විදේශ පුවත්

කිසිඳු නව්‍ය කොරෝනා ආසාදිතයෙකු සිය රටින් වාර්තා නොවන බවට උදම්අනමින් සිටි උතුරු කොරියාවට මේවනවිට කොරෝනා බිය ඇතිවී තිබේ. ඒ, කොරෝනා ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයෙකු දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට ඇතුළුවී ඇතැයි අනාවරණයවීමත් සමගය.

අදාළ සැකකටයුතු කොරෝනා ආසාදිතයා දේශසීමා හරහා නීතිවිරෝධී ලෙස රට තුළට ඇතුළුවී ඇති බවයි උතුරු කොරියාව පවසයි.

ඒ අනුව අදාළ පුද්ගලයාට කොරොනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුවහොත් උතුරු කොරියාවෙන් වාර්තා වන පළමු කොරෝනා ආසාදිතයා ඔහු වන අතර උතුරු කොරියාව කොරෝනා ලැයිස්තුවට ද ඇතුළත් වෙනු ඇත.

කෙසේවෙතත් මෙම සිද්ධියත් සමග උතුරු කොරියානු නායක කිම් ජොන් අන් භීතියට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින තත්ත්වය හමුවේ හදිසි සාකච්ඡාවක් කැඳවූ උතුරු කොරියානු නායකයා එරට දේශසීමා නගරයක් වන කේසොං නගරයට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර එය වසා දැමීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More