දුෂණ චෝදනා එල්ල වූ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් ට වසර 12ක සිර දඬුවමක් ලබා දී තිබේ. ඔහුට එල්ල වූ චෝදනා 7ටම ඔහු වැරදිකරු බව අධිකරණය තීරණය කළේය.
හිටපු අගමැතිවරයාට එරෙහිව පැවති නඩු විභාගය එරට දුෂණ විරෝධී වැඩසටහන පරීක්ෂාවට ලක් කරන්නක් වැනි විය.
“වන් මැලේසියා ඩිවෙලොප්මන්ට් බර්හාඩ් අරමුදල”ට ලැබුණු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබුණු අතර එම චෝදනා 7ටම ඔහු වැරදිකරු බවට තීන්දු කර තිබුණි.
ඒ අනුව අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ පළමු මැලේසියානු රාජ්‍ය නායකයා වන්නේ ද නජීබ් රසාක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.
නජීබ් රසාක් 2009 සිට 2018 දක්වා මැලේසියානු අගමැති ධූරය දැරීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...