ඉන්දියාවේ වාණිජ අගනුවර වන මුම්බායිහි වඩාත් ජනාකීර්ණ පැල්පත් නිවාස කලාප තුනක ජනතාවගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට කොවිඩ් – 19 වයිරසය වැලඳී ඇතැයි සිදු කළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. මෙම ප්‍රතිඵලය ලැබී ඇත්තේ ජූලි මස ආරම්භයේදී අධික වන ජනඝනත්වයෙන් යුත් මෙම කලාපවලින් තෝරාගත් පුද්ගලයන් 7000කගේ අහඹු පරීක්ෂාවන් සිදු කිරීමෙනි.
2020 ජූලි 28 වැනිදා (පෙරේදා) වනවිට මුම්බායිහි කොවිඩ් – 19 රෝගීන් 110,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 6187ක් වාර්තා වී තිබේ. අදාළ සමීක්ෂණය මුම්බායි මහ නගර සභාව රජයට අයත් ආයතනයක් වන ‘නිට් අයෝන්’ සහ ටාටා පර් යේෂණ ආයතනය හරහා සිදු කර තිබේ.
ඉන් අනාවරණය කර ඇති ආකාරය චෙම්බූර් මතුන්නා සහ ඩනිසාර් යන පැල්පත් නිවාස (මුඩුක්කු) ප්‍රදේශවල පරීක්ෂාවට ලක් කළ පුද්ගලයන්ගෙන් 57%කට වයිරසය ආසාදනය වී ඇත. නගරයේ බටහිර, නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල පිහිටා ඇති මෙම ප්‍රදේශ තුනෙන් මිලියන 1.5ක පමණ ජනතාවක් වාසය කරති.
මෙම අධ්‍යයනය උපුටා දක්වමින් විද්‍යාඥයන් පවසන්නේ මුම්බායි නගරය ඉන්දියාවේ දරුණුතම හානියට පත් නගර අතුරින් පළමු ස්ථාන කිහිපය අතරට පැමිණ ඇති බවයි.
එක් නිවාසයක වැඩි පිරිසක් ජීවත් වීම මෙන්ම වැසිකිළි වැනි පොදුපහසුකම් බෙදා ගැනීම හේතුවෙන් මෙලෙස වසංගතය සීග්‍රයෙන් පැතිර ගොස් ඇතැයි මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත.
මෙලෙස ආසාදනය වී ඇති පුද්ලයන්ගෙන් වැඩි පිරිසකට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති අතර අදාළ ප්‍රදේශවල මරණ අනුපාතයද අඩු වී ඇති බවත් මුම්බායිහි මරණ අනුපාතය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත් විද්‍යාඥයන් පෙන්වා දී තිබේ. මෙම පැල්පත් ප්‍රදේශවල වයිරසයට වැඩිපුරම නිරාවරණය වී ඇත්තේ කාන්තාවන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...