අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන නව දේශීය ආදායම් පනතට අනුවඉඩම් විකිණීමේදී සාමාන්‍ය ජනතාවගෙන් කිසිදු අමතර බදු අය කිරීමක් සිදු නොකරන බවත්,ඉඩම් ව්‍යාපාර සිදුකරන පුද්ගලයන්ගෙන් පමණක් 10%ක බදු අයකරන බවත් රජය සඳහන් කළේය.
දෙමාපියන්ගෙන් උරුමවන ඉඩම් හෝ ඕනෑම ආකාරයකට ඉඩමක් විකිණීමේදී පවතින ක්‍රමවේදයට අමතරව කිසිදු බදු මුදලක් අයනොකරන බව මේ සම්බන්ධයෙන් විමසීමේදී රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
සාමාන්‍ය පුද්ගලයන්ගෙන් ඉඩම් ලබාගෙන කෙටිකාලීනව නැවත විකුණමින් අධික ලාභයක් අයකරගන්නා පුද්ගලයන්ගෙන් සහ ඉඩම් වෙන්දේසි කරන පුද්ගලයන්ගෙන් පමණක් මෙම නව බදු අයකිරීම සිදුකරන බවද එහිදී හර්ෂද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...