විදේශ පුවත්

ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා ඊයේ (20දා) උදෑසන කොවිඩ් -19 වයිරසය හේතුවෙන් මියගොස් ඇත.

මීට අමතරව අන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි මෙම ප්‍රසිද්ධ දේව මාලිග ෙය් රාකජාරියේ නියුතු පූජකවරුන් 21 දෙනකු ඇතුළු කාර්මයණ්ඩලයේ 158 දෙනකු කොවිඩ් -19 ආසාදිත බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

ඊයේ උදෑසන මියගිය මෙම හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාසමූර්ති ඩික්ෂුවුලු පසුගිය වසරේ සේවයෙන් නිදහස් කර ඇති බව තිරුමාලා තිරුපති බලාජි කෝවිලේ ප්‍රකාශකයකු විදෙස් පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබේ.

73 හැවිරිදි හිටපු ප්‍රධාන පූජකවරයා දශක තුනකට වැඩි කාලයක් දේව මාලිගයේ සේවය කර තිබේ. ලොව ප්‍රසිද්ධ වන්දනා ස්ථානයක් වන තිරුපති කෝවිල කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මඳ කලකට වසා දමා දැන් නැවත වන්දනාකරුවන් වෙනුවෙන් විවෘත කර තිබේ.

කෙසේ වෙතත් කෝවිලේ ප්‍රකාශක රෙඩ්ඩි ප්‍රකාශ කර ඇත්තේ පූජකයන්ට වන්දනාකරුවන්ගෙන් වයිරසය ආසාදනය වී ඇති බවයි. මේ අතර ජනතාවට විවෘත කර ඇති කෝවිලේ සේවය සඳහා එහි ප්‍රධාන පූජකවරු දැනට කටයුතු නොකරන අතර සියලුම පූජාවන් අවශේෂ පූජකයෝ සිදුකරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More