දේශීය පුවත්

කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක ජනගහනයෙන් තවත් මිලියන 130කට අධි ජනතාවක් 2020 වර්ෂයේ අවසානය වන විට ‘නිදන්ගත සාගින්නෙන්’ පෙළෙන බවට ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ තත්ත්වය’ (State of Food Security and Nutrition) පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාව අනාවරණය කරයි.

පසුගිය ජූලි 13 වැනි දා ප්‍රකාශයට පත කරන ලද එහි නවතම සංස්කරණයට අනුව 2019 වර්ෂයේ දී මිලියන 690කට ආසන්න ජනතාවක් කුසගින්නෙන් පෙළෙන අතර මේ වසරේ දී ඊට තවත් මිලියන 130ක ජනතාවක් එක්වීමත් සමග ලෝක ජනගහනයෙන් හතෙන් එකක් පමණ කුසගින්නේ පෙළෙන බව ඇස්තමේන්තුගත කර ඇත.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව 2018 වර්ෂයේ දී සාගින්නෙන් පෙළෙන ලෝක ජනගහනය මිලියන 10කින් ඉහළ ගොස් ඇති අතර 2019 වසර ආරම්භයේ දී තක්සේරු කර ඇත්තේ එතැන් සිට වසර 05කින් (2024 දී) මෙම සංඛ්‍යාව මිලියන 60කින් ඉහළ යනු ඇති බවයි.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතය හේතුවෙන් අනපේක්ෂිත අයුරින් 2020 වර්ෂයේ දී පමණක් ලොව කුසගින්නේ පෙළෙන ජනගහනය මෙලෙස මිලියන 130කින් ඉහළ යනු ඇතැයි තක්සේරු කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More