වියට්නාම සෞඛ්‍යය අංශ බළධාරින් ඊයේ(27) නිවේදනය කරනු ලැබුවේ මෙතෙක් වියට්නාමයෙන් හමුවූ කෝවිඩ් 19 වෛරසය වැළඳුනු රෝගීන්ට වඩා භයානක කෝවිඩ් 19 වෛරසය ප්‍රභේදයක් ආසාදනය වූ රෝගීන් 11 දෙනෙකු හමුවූ බවයි. මේ හේතුවෙන් වියට්නාමයේ ඩැනැන්ග් ප්‍රදේශය ආශ්‍රිත සංචාරක කලාපයේ සංචාරකයන් ඇතුළු දහස් ගනණක ජනයා ඉවත් කළ බව වියට්නාම් බළධාරින් ප්‍රකාශ කර සිටියි.
වියට්නාම සෞඛ්‍ය බළධාරීන්ට අනුව වාර්තා වී ඇති කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සියල්ලම හමුවී ඇත්තේ ඩැනැන්ග් ප්‍රදේශයේ ඇති රෝහල ආශ්‍රිතවයි. මෙම සුපිරි කෝවිඩ්19 වෛරසය ආසාදිතයන්ගෙන් 4 දෙනෙකුම රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් වන අතර ඉතිරි අයවළුන් මුළින්ම සුපිරි කෝවිඩ් 19 වැළඳුනු රෝගීන්ගේ පළමු පෙළ ස්පර්ෂකයන් ලෙස හඳුනා ගෙන ඇති බව වියට්නාම් සෞඛ්‍යය අංශ පවසා සිටී.ඒ අනුව වියට්නාමය තුළ සමස්ත සුපිරි කෝවිඩ්19 වැළඳුනු ආසාදිතයන් ගනන 15ක් ලෙස වාර්තා වන බව එරට සෞඛ්‍යය අංශ පවසා සිටී.
මෙතෙක් වියට්නාමය තුළ වාර්තා වූ කෝවිඩ් 19 වෛරසයට වඩා හඳුනාගත් මෙම නව සුපිරි කෝවිඩ් 19 වෛරසය වඩාත් ආක්‍රමණශීලී වන බවත් පැතිරීම අතිශය වේගවත් බවත් ආසාදිතයන් භයානක අවදියට ළං වීම මුලින් හඳුනාගත් කෝවිඩ් 19 වෛරසය වැළඳුනු රෝගීන්ට වඩා ඉක්මන් බවත් එරට සෞඛ්‍යය අංශ පවසා සිටී.
මේ වන විට ඩැනැන්ග් ප්‍රදේශය තුළ මහජනයා ඒකාරාශි වීම තහනම් කර ඇති එරට බළධාරීහු සංචාරකයන් ඇතුළු 80,000ක පිරිසක් එළඹෙන දින වලදී ප්‍රදේශයේ නගර වලින් ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බව පවසයි.මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති බවද එරට පුවත් වාර්තා පවසයි.
වත්මන් තත්වය පැන නැගීමට පෙර වියට්නාමය තුළ පසුගිය මාස තුන පුරාවටම එකදු කෝවිඩ් 19 වෛරස් ආසාදිතයෙකු හෝ හමු නොවුනු අතර පසුගිය දෙසැම්බරයේ වසංගත තත්වය ප්‍රකාශයට පත්වූ දින සිට සමස්ත වියට්නාමයෙන්ම හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 431 ක් පමණක් වූ බව වියට්නාම් සෞඛ්‍යය අංශ පවසා සිටියේය.
ජීවන්ත ජයතිස්ස
මූලාශ්‍ර https://www.rt.com/news/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...