පුරවැසි කොලම

රිටි­ගල පුරා විද්‍යා­ත්මක හා වාස්තු විද්‍යා­ත්මක ඓති­හා­සික නට­බුන් භූමි­යකි. මුහුදු මට්‌ටමේ සිට මීටර් 766 ක උසින් රිටි­ගල කන්ද පිහිටා ඇති අතර අක්කර 7 200 ක පමණ භූමි­ය­කින් යුත් මෙම වන පෙදෙස හබ­රණ – අනු­රා­ධ­පුර මාර්ගයේ ගල­පි­ටි­ගල හා ගනේ­ව­ල්පොල අතර ප්‍රදේ­ශයේ පැතිර ඇත. රිටි­ගල, ඖෂධ කන්ද – කොඩි­ගල කන්ද – උණ කන්ද – ආඬියා කන්ද – පළ­තුරු කන්ද – අම­රා­පති කන්ද – උල්පත් කන්ද යන පරි­වාර කඳු හතක් වට කර­ගෙන පිහිටි ස්‌වභාව ධර්මයේ අපූ­ර්ව­තම නිර්මා­ණ­යකි. ‍රජරට පිහිටි උසම කන්ද ලෙස ද රිටි­ගල හඳු­න්වනු ලබන අතර අනු­රා­ධ­පු­රය, දඹුල්ල හා සීගි­රිය රිටි­ග­ලට ආස­න්නව පිහිටා ඇත.

මහා­වං­ශය හා වෙනත් වංශ­ක­තා­වන් හි සඳ­හන් අරි­ට්ඨ­ගාම, අරිට්ඨ පබ්බත යනු රිටි­ග­ලම බව පැහැ­දිලි වේ. ඒ අනුව අරිට්ඨ පබ්බත යනු­වෙන් හැඳින්වූ මෙම භූමිය රිටි­ගල ලෙස හැඳි­න්වී­මට හේතු ගණ­නා­වක් ඇති අතර සෙල්ලිපි මඟින් තව දුර­ටත් එය තහ­වුරු වේ. 11 වැනි සිය­ව­සට පෙර සිටම රිටි­ගල, ආර­ණ්‍ය­වාසී භික්‍ෂූන් වාසය කළ සේනා­සන සංකී­ර්ණ­යකි. චෝල ආක්‍ර­මණ හේතු­වෙන් මෙම ආරණ්‍ය සේනා­ස­නය කිසි­වෙ­කුගේ අව­ධා­නට ලක් නොවී වල් බිහි වන්නට විය.

රිටි­ගල නාඋ­ල්පත කොටසේ ගිරි­ලිපි අතර “අරිටෙ“ යනු­වෙන් හා වේවැ­ල්තැන්නේ “අරිට මහ­ගම“ යනු­වෙන් සඳ­හන්ව ඇත. රිටි­ගල යනු වචන දෙක­කින් යුත් පද­යකි. එනම් රිටි+ගල යන්නය. පාලි භාෂා­වෙන් රිටි යන්න අරිට්ඨ ලෙස අර්ථ දැක්වේ. ගිරි හෝ පබ්බත ලෙස ගල හැඳින්වේ. අභි­ලේ­ඛඥ ඩී.එම්.ද. ඉසෙඩ් වික්‍ර­ම­සිංහ විසින් රිටි­ගල යන්නෙහි නිරුක්ති කිහි­ප­යක් පරීක්ෂා කරන ලද අතර ඒ සෑම නිර්ව­ච­න­ය­කින් ම කන්දේ සුවි­ශේෂි ලක්ෂණ නිරූ­ප­ණය කොට ඇත.

එසේම රිටි­ගල සම්බ­න්ධව ඇති විවිධ මත අතර මහා අරිට්ඨ මෙහි වාසය කළ නිසා ඒ නම පට බැඳුණු බවත් අරිට්ඨ ශබ්දයේ කාල පාෂාණ (කළු ගල්) යන්න අද­හස් වෙන බැවින් කළු­ගල් පර්ව­තය යන අද­හ­සින් අරිට්ඨ පබ්බත වූ යැයි ද සඳ­හන්ය. තවත් මත­යක් ලෙස ‘රිටි’ යනු පාලි ‘අරිට්ඨ’ යන්නෙන් ‘ආර­ක්ෂාව’ යන අරුත් ඇති පද­යක් වන බැවින් රිටි­ගල යනු ආර­ක්ෂක පර්ව­ත­යකි.

ලංකාවේ පළමු පුරා­විද්‍යා කොම­සා­රිස් වූ එච්.සී.පී බෙල් සඳ­හන් කරන්නේ ආර්ය ලක්දිව යක්ෂ “අරිට්ඨ“ යනු ආර­ක්ෂීත ගල යන්නය. රජ­ව­රුන්ට මෙන් ම හොරුන්ට ද ආර­ක්ෂිත ස්ථාන­යක් ලෙස රිටි­ගල පැවති බව චූල­වං­ශයේ ද සඳ­හන්වේ.එච්.සී.පී බෙල්, රිටි­ගල කන්දේ කරන ලද ගවේ­ෂණ පද­නම් කර­ගෙන එහි ලෙන් හා ශිලා ලිපි හඳු­නා­ගෙන ඇත.

දිග රිට යන අර්ථ­ය­යෙන් ද රිටි­ගල හැඳින්වේ. එසේ ම රිටි­ගල දක්නට ඇති ‘රිටි’ නැමති ගස් වර්ගය නිසා මෙම පර්ව­තය රිටි­ගල නමින් හඳු­න්ව­න්නට ඇත යන්න තවත් මත­යකි. මහා­නාම හිමි විසින් මහා­වං­ශයේ රිටි (අරිට්ඨ) භයා­නක යන්න හැඟ­වී­මට යොද­න්නට ඇති බව ද විශ්වාස කෙරෙයි.

1872 දී රජයේ මිනි­න්දෝ­රු­වකු වූ ජේම්ස් මැන්ටෙල් විසින් සිදු කරන ලද ගවේ­ෂණ හේතු­කොට ගෙන වන­ග­තව පැවති රිටි­ගල ලෝක ප්‍රජා­වගේ අව­ධා­න­යට යොමු විය. කඳු මුදු­නෙහි ත්‍රිකෝ­ණ­මි­තික ස්ථාන­යක් ඔහු විසින් පිහි­ට­වනු ලද අතර රිටි­ගල නට­බුන් ඇසු­රින් සකස් කරන ලද වාර්තාව එම වර්ෂයේ දී ප්‍රකා­ශ­යට පත්විය. එය ප්‍රථම වරට රිටි­ගල නට­බුන් සම්බන්ධ වූ වාර්තා­වයි. ඊට පසුව ජේම්ස් මැන්ටෙල් ගේ සොහො­යුරු වූ ඩී.ජී. මැන්ටෙල් විසින් 1878 දී රිටි­ගල චාරි­කා­වක නිර­තව වාර්තා­වක් සැකසී ය. 1892 දී ජේ.බී.එන්. රිඩ­වුඩ් නම් රජයේ මිනි­න්දෝරු විසින් රාජ­කීය ආසි­යා­තික සමි­තියේ සඟ­රා­වට රිටි­ගල නට­බුන් පිළි­බඳ ව සවි­ස්තර සට­හ­නක් පළ කරනු ලැබීය.

රිටි­ගල පිහිටි වෘක්ෂ­ලතා පරීක්ෂා කොට ඒවායේ එක­තු­වක් ගොඩ නැගූ ප්‍රථම උද්භිද විද්‍යා­ඥයා වූයේ Ceylon Handbook to the Flora of Ceylon නැමැති ග්‍රන්ථයේ කතු­වර හෙන්රි ට්‍රීමන් ය. 1887 දී කීට විද්‍යා­ඥ­යෙක් වූ ඒ.පී. ග්‍රීන් එක්ව රිටි­ගල නරඹා ඊට අදා­ළව සකස් කළ ලිපිය රාජ­කීය ආසි­යා­තික සංග­මයේ ලංකා ශාඛා සඟ­රාවේ පළ­විය.

හෙන්රි ට්‍රීමන් පව­සන පරිදි පහත් තෙත් බිම්වල පිහිටි උස් කලා­ප­වල වෘක්ෂ­ලතා අනෙක් කඳු­කර ප්‍රදේශ වලට වඩා වෙනස් ය. රිටි­ගල කාල­ගු­ණය සෞම්‍ය බවින් යුතු අතර ඒ වටා ඇති වියළි කලා­පීය ප්‍රදේ­ශ­යට වඩා අධික වර්ෂා­වක් ඊසාන දිග මෝසම් සුළ­ඟින් ලැබේ. එමෙන් ම විශේ­ෂ­යෙන් නිරිත දිග මෝසම් කාලයේ දී සිදු­වන අධික වාෂ්ප ඝණී­භ­ව­නය වීම හේතු­වෙන් පහළ තැන්නේ නියං තත්ත්ව­යක් ඇති වුව ද රිටි­ගල කන්දේ පස තෙත­ම­න­යෙන් යුක්තය. 1922 දි රිටි­ගල වෘක්ෂ­ලතා පිළි­බඳ අධ්‍ය­ය­නය කළ උද්භිද විද්‍යාඥ ජේ.සී.විලීස් විසින් Age and Area කෘති­යෙන් වෘක්ෂ­ල­තා­වන්ගේ භූගෝ­ලීය ව්‍යාප්තිය පිළි­බ­ඳව න්‍යායක් ඉදි­රි­පත් කරන ලදී. ලංකා­වට ම ආවේ­ණීක උද්භිද වර්ග 3 ක් රිටි­ගල කඳු මුඳුනේ ඇති බව ඔහු සඳ­හන් කර ඇත.

එමෙන් ම 1933 දී ආර්. එල්. බ්‍රෝහි­යර් විසින් සම්පා­දිත ශ්‍රී ලංකාවේ අතීත වාරි ශිල්පය නමැති ග්‍රන්ථ­යෙන් රිටි­ගල පිහිටි වාරි පද්ධ­තිය ඉතා සුවි­ශේෂි නිර්මා­ණ­යක් බව පෙන්වා දී ඇත. 1941.11.07 දින අංක 8809 දරණ රජයේ ගැස­ට්‌ ­නි­වේ­ද­නය නිකුත් කර­මින් රිටි­ගල කන්දේ වර්ග කිලෝ­මී­ටර් 5.28 ක්‌ වූ භූමි ප්‍රදේ­ශය දැඩි ආර­ක්‍ෂිත කලා­ප­ය­ක්‌ ­බ­වට එව­කට සිටි පුරා­විද්‍යා කොම­සා­රි­ස්‌ ­ආ­චාර්ය රාජා ද සිල්වා මහතා ප්‍රකා­ශ­යට පත් කරන ලදී. 1960 දි ඔහුගේ මූලි­ක­ත්වය යටතේ රිටි­ගල පුරා­වි­ද්‍යා­ත්මක කට­යුතු ආරම්භ කරන ලද අතර 1980 දී පිහි­ටු­වන ලද සංස්කෘ­තික ත්‍රිකෝ­ණය (මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල) ආරම්භ වීමත් සමඟ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව එක්ව එහි කැණීම් හා සංර­ක්ෂ­ණය කර­න්නට විය.

රිටි­ගල ආශ්‍රිත ජන­ප්‍ර­වාද හා ඓති­හා­සික තොර­තුරු අතර රාම-රාවණ පුවත පුමු­ඛ­ස්ථා­න­යක් ගනු ලබයි. එනම් රාවණ විසින් ඉන්දි­යාවේ රාමගේ බිසව වූ සීතා දේවිය පැහැ­ර­ගෙන විත් සඟවා තැබූයේ රිටි­ගල යැයි ව්‍යව­හා­රයේ ඇත. ඇය සොයා පැමිණි රාමගේ සොයුරු ලක්ෂ්මන් අතර මගදි රෝගා­තුර වූ බැවින් ඔහු සමඟ පැමිණ සිටි හනු­මන්තා හිමා­ලය වන­යට ගොස් සෙවු ඖෂ­ධය සොයා ගන්නට නොහැකි වූ බැවින් හිමා­ලය කන්දෙන් කොට­සක් කඩා­ගෙන පැමිණි බවත් එයින් කොට­සක් කැඩි ගොස් රිටි­ගල කන්දට යාව පිහිටි ඖෂධ කන්ද නිර්මා­ණය වූ බවත් එමෙන්ම රූම­ස්සල හා දොළු­කන්ද මෙසේ කඩා වැටුණු කොටස් වලින් ඉතිරි කොටස් ලෙස ද ජන­ප්‍ර­වා­දයේ කියවේ.

එමෙන් ම දුටු­ගැ­මුණු රජ­තු­මාගේ (ක්‍රී.පු. 101 – 77) කාලයේ දි දස­මහා යෝධ­යන් අතර සිටි ගෝඨ­යි­ම්බර හා රිටි­ගල අර­ක්ගත් යක්ෂ ගෝත්‍රික සෙන්ප­ති­යෙක් වු රිටි­ගල ජය­සේන අතර ඇති වූ සටන ජන­ප්‍ර­වා­දයේ එන තවත් කතා­වකි. මේ සට­නේදි ගෝඨ­යි­ම්බර යෝධ­යාගේ පහ­ර­කට ජය­සේ­නගේ හිස වෙන්වි සොයා ගත නොහැකි තැනක වැටුණු බවත්, සෙන­සුරු විසින් කඳේ පණ ඇති බව දැක හදි­සියේ පැමිණ වළ­ස­කුගේ හිසක් ජය­සේ­නට සවි­කල බවද පුරා­වෘ­ත්ත­වල දැක්වෙන අතර හදි­ස්සි­යට හිස සවි­කි­රිමේ දි හිස පසු­ප­සට සවි­කළ බවත් සඳ­හන්ය. එබැ­වින් පසුව ජය­සේන මහ­සෝන් යක්ෂයා විය.

ලක්දිව පළමු මහ රහ­තන් වහන්සේ ලෙස සඳ­හන් වෙන අරිට්ඨ හිමි ප්‍රමුඛ 500 ක් සංඝයා වහ­න්සේලා රිටි­ගල සේනා­ස­න­වල ආර­ණ්‍ය­වා­සීව වැඩ විසූ බව දැක්වේ. පුරා­වි­ද්‍යා­ත්මක අග­ය­ක්‌ ­ඇති විවිධ ගොඩ­නැ­ඟිලි 140 ක පමණ නට­බුන් හා පැරණි ආයු­ර්වේද රෝහ­ලක නට­බුන් වර්ත­මා­නයේ දී පවා රිටි­ගල දී දැක බලා ගත හැකි ය.

කටා­රම් කොටන ලද 70 කට අධික ලෙන් ද බ්‍රාහ්මි අක්‍ෂ­ර­ව­ලින් ලියන ලද ශිලා ලේඛන අත­රින් 35 ක්‌ සහ පරි­ව­ර්ත­නය කරන ලද ලිපි දෙකක් ගල් පර්ව­තයේ ඇති බව සඳ­හන් ය. බට­හිර දෙසට නාම­ළුව සහ නාඋ­ල්පොත වැටිය, ගිනි­කොන දෙසට කුඩා අර­ම්බැද්ද වැටියේ, දකුණු අන්තයේ මර­ක්කල උල්පොත සහ නැගෙ­න­හිර දෙසට ආඬි­යා­කන්ද වැටි­යෙන් විශා­ල­තම ගුහා සංකී­ර්ණ­යන් හමුවේ. කර­ඹේ­හින්න වැටියේ පර්ව­ත­යෙන් ගුහා දෙකක් හමු­වන අතර බන්දා පොකුණ ආස­න්නයේ ලෙන් හයක් දක්නට ලැබේ.

අනු­රා­ධ­පුර රාජ­ධා­නිය බිහි­වී­මට පෙර සිට ම පැහැ­දිලි ඉති­හා­ස­යක් රිටි­ගල සම්බ­න්ධව ඇත. එනම් ක්‍රි.පූ. 437 දී පණ්ඩු­කා­භ­යගේ (ක්‍රි.පූ. 377–307) සටන් මධ්‍ය­ස්ථා­න­යක්ව රිටි­ගල පැව­තුණු බවත් ඔහු සිය මාමා­ව­රුන් සමග කළ සටනේ දී ප්‍රධාන මධ්‍ය­ස්ථා­නය ලෙස මෙම භූමිය යොදා­ගත් බව ද සඳ­හන්ය. පණ්ඩු­කා­භය සමයේ රිටි­ගල යක්ෂ­යින්ගේ නිජ භූමි­යක් ලෙස පැව­තුණු බව ද දුටු­ගැ­මුණු රාජ්‍ය කාලයේ දී යක්ෂ­යින්ට අධි­ප­තී­ත්වය දැරූ ජය­සේන නම් යක්ෂ සේනා­ධි­ප­ති­යෙක් විසූ බව ද පැවැසේ. රිටි­ගල කන්දේ නාඋ­ල්පත ඇති සෙල්ලි­පිය අනුව ක්‍රි.පූ. 119 – 109 සද්ධා­තිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජ­තිස්ස, රිටි­ගල “කන්ද­ර­හී­නක” නම් විහා­ර­යක් සාදා ඇති බව ද අඹ­තලා (අබ­ද­ලක) වැව බඳවා එම විහා­රයේ භික්ෂූන්ට පිදූ බව ද සඳ­හන්ය.

රිටි­ගල ආරා­මය, කන්දේ නැගෙ­න­හිර ට පිහිටා ඇත. මෙහි කළ කැණීම් වල දී පධා­න­ඝර කිහි­ප­යක් හමු විය. එහි ශිලා ස්ථම්භ මුදුනේ පියැසි තිබුණු බවට සාධක ලැබේ. එසේම මෙම භූමි­යට ප්‍රවේශ වීමේ දී හමු­වෙන “බන්දා පොකුණ” අති විශාල වූ ශිලා­මය නිර්මා­ණ­යකි. පොකුණේ ඉවුරු ඇතුළු මුහු­ණතේ ගල් පඩි දක්නට ඇති අතර අතී­තයේ දී මෙම පඩි ජල මට්ටම දක්වා පහ­ළට පව­ති­න්නට ඇතැයි යන්න විශ්වාස කෙරේ. ජලා­ශයේ සැලැස්ම බහු කෝණික වේ. එහි පරි­ධිය මීටර් 366 (අඩි 1200) පම­ණය.

මෙම පොකුණ සම්බ­න්ධව විවිධ මත පවතී. ආර­ණ්‍ය­වා­සීව වැඩ වාසය කළ පන්සි­ය­ය­ක්‌ ­සං­ඝ­ර­ත්නයේ පැන් පහ­සුව සඳහා මෙම බන්දා පොකුණ ඉදි කර­න්නට ඇත යන්නත්, ආරා­මයේ තවත් නාන පොකුණු රැසක් පව­තින බැවින් මෙත­රම් විශාල පොකු­ණක් භික්ෂුන්ගේ ස්නානය සඳහා වෙන් වූවක් නොව ආරා­ම­යට පැමි­ණෙ­න්නන්ගේ චාරි­ත්‍රා­නූ­කූල ස්නාන කට­යුතු සඳහා බන්දා පොකුණ භාවිත කර­න්නට ඇතැයි යන්න තවත් අද­හ­සකි.

ආරා­මයේ ප්‍රධාන ගොඩ­නැ­ගිලි දක්වා යාමට තිබෙන ශිලා පදික වේදි­කාව අඩි 8 ක් පළ­ලින් සහ අඩි 15000 දිගින් (මීටර් 437) යුක්ත ය. මීට අම­ත­රව ගල්පා­ලම්, පිය­ගැට පේළි, කවා­කාර ශෛල­මය වේදිකා, ඔප දැමූ සුවි­සල් ගල් පුවරු, සෙල්මුවා පහණ, තටාක, බෙහෙත් ඔරු, සල­ප­තළ මළු, විවි­ධා­කාර ගිම­න්හල් ආදී විශ්මය ජනක ශිලා­මය නිර්මාණ රිටි­ගල දක්නට ලැබේ.



One thought on “රජවරුන්ට යුද කඳවුරක් වූ රිටි­ගල – රුක්ෂිලා වෙත්තමුණි”

  1. රිටිගල යනු ජේතවනාරාමය බව දන්නෝ දනිති. නා උයන තවමත් ඇත

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More