ඉදිරි මහමැතිවරණය සඳහා තවදුරටත් ඇත්තේ දින 24 ක කාලයක් පමණි. එම පසුබිම තුළ දිනෙන් දින උණුසුම් වන මැතිවරණ වේදිකාවේදී ගී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වෙත එල්ල වන චෝදනා යෝජනා මෙන්ම විරුද්ධ පාර්ශ්වයට මැතිවරණය ජයග්‍රහණය කිරීම සම්බනධයෙන් ඇති අපේක්ෂාවන් පිළිබඳව ද අප ගී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ කොළඹ දිස්ති‍්‍රක්කයට තරග කරන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙන් විමසා සිටියෙමු. ඒ සම්බන්ධයෙන් ගම්මන්පිල මහතාගේ ස්ථාවරය මෙසේය.
සජිත් පිල රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉවත් වූයේ ඔහුට ඡන්ද දිනන්න බෑ කියන චෝදනාව කරමින්. දැන් සජිත් පිලට ඡන්ද දිනන්න පුළුවන් වේවිද?
පසුගිය ජනපතිවරණයට ඉදිරිපත් වුණේ සජිත් මිස රනිල් නොවේ. නමුත් 2005 දී රනිල් 48%ක් ගත්තත් සජිත්ට පුළුවන් වුණේ යාන්තම් 42% යි. ඒ ගත්තෙත් එජාපය සහ දෙමළ සංධානයේ සහයෝගයෙන්. මේ මැතිවරණයේ දී ඒ අයගේ සහයත් නැති නිසා ජයග්‍රහණය කෙසේ වෙතත් 30% ක් ඡන්ද ගත්තොත් ලොකු දෙයක්. ඒ වගේම එජාපය පරාජිත මොහොතක එජාප නායකයා සහ නියෝජ්‍ය නායකයා දෙකට බෙදිලා දබර කිරීම පිළිබඳ පාක්ෂිකයාට ඇත්තේ දැවැන්ත කලකිරීමක්. ඒ නිසා විශාල පිරිසක් දෙපැත්තම එපා කියා ඡන්දපළට නොයන්න තීරණය කරලා තිබෙනවා. තවත් පිරිසක් අපිට එකතු වෙලා තිබෙනවා. මේ උදාවී තිබෙන්නේ රනිල් – සජිත් දෙපිලේම අවසානයේ ආරම්භයයි.
දෙමළ බෙදුම්වාදයට සහය දක්වන බවට ඔබ එජාප නායකයාව පතුරු ගැහුව්වා. බෙදුම්වාදය පිළිබඳ ස්ථාවරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ සජිත් පේ‍්‍රමදාස මැතිතුමා අතර ඔබ දකින වෙනස්කම් මොනවාද?
රනිල් ටයිකෝට් ඇඳලා කියන දේමයි සජිත් රෙද්ද බැනියම ඇඳලා කියන්නේ. දෙන්නාගේ ප්රතිපත්තිවල කිසිම වෙනසක් නෑ. අපි මුලින් සිතාගෙන සිටියේ රිෂාඞ් බදියුදීන් වගේ අන්තවාදීන් සහ එම්. ඒ. සුමන්තිරන් වගේ බෙදුම්වාදීන් සිටින්නේ රනිල් සමගයි කියලා. නමුත් රනිල් – සජිත් දෙපිල බෙදීමේ දී බෙදුම්වාදීන් සහ අන්තවාදීන් එකතු වුණේ සජිත් සමගයි. ඒ කියන්නේ බෙදුම්වාදීන් සහ අන්තවාදීන් ඇත්තටම ඉඳලා තිබෙන්නේ සජිත් සමගයි. ඒ වගේම සජිත්ගේ සදාදරණීය පියාණෝ විරුද්ධ වුණු 13 සංශෝධනය ආරක්ෂා කරන්න සජිත් යාපනයේ දී පොරොන්දු වුණා. පළාත් ඒකාබද්ධ කිරීමට විධිවිධාන තිබෙන පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවන්ට ලැබෙන 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළොත් අපේ රට නවයට කැඩෙන එක කාටවත්ම නවත්වන්න බෑ. එහෙම බලන විට සජිත් කියන්නේ රනිල්ටත් වඩා භයානක බෙදුම්වාදියෙක්.
ඉතින් ඔබ කියන ඔය බෙදුම්වාදීන් එක්කනෙ ජාතික හෙළ උරුමයත් ඉන්නේ?
ජාතික හෙළ උරුමය, සිංහල ජාතික ව්‍යාපාරය අත්හැර බෙදුම්වාදීන් සමග එකතු වුණේ 2014 දී. ඔවුන්ගේ පාවාදීමෙන් ජාතික ව්‍යාපාරයට හිසක් නැති වුණා. අපි පිවිතුරු හෙළ උරුමය බිහි කළේ ඒ අඩුව පුරවන්නයි. ජාතික හෙළ උරුමය කියන්නේ ජාතික ව්‍යාපාරයේ අතීතයයි. පිවිතුරු හෙළ උරුමය කියන්නේ ජාතික ව්‍යාපාරයේ අනාගතයටයි.
පසුගිය ආණ්ඩුව මහ බැංකුව කොල්ල කෑ බව කියමින් බලයට පැමිණි ගෝඨාභය ආණ්ඩුව අද ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකරන බවට ජනතාව චෝදනා කරනවා.
ලංකා ඉතිහාසයේ සිදුවුණු දැවැන්තම වංචාව මහ බැංකු බැඳුම්කර වංචාවයි. ඒ පිළිබඳව අද අධිකරණය ඉදිරියේ නඩුවක් තිබෙනවා. නඩු ගොනු කිරීමෙන් පසු එය අධිකරණයේ කටයුත්තක් මිස ආණ්ඩුවේ කටයුත්තක් නොවේ. ඒ නිසා එහි ප්‍රගතිය ආණ්ඩුවෙන් අහලා වැඩක් නෑ. එහි ප්‍රධාන සැකකරු වන අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා නඩුව අඩපණ වී තිබෙනවා. එයාට රටින් පැනලා යන්න ඉඩ දුන්නු රනිල්ලා, සජිත්ලා කෝ අර්ජුන්ව ඇල්ලූවා ද කියා අපෙන් අහනවා. එදා නිදහසේ සිංගප්පූරුවේ සැරිසැරූ අර්ජුන් දැන් නමත් වෙනස් කරලා. සමහර විට පෙනුමත් වෙනස් කරලා ඇති. පසුගිය ආණ්ඩුවට නොතිබුණු බයක් අපට තිබෙන නිසානෙ මෙහෙම වෙස් මාරු කරන්නේ.
ජනාධිපතිතුමාගේ රුව මැතිවරණ කටයුතු සඳහා යොදා නොගන්නා ලෙස ප්‍රකාශ කළත් ඔබත් ඔහුගේ රුව යොදාගෙන තිබෙනවා අපි දැක්කා. එතුමාගේ ඉල්ලීමට ඔබ එකඟ නැද්ද?
තමන්ගේ රුව භාවිතා කරන්න එපා කියා ඉල්ලීමට එතුමාට සම්පූර්ණ අයිතිය තිබෙනවා. සමහරුන් එතුමාගේ රුව භාවිතා කළත් මගේ කිසිම ප්රචාරක දැන්වීමක හෝ පත්‍රිකාවක එතුමාගේ රුව භාවිතා කර නෑ. මට කවුරු හරි ඡන්දය දෙන්න ඕනෑ මම කියපු කරපු දේවල් බලා මිස එතුමාගේ රුව දැකලා නොවේ. ඒත් පසුගිය 9 දා එතුමා මට සහය දෙන්න රැස්වීමකට සහභාගි වුණා. ඒකේ ප්‍රධාන අමුත්තා ජනපතිතුමා. සියලූම අපේක්ෂකයන් වගේම මමත් ඒ රැස්වීම පිළිබඳ සමාජ මාධ්‍ය දැන්වීම්වල එතුමාගේ රුව භාවිතා කළා. එතුමා සහභාගි වන රැස්වීම පිළිබඳ දැන්වීමට එතුමාගේ රුව භාවිතා නොකිරීම හරියට මනමාලි නැතුව ම`ගුල් ගෙයක් ගන්නවා වගේ වැඩක්. ඒ වගේම මා කළ දේවල් දැක්වෙන ඡායාරූපවල මා සමග එතුමා ඉන්න අවස්ථා තිබෙනවා. එවැනි ඡායාරූපත් මැතිවරණ ව්‍යාපාරයට පාවිච්චි කරන්න මට සිදුවෙලා තිබෙනවා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට ලබාදීමට පසුගිය ආණ්ඩුව ගත් පියවර එකවර අහෝසි කිරීමට කටයුතු කළොත් රාජ්‍ය තාන්ත්‍රික ගැටලූ මතුවිය හැකි බව දැන් ආණ්ඩුව කියනවා. නමුත් විපක්ෂයේ සිටිය දී එසේ නොකිව්වේ ඇයි?
මේක වැරදි චෝදනාවක්. අපි විපක්ෂයේ සිටින කාලයේ ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව අතර 2018 දී ඇති වුණු නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගිවිසුම කවදාවත් රටේ මාතෘකාවක් වුණේ නෑ. ඒ නිසා අපි විපක්ෂයේ සිටියදී වෙනත් මතයක් දැරුවා යැයි කාටවත් කියන්න බෑ. විපක්ෂයේ සිටින කාලයේ අපි දරපු වෙනස් මතය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන්න කියා මම අභියෝග කරනවා. රටවල් තුනක් එකතු වී ගිවිසුමක් අත්සන් කළාට පස්සේ එක් රටකට පමණක් ඒ ගිවිසුමෙන් ඉවත් වෙන්න බෑ. ඒකට අනිත් රටවල් දෙකේ කැමැත්ත ඕනි. ජාත්‍යන්තර ගිවිසුම්වලදී අපිට හිතුමතයට ඉවත් වෙන්න බෑ.
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සහ හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම වැනි කථිකාවත්වල දී අපි ඔය කාරණය මතු කර තිබෙනවා.
එම්.සී.සී. ගිවිසුම පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය මැතිවරණයට පෙර කියන්න කියා විපක්ෂය අභියෝග කරනවා. ඔබ ඒ අභියෝගය භාර ගන්නවා ද?
එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අපේ ස්ථාවරය හැමදාමත් එකයි. විපක්ෂයේ සිටිය දී කියූ දේම තමයි අපි අදත් කියන්නේ. ඒ ගිවිසුම රටට හානිකර බැවින් අත්සන් නොකළ යුතුයි. අපේ ස්ථාවරය වෙනස් නොවුණත් ලංකාණ්ඩුවේ ස්ථාවරය වෙනස් කළ යුතුව තිබෙනවා. එජාප පාලන සමයේ දී එම්.සී.සී. ගිවිසුමේ මූලික කටයුතු සඳහා ගිවිසුම් දෙකක් අත්සන් කර ඩොලර් මිලියන 10ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ජනපතිවරණය අවසන් වූ වහාම ගිවිසුම අත්සන් කරන බවට හිටපු අගමැති ප්‍රසිද්ධියේ පොරොන්දු වුණා. ඒ පොරොන්දුවෙන් බැඳුනේ ලංකාණ්ඩුව මිස එජාපය නොවේ. දැන් වත්මන් ජනාධිපතිවරයා යටතේ ලංකාණ්ඩුවේ නිල මතය වෙනස් කළ යුතුව තිබෙනවා. ඒ නිසා තමයි ඇමැති මණ්ඩලය විසින් මහචාර්ය ලලිතසිරි ගුණරුවන් යටතේ කමිටුවක් පත් කළේ.
ඒ කමිටුව විසින් අපේ මතය තහවුරු කරමින් එම්.සී.සී. ගිවිසුම ආර්ථික, ආරක්ෂක, සමාජීය සහ දේශපාලන ගැටලූ මතු කරන බවත් එය රටේ නීති වලට පටහැනි බවත් සඳහන් කර තිබෙනවා. දැන් මීළඟට මුදල් අමාත්‍යාංශය සිය නිරීක්ෂණ සමග කමිටු වාර්තාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුයි. මැතිවරණයට පෙර ඇමැති මණ්ඩලය තීන්දුවක් ගත යුතුයි කියන ස්ථාවරයේ මමත් ඉන්නවා.
ආර්ථිකය කඩා වැටිලා එය න`ගාසිටුවිය හැක්කේ එජාපයට පමණයි කියා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියනවා. ඒ කතාව ඇත්තක් ද?
ඒක තමයි මේ වසරේ ලොකුම විහිළුව. දැන් රනිල් මැතිතුමාත් සජිත් මැතිතුමා වගේම විහිළු සපයන්න පටන් අරන්. එතුමාලා පාලනය කළ 2015-2019 වසර පහටම ඒක පුද්ගල ආදායම වර්ධනය වුණේ ඩොලර් 53 යි. ඒකේ ප්‍රතිඵලයක් ලෙස ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක සිට පහළ මැදි ආදායම් රටක් දක්වා ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත දමා තිබෙනවා. ඒ ඉරණමට සමස්ත ලෝකයෙන්ම ගොදුරු වුණේ සුඩානය, ඇල්ජීරියාව සහ ලංකාව පමණයි. 2019 වසරේ දී ලංකාව ආර්ථික වර්ධන වේගයෙන් ආසියාවේ දිළිඳුම රටක් වන ඇෆ්ගනිස්ථානයටත් වඩා පල්ලම් බැස්සා. ඒ අය ආර්ථිකය හදනවා කියන්නේ කපුටන් කූඩු හදනවා වගේ වැඩක්.
ඇත්තටම ආණ්ඩුවට ආර්ථිකය න`ගාසිටුවීමට පුළුවන් ද?
කොරෝනා වසංගතය හේතුවෙන් සමස්ත ලෝක ආර්ථිකය කඩා වැටී තිබෙනවා. පසුගිය ආණ්ඩුවේ දුර්වල ආර්ථික කළමනාකරණය සහ පාස්කු ප්‍රහාරය නිසා ලංකාවේ ආර්ථිකය මරණාසන්න තත්ත්වයකයි තිබුණේ. ඒ අතරේ කොරෝනා වසංගතය පැමිණීමෙන් තත්ත්වය තවත් නරක අතට හැරුණා. නමුත් කොරෝනා තුළ අපි නැවුම් අවස්ථාවන් දකිනවා. තවත් දිගු කාලයක් කොරෝනා වසංගතය පවතීවි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරනවා. එබැවින් මුහුණු වැසුම් කෝටි 500 ක් සඳහා දෛනික ඉල්ලූමක් ලෝක වෙළෙඳපොළේ තිබෙනවා. ඉහළ ප්‍රමිතියේ ඇඟලූම් නිෂ්පාදනය පිළිබඳ ලංකාවට ලෝක කීර්තියක් තිබෙනවා. එබැවින් ඒ නව වෙළෙඳපොළ දිනාගැනීමට ලංකාවට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ලෝකයේ හොඳම ස්වභාවික රබර් නිපදවන රට හැටියට කොරෝනා නිසා ප්‍රසාරණය වුණු අත්වැසුම් වෙළෙඳපොළ ද අපට දිනා ගත හැකියි.
ආසියාවේ හරි මැද ලංකාව පිහිටීම නිසා ආසියාවේ ගුවන්, නාවික සහ වාණිජ කේන්ද්‍රය විය යුත්තේ ලංකාවයි. නමුත් ලංකාව ඒ අවස්ථාව නිසි ලෙස ප්‍රයෝජනයට නොගත් නිසා ලංකාව දෙපැත්තෙන් සිංගප්පූරුව සහ ඩුබායි කියා විකල්ප කේන්ද්‍ර දෙකක් මතු වුණා. ඒ රටවල් දෙකම දැඩි ලෙස කොරෝනා වසංගතයට ගොදුරු වී තිබෙනවා. ඒ නිසා ලංකාවට නැවතත් ආසියානු කේන්ද්‍රය ලෙස මතුවෙන්න අවස්ථාවක් තිබෙනවා.
කොරෝනා වසංගතයෙන් පසු ඇමෙරිකානු යුරෝපීය සහ ජපාන සමාගම් විශාල ගණනක් චීනයෙන් පිටවීමට තීරණය කර තිබෙනවා. ලංකාවේ පිහිටීම, විශිෂ්ඨ නීති පද්ධතිය, ඉංග්‍රීසි කතා කරන උගත් පුහුණු ශ්‍රම බළකාය, ඉහළම ප්‍රමිතියේ සෞඛ්‍ය සේවය සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් හරහා ඉන්දියානු, පකිස්තාන සහ බංගලිදේශ වෙළෙඳපොළට ඇතුළුවීමේ හැකියාව යන කරුණු මත ඒ ආයෝජකයන් ලංකාවට ආර්කෂණය කර ගන්න හැකියාව තිබෙනවා. ඒ නිසා මම නම් අඳුරු වළාවන් මැද රිදී රේඛාවන් දකිනවා.
පිවිතුරු හෙළ උරුමය අපේක්ෂකයන් කීදෙනෙකු ඉදිරිපත් කර තිබෙනවාද? ඒ අයගේ ජයග්‍රහණය පිළිබඳ ඔබේ තක්සේරුව කුමක්ද?
මම කොළඹින් ඡන්දය ඉල්ලන අතරේ මධුමාධව අරවින්ද ගම්පහෙන් සහ යසපාල කෝරලගේ කළුතරින් ඡන්දය ඉල්ලනවා. උපුල් විජේසේකර සහ ධම්මික රත්මලේ ජාතික ලැයිස්තු අපේක්ෂකයින් ලෙස සිටිනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අගමැති සහ ජනපති තනතුරුවලට ගේන්න පිවිතුරු හෙළ උරුමය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළා. ඒ වගේම මහ සඟරුවන, රණවිරුවන්, අපේ සංස්කෘතික උරුමයන් සහ ජාතික සම්පත් රැකගන්න දැවැන්ත අරගලයක් කළා. ඒ සටනේ සෙන්පතියන්ට ජනතාව කළගුණ සලකාවි කියා මම විශ්වාස කරනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...