මේ දිනවල කිළිනොච්චිය දිස්‌ත්‍රික්‌කයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල වැසියන්ට බීමට පවා ජලය සපයා ගැනීම විශාල ප්‍රශ්නයක් වී ඇතැයි කිළිනොච්චියේ වැසියෝ කියා සිටිති.
නියඟය නිසා ළිංවල ජලය නොමැති වීමෙන් ජනතාවට පානීය ජලය නොමැති වී ඇති අතර පළාතේ ජලාශවල ජලය නොමැතිකමින් ගවයන්ට බීමටවත් ජලය නොමැති බව කිළිනොච්චියේ වැසියෝ කියා සිටිති.
කලින් වසරවල කිළිනොච්චියට දැඩි නියඟයක් පැමිණියේ ජූලි හා අගෝස්‌තු මාසවල බව පෙන්වා දෙන කිළිනොච්චිය ගොවි සංවිධාන නියෝජිතයෝ මේ පිළිබඳව කළ සොයා බැලීමකදී වාර්තා වූයේ වසරින් වසරට කිළිනොච්චියට ලැබෙන වර්ෂාපතනයේ අඩු වීමක් නිසා මෙවැනි නියං තත්ත්වයක් පැමිණ ඇති බව යෑයි ගොවි සංවිධාන නියෝජිතයෝ කියා සිටියහ.
2010 වර්ෂයේදී කිළිනොච්චියට මිලිමීටර් 1870.90 ක වාර්ෂික වර්ෂාපතනයක් ලැබුණ නමුත් 2014 වසරේදී එය මිලිමීටර් 1853.40 ක් දක්‌වා අඩු වී 2017 දී එය මිලිමීටර් 1502.40 ක් දක්‌වා පහත වැටී ඇති බවයි.
කිළිනොච්චිය දිස්‌ත්‍රික්‌කයට වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනය ඉතා සීඝ්‍රයෙන් වසරින් වසර පහත වැටීම නිසා කිළිනොච්චියේ ජල උල්පත් සිදී ගොස් මෙවැනි උග්‍ර ජල හිඟයකට එම පළාතේ වැසියන් මුහුණ පා සිටින බව ගොවි සංවිධාන නියෝජිතයන් කළ සොයා බැලීමකදී හෙළිදරව් වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...