විදේශ පුවත්

ඉරානයේ ආර්ථික සහ යුදමය මර්මස්ථාන වල පසුගිය කාලය තුළ විටින් විට හට ගත් ගිනි ගැනීම් සහ පිපිරීම් මාලාවේ අළුතින්ම වාර්තා වු  ගිනි ගැනී ගැනීම වන්නේ බටහිර ඉරානයේ කෙර්මන්ෂා ප්‍රදේශයේ ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හයක් ගිනි ගැනීමයි.

කෙර්මන්ෂා ප්‍රදේශයේ කාර්මික කලාපයක ඇතිවූ මෙම ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 100 දෙනෙකුගේ පමණ සහයෝගය අවශ්‍යය වූ බව ඉරාන වාර්තා පවසා සිටී. ගිනි නිවන භටයන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයන් හය දෙනෙකු ගින්න අතර තුර ඇතිවූ පිපිරීම් හේතුවෙන් තුවාල ලබා ඇති බව ඉරාන ප්‍රවෘත්ති සේවා වාර්තා කර සිටී.

පසුගිය ජූනි මස 26 වනදා ඉස්ලාම් ඉරාන ජනරජයේ ටෙහෙරාන් නුවර ආසන්නයේ පිහිටි පාර්චින් ප්‍රදේශයේ ස්ථානගතව තිබු  ගෑස් ගබඩාවක ඇතිවූ ගින්න ඉරානය පුරා මෑත කාලයේ ඇතිවූ පළමු ගින්න වූ අතර ඉන් දින හතරකට පසුව සෞඛ්‍යය සේවා සපයන මධ්‍යස්ථානයක ඔක්සිජන් ටැංකිය පුපුරා යාමෙන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

මේ අතර ජූනි මස මුල් වකවානුවේදී නටාන්ස් යුරේනියම් නිස්සාරණ මධ්‍යස්ථානයක් ආශ්‍රිතව විශාල පිපිරුමක් සිදුවූ අතර පාර්චින් ප්‍රදේශයේ ඇති හමුදා සංකීර්ණය ආශ්‍රිතව විශාල පිපිරීම් මාලාවක්ද සිදුවිය. ඉරානය පුරා ඇතිවන මෙම පිපිරුම් මාලාව ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කරමින් කරනු ලබන කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ සයිබර් ප්‍රහාර මාලාවක ප්‍රතිඵලයක් හේතුවෙන් විය හැකි බව සැක පහළ කර හැකි බව යුද විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

ඉරානය රජය මේ සම්බන්ධයෙන් සෘජුවම ඊශ්‍රායලයට දෝෂාරෝපනය නොකිරීමද විශේෂත්වයකි. එහෙත් ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයට අනුව  සිද්ධි සමුදාය තමන් විසින් නොකළද ප්‍රතික්ෂේප කිරීමක්ද නොකරන බව කියවේ.

ජීවන්ත ජයතිස්ස,

jeewanthaj@gmail.com

මූලාශ්‍ර  https://www.rt.com/news/496460-iran-series-explosions-kermanshah-video/

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More