චීනය සිය ප්‍රථම අඟහරු ගවේෂණ මෙහෙයුම වන ටියන්වෙන් -1 ඊයේ ආරම්භ කළේය. ලෝන්ග් මාච් 5 රොකට්ටුවෙන් හයිනෑන් දූපතෙහි පිහිටි වෙන්චෑන්ග් අභ්‍යාවකාශ තොටුපොළෙන් රෝද හයකින් සමන්විත මේ රෝවර් යානය එරට වේලාවෙන් 12.40ට ගමන් ආරම්භ කළේය.
පෙබරවාරි මස මේ යානය රතු ග්‍රහයා ලෙස ද හඳුන්වන අඟහරුගේ කක්ෂයට පැමිණීමට නියමිතය. වෙන්චෑන්ග් යන්නෙහි අර්ථය “ස්වර්ගයට ඉදිරිපත් කරන ප්‍රශ්න“ යන්නය. මේ රෝවර් යානය තවත් මාස දෙකක් තුනක් යනතුරු කක්ෂයේම ගමන් කරමින් එම ග්‍රහයාගේ මතුපිටට ගොඩබෑම සිදු නොකරනු ඇත.
යානය ගොඩබෑමට පෙර අඟහරුගේ කිසියම් හෝ අහිතකර තත්ත්වයක් පවතීදැයි තොරතුරු රැස්කර ඒවා පරීක්ෂා කරමින් තක්සේරුවක නිරතවීමට ඉංජිනේරුවන්ට අවස්ථාව උදාකර දෙනු ඇත. අඟහරුගේ සමකයට සමීපව උතුරින් තැනිතලා ප්‍රදේශයක අඟහරු ගවේෂක යානය ගොඩබෑමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...