබීමට එරට රාජ්‍ය නායකයා එකඟ නොවීය. පළමු ගිවිසුමේ වසර පහක කාලය ගත වූ පසු දෙවැනි ගිවිසුමට අත්සන් තබා නැත.
ආර්ථික සංවර්ධනයට මෙම ආධාර ලබාදීමෙන් එම රටවලට විශාල සහනයක් සැලසී තිබේද යන්න පිළිබඳව ආර්ථික විශ්ලේෂකයන් කරන ලද සොයා බැලීම්වලදී හෙළි වී ඇත්තේ, විශේෂ වාසියක් සිදු වී නැති බවයි. කොළඹ විශ්ව විද්‍යාලය මගින්ද මේ සම්බන්ධයෙන් අධීක්‍ෂණයක් කර ඇති අතර, එයින්ද හෙළි වී ඇත්තේ M.C.C ගිවිසුමෙන් රටට බලාපොරොත්තු වෙන තරම් වාසියක් සිදු නොවෙන බවයි.
අපේ රටට ව්‍යාපෘතියක් අවශ්‍ය නම් ණයක් ගන්නවාට වඩා ආධාරයකට එකඟ වීම වාසි සහගතය. එහෙත් ඉඩම් හා ප්‍රවාහන අංශ දෙක මේ රටේ ප්‍රධානම අර්බුදය බවට තීරණය කර, ආපසු ගෙවීමට අවශ්‍ය නොවන ආධාරදීමේ විශේෂ වැදගත්කමක් තිබිය හැකිය. ඒ වැදගත්කම ගැන සරලව බැලිය නොහැකි හේතු ගණනාවක් ඇත.
උදාහරණයක් ලෙස, බැංකුවකින් ණයක් ලබාගෙන නිවසක් ගොඩනගාගත් පසු, බැංකු ණය ගෙවනවා විනා, බැංකුව අපේ පෞද්ගලිකත්වයට අත දැමීමක් සිදු වෙන්නේ නැත.
මෙහිදී M.C.C ගිවිසුම යටතේ අපට ආධාර ලබාදුන්නත්, අපට නොගැළපෙන හා දරා ගත නොහැකි තරමට කොන්දේසි ඇතුළත් කර ඇත. මේ ව්‍යාපෘතිවල පූර්ණ බලය හෙවත් ‘‘යතුර’’ M.C.C ආයතනයට දිය යුතුව ඇත. ඒ අනුව සියලු ව්‍යාපෘතිවල වත්කම් හා නිෂ්පාදනය කරනු ලබන ද්‍රව්‍යවල බුද්ධිමය අයිතිය M.C.C ආයතනය සතු කළ යුතුව ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ තවත් කරුණක් නම්, වාහන සම්බන්ධ දත්ත පද්ධතියක් සැකසීමයි. එමඟින් මාර්ගයේ ධාවනය වෙන සියලු වාහනවල තොරතුරු පරිගණක ආශ්‍රිතව ලබා ගැනීමට ඇති හැකියාව යටතේ ඕනෑම වාහනයක් තිබෙන ස්ථානය දැනගතහැකි වේ. මේ ව්‍යාපෘතිය අපේ රටේ ආරක්‍ෂාවට බරපතළ තර්ජනයක් බවට තේරුම් නොගැනීම පුදුමයට කරුණකි.
රටේ නායකයන් ඇතුළු ප්‍රභූන්ගේ සුරක්‍ෂිත භාවයට මෙය බරපතළ කරුණක් විය හැකිය. අපේ රටේ වාහන පිළිබඳ මේ දන්නා තොරතුරු වෙනත් රටක් අතට පත්වුවහොත්, අනියම් ප්‍රයෝජනයක් ලබා ගැනීමට අවස්ථාව සැලසීමත් විය හැකිය.
මෙම ගිවිසුම යටතේ ඉඩම් නිරවුල් කර ඔප්පු ලබාදීමේ ව්‍යාපෘතියක්ද සඳහන් වේ. ඒ අනුව ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය, මාතලේ, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඉඩම් මැනීමට නියමිතය. එක දිගට පිහිටි මෙම දිස්ත්‍රික්ක ඉඩම් කොරිඩෝව ලෙස හැඳින්වෙයි. මෙම ඉඩම් පිළිබඳ තොරතුරු පරිගණක ගත කර ඊ- රිජිස්ට්‍රි යනුවෙන් දත්ත පද්ධතියක් සැකසීමට යෝජිතව ඇත. මෙහි විශේෂත්වය වෙන්නේ ඉඩම් පිළිබඳ දත්ත පද්ධතිය සැකසීම සඳහා M.C.C ආයතනයේ කොන්දේසිවලට අදාළව වෙනමම ආයතනයක් පිහිටුවීමයි. රජයේ සම්බන්ධයක් නැති මෙය ස්වාධීන ආයතනයකි. රජයේ කිසිදු ආයතනයකට මෙයට බලපෑම් කළ නොහැක.
විගණකාධිපති, පරිසර අමාත්‍යාංශයට විදේශ අමාත්‍යාංශයට, රේගුවට මෙහි කිසිදු කටයුත්තකට ඇඟිලි ගැසිය නොහැක. අඩු වශයෙන් මෙරටට පිටරටින් ගෙන එනු ලබන භාණ්ඩයක් පරීක්‍ෂා කිරීමට පවා අධිකරණයෙන් දෙනු ලබන තීන්දුවක් හැර වෙනත් කිසිවකුට මෙයට බලපෑමක් කළ නොහැකිය.
මේ ආයතනය රට ඇතුළත පිහිටුවන වෙනත් රාජ්‍යයක් ලෙස ක්‍රියාකරනු ඇත. මුදල් ගනුදෙනු, කළමනාකරණය සියල්ල මේ ආයතනයට පැවරී ඇත. ඉඩම් මැනීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලබන්නේද මේ ආයතනය මගිනි. ටෙන්ඩර්කරු තෝරාගැනීමටද ලංකා රජයට අවස්ථාව නොලැබෙන අතර මෙම ස්වාධීන ආයතනයේ නිලධාරීන්ට පමණක් ඒ සඳහා අවස්ථාව සැලසෙයි. ඒ තෝරා ගැනීමට එම්.සී.සී. ආයතනයේ අනුමැතිය අවශ්‍ය වේ.
මේ රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සංවේදීවෙන ඉඩම් ඉහත නම් කරන ලද දිස්ත්‍රික්කවල තිබිය හැකිය. ආරක්‍ෂක කඳවුරු, වරාය, ගුවන්තොටුපොළ, වැව්, භෞමික සම්පත්, ආදියේ ඇතැම් තොරතුරු රටේ ජනතාවටත් විවෘත නැත. මේ ඉඩම් මැනීමේදී සංවේදි ස්ථානවල ආරක්‍ෂාව පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගයක්ද නැත.
මනින ඉඩම්වල දත්ත, සැලසුම්, සියල්ල එම්.සී.සී. ආයතනය සතු වෙයි. මෙහිදී රට තුළ මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතු කාර්ය, බාහිර ආයතනයකට පැවරීම සිදු වෙයි. මේ බුද්ධිමය දේපළ අයිතියට අපට එකඟ විය නොහැකිය.
එම්.සී.සී. ආයතනය මෙරට පිහිටුවන ව්‍යාපෘතිවලට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට නඩු පැවරිය නොහැකිව ඇත. මොනවා කළත් නඩු පැවරිය නොහැක. කොළඹ සිට ත්‍රිකුණාමලයට යන අතරතුර කුමක් සිදු වූවත් නඩු පැවරිය නොහැකිය. ඉඩම් මැනීමේදී ප්‍රශ්නයක් ඇති වුවහොත් රටේ ජනතාවට ඒ සම්බන්ධයෙන් අධිකරණයට යාමටවත් අයිතියක් නොලැබෙනු ඇත. අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් රටේ නීතියට කිසිම බැදීමක් නැත.
පිටරටින් ගෙන්වන භාණ්ඩ බදු රහිතය. ආයුධ ගෙන්වූවත් රටට ඒ ගැන කතා කළ නොහැකිය. කතා කළොත් ගිවිසුම අවලංගු කිරීමේ ඒකාධිකාරී බලය ඇමෙරිකාව සතුය.
ඉඩම් ව්‍යාපෘතිය යටතේ මහවැලි, ගල්ඔය ජනාවාසවල පදිංචි ජනතාවට ඉඩම්වලට ඇත්තේ බලපත්‍රයි. මේ අයට සින්නක්කර ඔප්පු ලබාදීමත් M.C.C ගිවිසුම යටතේ ඇති තවත් ව්‍යාපෘතියකි. බලපත්‍ර හිමි ඉඩම්ලාභීන්ට මෙම ව්‍යාපෘතිය බෙහෙවින් ආකර්ෂණීය යෝජනාවක් විය හැකිය. මේ අයට අයත් ඉඩම් වැඩි ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ මෙම ඉඩම් කොරිඩෝවට අයත් ප්‍රදේශවලය.
මෙම ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම පිළිබඳව විවිධ කතා විටින් විට පැවතුණි. කුඩා ඉඩම් කැබලි හිමි මෙම ගොවීන්ට තම ඉඩම් විකුණා ගැනීමට අවස්ථාව නැත. ඉඩම අතහැර යාමටද හැකියාව නැත. කුඩා ඉඩම්වලින් ලැබෙන ඵලදායිතාව අඩු බවට මතයක් ඇත. බිත්තර වී පොහොර ආදියට ණය ලබාගෙන පීඩාවෙන් ජීවත්වෙන මේ අසරණ ජනතාව ණය බරින් නිදහස් වීම සඳහා ඉඩම් විකිණීමට පෙළඹීමට ඉඩ ඇත. මෙය බහු ජාතික සමාගම් අපේ ඉඩම් ඩැහැ ගැනීමට අනියමින් උත්සාහ දැරීමේ ප්‍රතිඵලයක් විය හැකිය.
තම ඉඩමට වැඩි මිලක් ලැබෙනවා නම් දුර දිග නොබලා ඉඩම විකිණීමට ගොවි මහතුන් දෙවරක් නොසිතනවා ඇත. මෙහිදී ඉඩම් ඩැහැ ගැනීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළින් බැහැරවිය නොහැකිය. ඉඩම් ඔප්පු ලබාදීම ඒ සඳහා පාර කපා ගැනීමත් විය හැකිය.
ඉඩම් විකුණා ජනතාවට ඉන්පසුව සිදු වෙන්නේ රැකියාවක්, ඉන්න- හිටින්න තැනක් නොමැතිව නගරයට සේන්දු වීමයි. එමගින් ඉඩම් අහිමි පිරිසක් හා අඩු කුලියට වැඩ කරන ශ්‍රම බළකායක් බිහිවීම නොවැළැක්විය හැකි වෙනු ඇත.
තවත් කරුණක් ඇත. එනම් ඉඩම්වලට සින්නක්කර ඔප්පු දීමට ඉඩම් පනත සම්මත කළ යුතුව ඇත.
මෙම M.C.C ගිවිසුම සම්බන්ධයෙන් තවත් බරපතළ කරුණක් ඇත. එනම්.
මේක පාර්ලිමේන්තු පනතක් ලෙස අනුමත කළ යුතු බව සඳහන් කර තිබීමය. එය බොහොම බරපතළ ප්‍රශ්නයකි. මීට පෙර අත්සන් කරන ලද ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් පනතක් වශයෙන් අනුමැතිය ලබා ගැනීමක් සිදු වී නැත. ඕනෑම ගිවිසුමක් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කළ යුතුයි. නමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අත්සන් කිරීමට අනුමැතිය ලබා දුන්නේ කවුද? මේ සම්බන්ධයෙන් ගිවිසුම් දෙකකට අත්සන් තබා තිබෙනවා. ඒවාට අත්සන් කර ඇත්තේ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරවයි. නමුත් සම්පූර්ණ ගිවිසුම පාර්ලිමේන්තුවේ පනතක් ලෙස අනුමත විය යුතු බව සඳහන් කර තිබෙනවා.
පාර්ලිමේන්තු පනතක් ලෙස අනුමත කළ පසු, එහි සඳහන් අකුරක් නෑර අපේ රටේ නීති බවට පත්වීම සිදුවෙයි.
තවත් කරුණක් වෙන්නේ ගිවිසුම් දෙකකට අත්සන් තැබීමයි
වර්ෂ 2017 හා 2018 දී ගිවිසුම් දෙකකට අත්සන් තබා තිබෙනවා. මුදල් ඒ සඳහා ලැබී තිබෙනවාද යන්න තවත් ප්‍රශ්නයක්. ඇමෙරිකානු තානාපතිවරයා සඳහන් කර ඇත්තේ මීට අදාළ මුදල් ලබා නොදුන් බවයි. ඩොලර් මිලියන 7.6ක් හා 2.4ක් වශයෙන් ලංකා රජයට ප්‍රදානයන් වශයෙන් දීමට මෙම ගිවිසුමින් සිදුවිය යුතුව තිබුණා. වර්ෂ 2020 දී මේ සම්බන්ධ කිසිම වාර්තාවක් සොයා ගැනීමට නොහැකි වුණා. මේ ප්‍රදානයන්ගෙන් මුදල් ලැබුණා නම්, ඒවා වැය කර ඇති ආකාරය පිළිබඳ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සඳහන් වී නැහැ. දුන්නද? නැද්ද? කියල පැහැදිලි නැහැ. ගිවිසුම අත්සන් කර වසර 3ක කාලයක් අදාළ ආධාර මුදල් ලැබී නැත්නම් එයින් අදහස් කරනු ලබන්නේ සිදුවූ දේ අවුල් සහගත බවයි.
මෙම ගිවිසුමට අත්සන නොතබන ලෙසට එවකට හිටපු ජනාධිපතිවරයා හය වතාවක් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබුණා. විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහි අවදානම පෙන්වා දී තිබුණා. ජාතික ආරක්ෂාව පිළිබඳ අධ්‍යාපන ආයතනය මෙම ගිවිසුමට විරෝධය දක්වා තිබෙනවා. මේ M.C.C ගිවිසුම මතුපිටින් සුන්දරට පෙනුනත් එය ඇතුළාන්තයෙන් බරපතළ ලෙස රටට හානිකරයි.

ප්‍රශ්නය- එම්.සී.සී. ගිවිසුම්වලින් අසීරුවට මුහුණ පෑ වෙනත් රටවල් තියෙනවද?
පිළිතුර- එම්.සී.සී. ගිවිසුම වශයෙන් ලේබල්ගත කළ නොහැකි වූවත් ඉඩම් සම්බන්ධ කරුණු නිසා රටවල් කීපයක් අසීරුවට පත් වූ බව සඳහන් වේ. මැඩගස්කරය හා හොන්ඩුයුරාස් රටවල වෙළෙඳපොළට ඉඩම් ලබාදීම සම්බන්ධ ව්‍යාපෘති අතරමග අත්හිටුවා ඇත.
ප්‍රශ්නය-හේතුව?

ඉරිදා ලංකාදීප
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...