ලෝකයේ කොවිඩ්-19 වසංගතය අතින් තුන්වන ස්ථානයේ සිටින්නේ ලොව දෙවැනි වැඩිම ජනගහනයක් සිටින ඉන්දියාවයි. ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කරන නවතම දත්ත අනුව ඒ රටේ 1,070,000කට කොරෝනා ආසාදනය වී ඇති අතර මරණ 26,816ක් සිදු වී තිබේ. එරට එම වසංගතයෙන් සුවය ලැබූ ගණන 670,000කි.
එරට වැඩිම රෝගීන් ගණනක් වාර්තා වන මහාරාෂ්ට්‍රයේ ආසාදිතයන් ලක්ෂ තුනක් පසුකර ඇති අතර, ඉකුත් සෙනසුරාදා වන විට ඒ ප්‍රාන්තයේ අගනුවර වන මුම්බායිහි රෝගීන් ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇත. මේ අතර කොවිඩ්-19 සඳහා ඉන්දියාව ඉදිරිපත් කරන කොවැක්සින් එන්නත පරීක්ෂා කිරීමට ප්‍රමුඛ පෙළේ රෝහල්වලට අවසරය හිමි වී ඇති අතර අද දින එහි පරීක්ෂණ කටයුතු සිදු කිරීමට සූදානම්ව තිබුණි.
ඉන්දියාව මේ ආකාරයට ආසාදිතයන් මිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇතත් එම ප්‍රමාණයෙන් හතරෙන් එකක්ම වාර්තා වූයේ පසුගිය දින 8ක කාලසීමාවක් ඇතුළය. එයින් සියයට 55.7කටම දායකත්වය සැපැයුවේ රටේ ආසාදනය වැඩිම ප්‍රාන්ත තුන වන මහාරාෂ්ට, තමිල්නාඩු සහ දිල්ලියයි. මරණ අනුපාතයට ද වැඩි වශයෙන්ම දායක වන්නේ මේ ප්‍රාන්ත තුනයි.
ලොව දැඩිම වසා දැමීමේ නීතියක් ක්‍රියාත්මක කළත් ජනාධිපති මෝදි පෞද්ගලිකම පෙනී සිටිමින් නිවාසවල රැඳී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියත් මේ තරම් විශාල ලෙස කොරෝනා පැතිරීමට ඒ රටේ දැවැන්තභාවය ද හේතුවක් විය. තවත් අතකට එරට ඇතැම් ජනතාව අතරින් පිරිසක් කොරෝනා වසංගතය අවස්ථාවේ ඒ සඳහා කැපවී වැඩ කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන්, අනිත් සෞඛ්‍ය සේවකයන් නිවාසවලින් පවා පලවා හැර පහර දුන් අවස්ථා බහුලව සිදු විය. මෙයින් පෙනී යන්නේ එරට ජනතාවගේ මනෝභාවය ගමන් කරන දිශාවයි. ලොව දෙවැනි වැඩිම ජනගහනයක් සිටින එරට, සෞඛ්‍ය සේවයට ද හදිසියේ ඇති වූ මේ මහා වසංගතයට මුහුණ දීමට තරම් ප්‍රමාණාත්මක ශක්තිමත්භාවයක් නොතිබීම තවත් කාරණාවකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...