වසර ගනනාවක් තිස්සේ චීනය සහ රුසියාව කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර සිදුවන වෙළෙඳ ගනු දෙනු වලදී භාවිත කරන මුදල් ඒකකය වූ ඩොලරය භාවිතා කිරීම අතහැරීමට එකඟ වී තිබේ. 2020 වසරේ මුල් කාර්තුව තුළ දෙරට අතර සිදු වූ වෙළෙඳ ගනු දෙනු වලදී ඩොලර් භාවිතය 50%කින් පමණ පහත වැටී ඇති බව වාර්තාවේ.
එහෙත් මීට වසර 4කට පමණ පෙරදී දෙරට අතර සිදුවූ වෙළෙඳ ගනු දෙනු වලින් 90%ක් පමණම සිදුවූයේ ඩොලර් වලින් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.රුසියානු පුවත්පතක් වන “ඉස්වෙසිටා” පුවත්පතට අනුව 2018 වර්ෂයේදී රුසියානු-චීන වෙළෙඳ ගනු දෙනු වලදී 75%ක ප්‍රමාණයක් ඩොලරය භාවිතා කරමින් ගනු දෙනු සිදුවූ අතර 2018 දී දෙරට අතර සිදුවූ වෙළෙඳ ගනු දෙනු වලදී සිදුකළ ඩොලරය භාවිතයෙන් 46%කින් පමණ ප්‍රමාණයක් 2020 වසරේ මුල් කාර්තුවේදී ඩොලර් භාවිතය පහත වැටී තිබේ.
රුසියාව සහ චීනය අතර 2020 මුල් කාර්තුවේදී ඩොලරය භාවිතා නොකර සිදුවූ වෙළෙඳ ගනු දෙනු වලින් 54%ක් තුළ චීන යුවාන් භාවිතය 17% ක් වී ඇති අතර යූරෝ භාවිතය 30%කි. තවද රුසියානු රූබලය භාවිතා කර කරනු ලැබූ ගනු දෙනු වල ප්‍රතිශතය 7%ක් පමණ වේ. මෙලෙස අන්තර්ජාතික වෙළෙඳ ගනු දෙනු වලදී ඩොලරය අත හැරීමට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ චීනය සහ අමෙරිකාව අතර ඇතිවී තිබෙන වෙළෙඳ යුද්ධයයි. චීනය සහ අමෙරිකාව අතර සබඳතාවයන් 2020 වර්ෂය තුළ තවතවත් නරක අතට හැරුණු අතර අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ ආණ්ඩුව කෝවිඩ් 19 වෛරසය “චීන වෛරසයක්” ලෙස හැඳින්වීමත් එයට “කුන්ග් ෆ්ලු” ලෙස නම් තැබීමත් හේතුවෙන් දෙරට අතර හොඳ හිත තද බල ලෙස බිඳ වැටීමට බල පෑවේය.
මේ අතර රුසියානු විදේශ ඇමති සර්ජි ලැව් රොව් මහතා මේ වසරේ ජනවාරි මාසයේදී පවසා සිටියේ “අපගේ බලාපොරොත්තුව වන්නේ ක්‍රම ක්‍රමයෙන් ඩොලරය භාවිතයෙන් අන්තර්ජාතික ගනු දෙනු කිරීම නවතා දැමීමයි. එසේම හැකි හැම විටම රුසියානු රූබලය භාවිතා කිරීම අපගේ අභිප්‍රායයි” යනුවෙනි. රුසියාව 2016 වර්ෂයේ සිටම අන්තර්ජාතික ගනුදෙනු වලදී ඩොලරය අතහැරීම කරනු ලැබූ අතර විශේයෙන්ම යුරෝපා සංගමය අතර සිදුකරන ගනු දෙනු වලදී මුදල් ඒකකය ලෙස යූරෝ භාවිත කරනු ලැබීය. වර්තමානයේදි රුසියාව යුරෝපා සංගමය සමඟ කරනු ලබන සමස්ත ගනු දෙනු වලින් 46%ක්ම සිදුකරනු ලබන මුදල් ඒකකය වන්නේ “යූරෝ” ය.
ජීවන්ත ජයතිස්ස,
මූලාශ්‍ර https://www.rt.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...