රාජ්‍ය නොවන සංවිධානවල මූලික අරමුණ සමාජ සුභසාධනය බව පැවසුව ද වර්තමානයේදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ලංකාවේ රාජ්‍ය යන්ත්‍රණයට සෘජුව බලපෑම් කරන තත්ත්වයක් උදා වී වී තිබේ. එහි ප්‍රතිඵලයවී වී ඇත්තේ නිසි නීති රාමුවකින් තොරව තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට ඔවුන් වෙහෙසීම ය. එවැනි සංවිධාන නියාමනයකින් තොරව දීර්ඝ කාලීනව ලංකාව තුළ ක්‍රියාත්මක වුව හොත් මෙරට රාජ්‍ය යන්ත්‍රණයේ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වනු ඇත.
මේ වන තෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ( NGO) ක්‍රියාත්මක වීම පිළිබඳ විධිමත් අවධානයක් යොමු වී නොමැති නමුත් විදේශ රටවල රාජ්‍ය නොවන සංවිධාන පවත්වා ගෙන යෑම සදහා විධිමත් නීතී පද්ධතියක් තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනතකි.ලෝකයේ සෑම රටකම රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවීමට ඉඩ ලබා දෙන්නේ සුභසාධන සේවා සඳහා ය. 1931 දී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නොවන සංවිධාන වන සෞඛ්‍ය සහ ආර්ථිකය පිළිබඳව කාන්තාවන්ගේ සංවිධානය බිහි විය. මෙම සංවිධානය ද බිහි වුයේ සුබ සාධන කටයුතු වෙනුවෙනි. මෙහිදී ආර්ථිකය වශයෙන් හඳුන්වා දී ඇත්තේ මූල්‍යමය ආධාර ලබා දීම ය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පනතට අනුව රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා ගෙන යා යුත්තේ ද සුභසාධන සේවා සඳහා පමණි. එම පනතෙහි මූලික හරය වන්නේ ද එයයි.
රටක දරිද්‍රතාව නැති කිරීම, සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම, ජල සම්පාදනය වැනි සුබ සාධන සේවා සඳහා පමණක් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක කළ යුතු ය. දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන 153 ක් පමණ පමණ ලියාපදිංචි වී තිබේ. මීට අමතරව මෙරට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි වීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් දැක ගත හැකි නමුත් ඒ පිළිබඳ සොයා බැලීමට කිසිදු පාර්ශ්වයක් ඉදිරිපත් වී නෑ. එය වර්තමානයේදී ගැටලු කිහිපයකට තුඩු දෙන කාරණයක් වී ඇත.
ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයකට විදේශ රටක ඕනෑම කෙනකුට සම්බන්ධ වීමට හැකි නමුත් සංවිධානයේ ප්‍රධානත්වය ලබා දිය යුත්තේ ශ්‍රී ලාංකිකයකුට පමණි. කිසිදු රාජ්‍ය නොවන සංවිධානයකට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට සහ රාජ්‍ය පද්ධතියට ඇතුළත් වී කටයුතු කළ නොහැකිය. එහෙත් පසුගිය කාලයේදී එවැනි දෑ සිදු විය. උදාහරණ ලෙස එවැනි එක් සංවිධානයක් මැතිවරණ කල් දැමීම සඳහා මැදිහත් වී කටයුතු කිරීම පෙන්වා දීමට පුළුවන. එසේ වුව සුභසාධන කටයුතු සඳහා පමණක් ක්‍රියාත්මක කළ යුතු රාජ්‍ය නොවන සංවිධාන රටක ව්‍යවස්ථාවට හෝ රාජ්‍ය පද්ධතියට සම්බන්ධ වී කටයුතු කිරීම, උසාවි යාම වැනි ක්‍රියා සිදු නොකළ යුතු ය.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව නිෂ්පාදන ආර්ථිකයෙන් සහ කර්මාන්ත ආර්ථිකයෙන් සොයා ගත් අතිරික්ත ධනස්කන්ධයෙන් අමෙරිකාව, යුරෝපය වැනි රටවල් මුදල්, තුන් වැනි ලෝකයේ රටවල සුභ සාධන කටයුතු සඳහා මූල්‍යමය ආධාර වශයෙන් ලබා දුණි. 1960-1970 වර්ෂවල වාමාංශික දේශපාලන පක්ෂ සමඟ ද රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කළේය. අතීතයේ රාජ්‍ය නොවන සංවිධාන ව්‍යවස්ථාවට සහ රාජ්‍ය යන්ත්‍රණයට සම්බන්ධ නොවී යම් සීමාවක සිටිමින් සුබ සාධනය වෙනුවෙන් කටයුතු කළද පසුකාලීනව රාජ්‍ය නොවන සංවිධාන පුද්ගලයන්ට රැකියා දෙන විශාල බලයක් පවතින බලාධිකාරියක් වී තිබේ. නමුත් අදටත් සර්වෝදය, රතු කුරුස, යුනෙස්කෝ, යුනිසෙෆ් වැනි සංවිධාන නිසි නීති රාමුවක් තුළ සමාජ සුබ සිද්ධිය සඳහා පවත්වා ගෙන යන බව මතක් කළ යුතුය. එවැනි සංවිධාන කිසි දිනෙක ශ්‍රී ලංකාවේ රාජ්‍ය යන්ත්‍රණයට අනිසි බලපෑම් සිදු නොකරයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ කාන්තා හා ළමා අමාත්‍යංශය තුළින් කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව සහ සුබ සිද්ධිය සඳහා කටයුතු කරද්දී රාජ්‍ය නොවන සංවිධාන මඟින් මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කිරීමට පියවර ගැනීම අනවශ්‍ය කාර්යයකි. අමෙරිකාවෙහි පවා රාජ්‍ය නොවන සංවිධාන කිසි දිනෙක රාජ්‍ය යන්ත්‍රණයට බලපෑමක් සිදු කර නැත. එය අපේ රටට ද කදිම පූර්වාදර්ශයකි.
ශ්‍රී ලංකාවේ බොහෝ ගැටලුකාරී තත්ත්වඇති වී තිබෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ රටවලට ගොස් ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් පෙන්වා දීම හේතුවෙනි.උදාරහණ ලෙස ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් ජීනිවා ගොස් ශ්‍රී ලංකාව පිළිබඳ කරන වැරදි ප්‍රකාශ පෙන්වා දීමට පුළුවන. සහරාන්ලාගේ බෝම්බ සිදුවීම පිටුපස සිටින්නේ ද රාජ්‍ය නොවන සංවිධාන වේ. අයි.එස්.අයි.එස්, එල්.ටී.ටී.ඊ යන සංවිධාන නඩත්තු වුයේ ද රාජ්‍ය නොවන සංවිධාන මඟිනි.
පසුගිය රජය සමයෙ ජනාධිපතිතුමාගේ බලතල යටතේ කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂවරයාට ආණ්ඩුකාර තනතුරක් ලබා දුනි. එවැනි සිදු වීමක් ලෝකයේ මීට පෙර සිදුව නැත. එවැනි දෑ මින් ඉදිරියට සිදු නොවීමට කටයුතු කිරීමට අදාළ බලධාරින් වග බලා ගත යුතු ය. රාජ්‍ය නොවන සංවිධානවලට වැඩි බලයක් ලබා දීම කිසිසේත්ම සුදුසු නොවේ. රට අභ්‍යන්තරයේ ප්‍රශ්න , ගැටලු ඇති කිරීමට සහ බලය පවත්වා ගැනීම අරමුණ කර ගනිමින් පවත්වා ගෙන යන රාජ්‍ය නොවන සංවිධාන යම් පාලනයකට නතු කළ යුතු ය.
සෑම රාජ්‍ය නොවන සංවිධානයක් ම ආණ්ඩුවට වාර්ෂික වාර්තාවක් ලබා දිය යුතු ය. එම වාර්ෂික වාර්තාව මඟින් කොතරම් වියදම් කර තිබෙනවා ද? ආධාර ලබා දී තිබෙන රටවල් මොනවා ද? යනාදී කරුණු විධිමත්ව දැන ගැනීමට පුළුවන. මව් ශාඛාවලට කොතරම් වාර්තා ප්‍රමාණයක් ඉදිරිපත් කළ ද ශ්‍රී ලංකාවේ රජයට නිරවුල් වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම වඩාත් වැදගත් වේ. මෙරට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකරනු ලබයි. එවැනි දෑ සොයා බැලීමට ද කිසිවකු නොමැත. ඒ නිසා බොහෝ රාජ්‍ය නොවන සංවිධාන හිතුමතේ කටයුතු කරනු ලබයි. ඒ හේතුවෙන් රජය මඟින් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක කරන ආකාරය, සිදු කරනු ලබන වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමට කණ්ඩායමක් පත් කළ යුතු ය. ස්වේඡ්ජා සමාජ සේවා සංවිධාන පනත යාවත්කාලීන කිරීම ද වඩාත් වැදගත් ය. රාජ්‍ය නොවන සංවිධානවලට තිබෙන නීති තුළ රටේ ප්‍රශ්නවලට සම්බන්ධ නොවීම පිළිබඳ නීතීයක් ද සම්පාදනය කිරීම වඩාත් වැදගත් ය.
අද වන විට ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය නොවන සංවිධාන, පශ්චාත් නූතන තත්ත්වය යටතේ විදේශ රටවල වැඩිපුර තිබෙන මුදල් වැය කර එම රටවල ප්‍රශ්න අපේ රට අභ්‍යන්තරයට ගෙන එමින්, අනිසි බලපෑම් සිදු කරන පිරිසක් බවට පත්ව ඇත. එනිසා අනවශ්‍ය වැඩ කරන රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමත්, සේවයක් සිදු කර ඇති සංවිධාන පිළිබද සොයා ලැබීමත් කළ යුතු ය. රටට හානි කරන රාජ්‍ය නොවන සංවිධාන වහා අත්හිටුවිය යුතු ය.
මදාරා මුදලිගේ
Dinamina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...