විදේශ පුවත්

නිසි අවධානය යොමු නොකළහොත් කොරෝනා වසංගතය, අවදානමෙනුත් අවදානමට ගමන් කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩ්නම් කොරෝනා වසංගතය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

පවතින තත්වය පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ මේ වන විට බොහෝ රටවල් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වැරදි පියවර අනුගමනය කරමින් සිටින බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොකළ ඖෂධ රෝගීන්ට ලබාදීම හා සමාජ දුරස්ථභාවය පිළිබඳ අඩු අවධානමින් කටයුතු කිරීම වැනි කරුණු හේතුවෙන් මේ වන විට බොහෝ රටවල් තුළ වසංගත තත්වය උග්‍ර වී තිබේ. අමෙරිකාව එහි වත්මන් කේන්ද්‍රස්ථානය වී ඇති අතර, සෞඛ්‍ය විශේෂඥයින් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පවතින මතභේද හේතුවෙන් එරට වසංගත අවදානම තවදුරටත් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More