පෞද්ගලික බැංකුවක (මා හිතන විදිහට) දෙහිවල ශාඛාවේ ඇති වුණා යැයි කියන සිද්ධිය කතා කිරීමට තරම්වත් වටින එකක් නොවෙයි. මා මෙය ලියන්නේ පඬි නැට්ටන්ගේ හා වෙනත් අයගේ බුර බුරා නැගෙන සිංහල බෞද්ධ විරෝධය ගැන යමක් කීමටයි. ජාතිකත්වය තහවුරු වීම හමුවේ සකර්බර්ග්ට හා ජ වි පෙ අවලාදවලට සීමා වී ඇති සිංහල බෞද්ධ විරෝධීන් ගේ ඇඟ පුරා වසාගෙන ඇති වෛරය පෙන්වීමටයි. අපේ කතාවක් තියෙනවා වවුලගෙ ගෙදර ගියොත් ඒ විධියට ඉන්න ඕනය කියා. අපේ ගෙදරට හිසේ සිට පතුල දක්වා පොරවගෙන කවුරු හරි ආවොත් මා ගෙට ඇතුල් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ. මට අඩු තරමෙන් යම් ප්‍රමාණයකට හරි අමුත්තාගේ අනන්‍යතාව දැන ගැනීමේ අයිතිය තියෙනවා.
අර කී බැංකුව කර ඇත්තේ එයයි. අනන්‍යතාව දැන ගන්න අවශ්‍ය වන්නේ මුදල් මාරුකරන විට හරි එවැනි ගණුදෙනුවල දී හරි පමණක් නො වෙයි. ගෙට ඇතුල් වෙන විට ම අනන්‍යතාව (යම් පමණකින් හරි) දැන ගැනීමේ අයිතිය ගෙහිමියාට තියෙනවා. සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටන්ට මේ සිද්ධිය ඊනියා මානව අයිතිවාසිකම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
මා දන්නා තරමින් දැනට කිසිම රටක සම්පූර්ණ නිරුවතින් ප්‍රසිද්ධියේ ඉන්න දෙන්නෙ නැහැ. එයත් මානව අයිතිවාසිකම් කැඩීමක් ද? පඬි නැට්ටන්ට නරක ද සම්පූර්ණ නිරුවතින් උද්ඝෝෂණයක් කළා නම්, නිරුවත් ව සිටීමේ නිදහස වෙනුවෙන්. එක අතකට අවශ්‍යත් නැහැ. ඔවුන් ඉන්නේ සම්පූර්ණ නිරුවතින් බව ඔවුන් ලියන කියන දෙයින් පැහැදිලි වෙනවා.
සම්පූර්ණ නිරුවත මෙන්ම සම්පූර්ණ ඇඟ වසා ගැනීම ද ප්‍රශ්නයක්. සම්පූර්ණයෙන් ඇඟ වසා ගැනීම ආගමික එකක් ද නැද්ද යන්න ගැන ඉස්ලාම් බැතිමතුන් අතර ම විවාදයක් තියෙනවා. පඬි නැට්ටන් හිතනවා ඇති තමන් නිරාගමික නිසා ප්‍රශ්නයක් නැත කියා. යමකු නිඝන්ඨයකු වී නිරුවතින් පාරෙ යෑමට තම නව ආගමේ නාමයෙන් කටයුතු කළහොත් රජය කරන්නේ කුමක් ද? ආගමික නිදහස වෙනුවෙන් ඉඩ දෙනවා ද? එවැනි තත්ත්වයක් ඉන්දියාවේ ඇති වී තිබෙනවා ද කියා මා දන්නේ නැහැ. මහාවීරගේ කාලයේ දඹදිව එහෙම යන්න පුළුවන්කම තියෙන්න ඇති. ඒත් අද තත්ත්වය මා හරියට ම දන්නේ නැහැ.
ආගමික නිදහස සහ රාජ්‍යය අතර ගැටීම් ඇති වෙනවා. රාජ්‍යය අදාළ ආගමික සංස්කෘතියේ නොමැති විටයි බොහෝ විට ප්‍රශ්න ඇති වන්නේ. ලංකාවේ වැඩියෙන් ම ආගමික නිදහස භුක්ති විඳින්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානින් හා මෙතෝදිස්ත භක්තිකයන් හා නිරාගමිකයන්. නිරාගමික කියන්නෙත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් ම බිහි වූ ආගමක්. එහි දෙවියන් වහන්සේ වෙනුවට තර්කය තියෙනවා. ඒ දෙක ම පදනම් වන්නේ විශ්වාසය මත.
මෙරට රාජ්‍යය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. සිංහල බෞද්ධයන් 1817 සිට ම තම නිදහස වෙනුවෙන් සටන් කරනවා. එහෙත් අවුරුදු දෙසීයකට පසුවත් ඒ නිදහස ලැබිල නැහැ. මෙරට අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි. අධිකරණ නායක හාමුදුරුවරුනුත් අලුත්කඩේ වඩින්න ඕන. ඉංගිරිසි රාජ්‍යය බුදුදහම රැකීමට හා පෝෂණය කිරීමට 1815 ගිවිසුමෙන් වූ පොරොන්දුව 1840න් පසුව කැඩුවා. එයට විරුද්ධ ව සිංහල බෞද්ධයන් නැගී හිටියා. 1848 දී ඉංගිරිසින් භික්‍ෂූන් වහන්සේට සිවුරේ සිටියෙ දී ම වෙඩි තිබ්බා. පසු කලෙක ජනතා විමුක්ති පෙරමුණත් කොටි සංවිධානයත් දේශපාලනිකව ඒ ක්‍රියාව කළා. හඳුන්නෙත්ති තමන් හාමුදුරුවරුන් වගේ යැයි කියන විට ටොරිංග්ටන් ද හාමුදුරුවන් වගේ වෙන්න ඇතැයි හිතනවා. කොහොමත් ටොරිංග්ටන් හාමුදුරුවන්ට වෙඩි තිබ්බා පමණක් නොව අපේ මුදලින් ජීවත් වුණා.
ඇතැම් බටහිර රටවල් මුස්ලිමුන්ට කියන්නේ තමන්ගේ රටේ මෙන් ඉන්න බැරි නම් ආපසු යන්න කියා. ප්‍රංශ විප්ලවය ඇති වූ ප්‍රංශයත් මුස්ලිමුන්ට කිව්වේ එයයි. ඒ බැංකුවකට ඇතුල් වීම සම්බන්ධයෙන් පමණක් නො වෙයි. රටට ම ඇතුල් වීම සම්බන්ධයෙන්. බටහිර රටවල විවිධ ක්‍රිස්තියානි සංස්කෘතික ප්‍රභේද හා මුස්ලිමුන් අතර ගැටුම් තියෙනවා. ඒ ලංකාවේ හරි මියන්මාරයේ හරි වගේ නො වෙයි. ඊට වඩා බරපතළයි. පඬි නැට්ටන්ට ඒ කිසිවක් පෙනෙන්නේ නැහැ. ඒ හීනමානය පෙරදැරි කරගත් බෞද්ධ විරෝධය නිසා.
අපේ රටේත් මුස්ලිම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඉංගිරිසින් පැමිණීමෙන් පසුව ඇති කළ එකක්. මේ බටහිර ක්‍රිස්තියානි රාජ්‍යයක් බෙදා පාලනය කිරීම නිසා ඇති කළ එකක්. එයට පෙර සිංහල බෞද්ධ රාජ්‍යයක එවැනි ප්‍රශ්න තිබුණේ නැහැ. කතෝලික පෘතුගීසීන්ගෙන් මුස්ලිමුන් ආරක්‍ෂා කෙළේත් සිංහල බෞද්ධ රජවරු.
සිංහල බෞද්ධයනට එරෙහිව දෙමළ වෙල්ලාලයන් පමණක් නොව මුස්ලිමුන් ද යොදා ගනු ලැබුයේ ඉංගිරිසින් විසින්. 1815 ගිවිසුමට පටහැනි ව ඉංගිරිසින් හජ්ජි මරික්කාර් නමැත්තකු වෙල්ලස්සේ මඩිගෙ මුහන්දරම් ලෙස පත් කළා. එදා සිට අද දක්වා 1915 ද (ගම්පොළ උසි ගැන්වීම) 2015 ද (මහින්ද රාජපක්‍ෂ පැරදවීමට මුස්ලිමුන් යොදා ගැනීම) තවත් සිද්ධීන් හරහා ද ඉංගිරිසින් සිංහලයන්ට විරුද්ධ ව මුස්ලිමුන් යොදා ගන්නවා.
අද අනෙක් පැත්තට මුස්ලිමුන්ට විරුද්ධ ව, මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සඳහා නොව හුදෙක් උසිගන්වා ප්‍රශ්න ඇති කිරීම සඳහා සිංහල බෞද්ධයන් යොදා ගැනීමක් ද දකින්න පුළුවන්. එය පිටුපස ඇත්තේ නෝර්වේ. මියන්මාරයේත් නෝර්වේ වැඩ කරනවා. නෝර්වේ වියදම් කරන්නේ තම මුදල් ද නැත්නම් වෙනත් රටක මුදල් ද කියන එක පැහැදිලි නැහැ. අප මුස්ලිම් අන්තවාදය පරාජය කළ යුතුයි. එහෙත් ඒ නෝර්වේ උගුලේ නොවැටී. අපේ බුද්ධි අංශ ජාත්‍යන්තරවත් වැඩ කරන්න ඕන. එය වියදම් වැඩි කාර්යයක් වුවත් රටේ ආරක්‍ෂාව වෙනුවෙන් ඒ කළ යුතුයි. බොහෝ රටවල් තානාපති කාර්යාල පවත්වා ගෙන යන්නේ ද්විපාර්ෂික වෙළෙඳාම, සංචාරකයන් හා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වෙනුවෙන් පමණක් නො වෙයි.
මුස්ලිම් අන්තවාදය පිටුපස ක්‍රිස්තියානි විරෝධත්වයක් තියෙනවා. මා කලින් කියා ඇති පරිදි අද බටහිර ක්‍රිස්තියානි, මුස්ලිම් හා චීන සභ්‍යත්ව අතර ගැටුමක් තියෙනවා. එහෙත් අප වැනි රටවල දී එයට අමතර ව වෙනත් ගණුදෙනු ද සිදුවෙනවා. දෙමළ වෙල්ලාල ජාතිවාදය පිටුපස ප්‍රධාන වශයෙන් ම හිටියේ හා ඉන්නෙ එංගලන්තය. බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය මුස්ලිම් අන්තවාදය ද බෞද්ධයනට එරෙහි ව යොදා ගන්නවා. අපට නෝර්වේ සමග එකතු වී මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න බැහැ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...