විදේශ පුවත්

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලොව බොහෝ රටවල් නැවත අගුල් දැමීම වෙත යොමු වෙමින් සිටින බව බී.බී.සී. පුවත් සේවය පවසයි. ආසාදිතයන් සීග්‍ර ලෙස ඉහළයාම හේතුවෙන් එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ දැඩි සීමාවන් පනවා ඇත.

ඒ අනුව දැන් කැලිෆෝනියාවේ සියලුම අවන්හල්, මත්පැන්හල්, විනෝදාස්වාද ස්ථාන, සත්වෝද්‍යාන සහ කෞතුකාගාර වසා දැමීමට ආණ්ඩුකාවරයා පියවර ගෙන තිබේ.

දකුණු ඉන්දීය ප්‍රමුඛ නගර වන බැංගලෝරය දැනට සතියක් තිස්සේ පූර්ණ නිරෝධායනයකට යටත් කර ඇති අතර ඉරානයේ අගනුවර වන ටෙහෙරානයද දින හතක් පුරා එවැනිම සීමාවලට යටත්කර ඇත.

මේ අතර හොංකොංහි අමතර සමාජ දුරස්ථ නීති පනවා ඇති අතර ඒවා අතීතයට වඩා බෙහෙවින් දැඩි ස්වරූපයක් ගනු ලබයි. හොංකොං මෙලෙස සිය සෞඛ්‍ය නීති දැඩිකර ඇත්තේ සිය ඩිස්නිලන්ත විනෝද උද්‍යානය නැවත විවෘත කර මාසයක කාලයකින් අනතුරුවය.

මෙලෙස නැවත අලුත් කරන ලද අගුළු දැමීම සිදුව ඇත්තේ ‘‘බොහෝ රටවල් කොවිඩ් -19 මර්දනයේදී වැරදි දිශාවකට යොමුව ඇති බව’’ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීම මධ්‍යයේය.

ඉහත කලාපවලට අමතරව අප්‍රිකානු කලාපයේ මොරොක්කු ටැන්ජීර් නගරය නැවත වසා දමා ඇති අතර මැඩගස්කරයේ අනලමන්ගා කලාපයද අගුළු දමා ඇත. දකුණු අප්‍රිකාවද දින දෙකක ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න්හි මිලියන හයක ජනතාවට සති හයක කාලයක් නිවාසවල රැඳී සිටීමට නියම කර ඇති අතර වික්ටෝරියා, නිව් සවුත්වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අතර සීමා වසා දමා ඇත.

ලතින් ඇමරිකානු කලාපයේ කොලොම්බියානු අගනුවර වන බේහෝවාද පසුගිය සඳුදා සිට සති දෙකක අගුළු දැමීමකට යටත් කර තිබේ. මැද පෙරදිග කලාපයේ ඊශ්‍රායලය මෙන්ම යාබද බටහිර ඉවුරද නව කොවිඩ් -19 රැලි හේතුවෙන් සංචරණ සීමා පනවා ඇත.

ආසියානු කලාපයේ නවතම අගුළු දැමීම පිලිපීනයේ මැනිලා අගනුවරින් (සති 02ක කාලයකට අගුළු දැමීම) සහ උස්බකිස්තානයෙන් (ජුලි 10 වැනිදා සිට අගෝස්තු 01 දා දක්වා අගුළු දැමීම) වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More