මුහුණු වසාගත් ස්වයංක්‍රිය ගිනි අවි වලින් සන්නද්ධ වූ එන්.එෆ්.ඒ.සී නම් අමෙරිකානු කළු ජාතිකයන්ගෙන් සමන්විතවූ සංවිධානය විසින් අමෙරිකාවේ ජොර්ජියාවේ උද්‍යානයකට එක් රැස් වී තම අරමුණු පැහැදිළි කිරීමේ රැළියක් පැවැත්වූ බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. එන්.එෆ්.ඒ.සී සංවිධානයේ නිර්මාතෘ ලෙස පෙනී සිටි ග්‍රෑන්ඩ් මාස්ටර් ජේ නැමැත්තා( සැබෑ නම ජෝන් ෆිට්ස් ජෙරල්ඩ් ජොන්සන්) පවසා සිටියේ “අමෙරිකානු භූමිය තුළ කළු ජාතිකයන්ට මුහුණ දීමට සිදුවී තිබෙන සියළුම අසාධාරනකම් වලට එරෙහිව කටයුතු කිරීමට එන්.එෆ්.ඒ.සී සන්නද්ධ සංවිධානයේ අරමුණයි.” යනුවෙනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ග්‍රෑන්ඩ් මාස්ටර් ජේ පවසා සිටියේ ” අපේ අරමුණ වන්නේ මාරක තර්ජනයන්ට මුහුණ දී සිටින කළු ජාතිකයන් ආරක්ෂා කර ගැනීමයි.කිසිවෙක් කළු ජාතික දරුවන් කාන්තාවන් පිරිමින් ආරක්ෂා කර ගැනීමට පෙරට එන්නේ නැහැ.එන්.එෆ්.ඒ.සී සන්නද්ධ සංවිධානය පිහිටවීමට ආසන්නම හේතුව වූයේ,කළු ජාතිකයන්ට එරෙහිව නැගී එන දේශපාලන ප්‍රචන්ඩත්වය,වාර්ගික ප්‍රචන්ඩත්වය සහ අමෙරිකානු නීති පද්ධතියේ ඇති පක්ෂග්‍රාහිත්වයයි.” මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් එන්.එෆ්.ඒ.සී සන්නද්ධ සංවිධානයේ නිර්මාතෘ ග්‍රෑන්ඩ් මාස්ටර් ජේ මහතා පවසා සිටියේ “අප සංවිධානයේ බොහෝ දෙනා අමෙරිකානු සන්නද්ධ හමුදාවේ සේවය කළ සෙබළුන්.
අපි තරුණ මදය ඔද වැඩුන අයවළුන් නොවෙයි.අපි වගකීම් සහගත පුද්ගලයන් වන්නෙමු. ඒ වගේම අපි සියළු දෙනාම ගෞරවණීය වෘත්තීන් හි නියැළෙන පුද්ගලයෝ වෙමු.” ලෙස ප්‍රකාශ කර සිටියේය. එන්.එෆ්.ඒ.සී සන්නද්ධ සංවිධානයේ අවසාන අරමුණ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් කරමින් ග්‍රෑන්ඩ් මාස්ටර් ජේ මහතා පවසා සිටියේ “පෘතුගීසීන්ගේ වහල් වෙළඳාමේ ප්‍රතිඵලයක් ලෙස අමෙරිකාවට සම්ප්‍රාත්ත වුනු සියළු කළු ජාතිකයන් අමෙරිකාවේ දේශපාලන සිරකරුවන් ලෙස සැලකිය යුතුයි.එලෙසම අමෙරිකානු ආන්ඩුවට බල කර සිටිනවා අපට වෙනම භූමියක් වෙන් කරන ලෙස. එවිට කළු ජාතිකයන්ගේ සියළු අභිලාශයන් රැකෙන ලෙස ධවල මන්දිරයේ පාලනයෙන් තොරවූ පාලන ක්‍රමයක් අපට නිර්මාණය කර ගත හැකියි.” යනුවෙනි.
ග්‍රෑන්ඩ් මාස්ටර් ජේ මහතාගේ එන්.එෆ්.ඒ.සී සංවිධානයේ ඉලක්කය ටෙක්සාස් ප්‍රාන්තය කළු ජාතිකයන්ගේ පාලන බලය හොබවන ප්‍රාන්තයක් බවට පත්කිරීම බව සමහර දේශපාලන විශ්ලේෂකයන් සැක පහළ කළද එන්.එෆ්.ඒ.සී සංවිධානයේ ආදර්ශය ලෝන් ස්ටාර් ප්‍රාන්තය බව පැවසේ.
ජීවන්ත ජයතිස්ස,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...