දේශීය පුවත්

මහ බැංකු බැඳුම්කර මගඩිය හරහා උපයා ගත් මුදල් විශ්වාසභංගයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බේරාගැනීමට යොදා ගනිමින් සිටින බව ඒකබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

විශ්වාසභංග යෝජනාව කරළියට පැමිණීමත් සමඟම මන්ත්‍රීවරුන්ගේ වටිනාකම්ද ඉහළ ගොස්‌ තිබෙන බව පැවසූ රණතුංග මහතා අගමැතිවරයාව රැකගැනීම සඳහා තිරය පිටුපස සිදුවන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක්‌ කළ යුතු බවත් පැවැසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස්‌ පළ කළේ මිනුවන්ගොඩ නගර සභාව සහ ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකයන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළදී පැවැති හමුවකට එක්‌වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව දැන් ජයග්‍රාහී මට්‌ටමකට ඇවිත් තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ අපි පමණක්‌ නොවෙයි මේ ආණ්‌ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවා අපට සහාය දීමට ප්‍රතිඥ දී තිබෙනවා.

අද රටේ පොදු මතය වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ තවදුරටත් අගමැති තනතුරේ හිටියොත් මේ රට අගාධයට වැටෙන එක වළක්‌වන්න බැහැ කියන එකයි. ඒ නිසා රනිල් අගමැති ධුරයෙන් ඉවත්කළ යුතුයි කියන කාරණය ආණ්‌ඩු පක්‍ෂ විපක්‍ෂ කවුරුත් එකහෙළා පිළිගන්නවා.

මේ තත්ත්වයට හේතුවෙලා තියෙන්නේ අගමැතිවරයා බලලෝභයෙන් මත්වෙලා කටයුතු කරපු ආකාරයයි. රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය පුරාම තියෙන්නේ රට, ජාතිය පාවා දුන් කතා පමණයි. ඒවා අපි තාවකාලිකව අමතක කළත් පසුගිය අවුරුදු තුනේදී රටට කරපු හානිය සුළුවෙන් තකන්න බැහැ.

බැඳුම්කර වංචාව කියන්නේ ලංකාවේ විතරක්‌ නෙමෙයි මුළුමහත් ආසියාවෙම වෙච්ච ලොකුම මංකොල්ලයයි. සිංගප්පූරුවේ හිටපු අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාව ගෙනල්ලා මේ මංකොල්ලය සිද්ධ වෙන තැනට වැඩකළේ රනිල් වික්‍රමසිංහ කියන එක තවදුරටත් රහසක්‌ නෙමෙයි.

අර්ජුන් ඇලෝසියස්‌ කියන්නේ මේ මංකොල්ලයේ එක පුරුකක්‌ විතරයි. ඒකේ මහමොළකාරයන් දෙන්නා තවම ඉන්නේ නිදැල්ලේ. මංකොල්ල කාපු සල්ලි ටික තියෙන්නෙත් මේ මහමොළකාරයන්ගේ සාක්‌කුවලයි. අන්න එයාලා තමයි අද ආණ්‌ඩුව රකින්න මේ සල්ලි වියදම් කරන්නේ.

විශ්වාසභංග යෝජනාවට දින කිට්‌ටු වෙනකොට මන්ත්‍රීවරුන්ගේ වටිනාකම ඉහළ ගිහින් තිබෙනවා. අගමැතිට පක්‍ෂව ඡන්දය ගන්න මන්ත්‍රීවරුන් සල්ලිවලට බිලි බාගන්නවාද කියන සැකය අපට තිබෙනවා. මන්ත්‍රීවරුන් බිලි බා ගන්න යොදා ගන්නේ බැඳුම්කර සල්ලිද කියලා අපි වගකිවයුත්තන්ගෙන් අහනවා.

රනිල් ඉවත් කරන්න ඕනේ කියලා දැඩි මතයක ඉන්න මන්ත්‍රීවරුන් එකපාරටම වෙනස්‌ මතයකට යනකොට අපිට සැක හිතෙනවා මේ මතය වෙනස්‌ කරන්න සල්ලි කුට්‌ටි බලපෑවද කියල. ඒ නිසා තමයි අපි කියන්නේ තිරය පිටුපස වෙන මේ ජවනිකා ගැන විමර්ශනයක්‌ කරන්න කියලා.

පසුගිය ජනාධිපතිවරණයේදී එවකට විපක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරුන් එකා දෙන්නා හොරෙන් හොරෙන් සිංගප්පූරු ගිහින් සල්ලි මලු අරන් ආපු කතාව දැන් රටට රහසක්‌ නෙමෙයි. එදා සිංගප්පූරුවේ ඉඳන් සල්ලි මලු විසි කළේ අර්ජුන් මහේන්ද්‍රන් කියන සිංගප්පූරු ජාතිකයාද කියන එක හොයලා බලන්න ඕනේ.

මම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා හිටින්නේ සල්ලි වලට විකිණෙන්න එපා. සල්ලිවලට තමන්ගේ ආත්මය පාවා දෙන්න එපා. එහෙම වුණොත් මුළුමහත් ජාතියම තමුන්නාන්සේලාට සාප කරයි. මේ රට බේරා ගන්න ලැබිලා තියෙන ස්‌වර්ණමය අවස්‌ථාව සල්ලි නිසා මඟහරින්න එපා.

ජනතා නියෝජිතයන් වශයෙන් මහජනතාව තමුන්නාන්සේලා පත්කරලා එව්වේ සල්ලි ටිකකට ඡන්දය විකුණන්න නෙමේ කියන කාරණය මතක තියාගන්න. දැන්වත් නිවැරදි පැත්තේ හිටගෙන රටත් ජාතියත් ජයග්‍රහණය කරවීම සඳහා එකතු වෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More