ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින රාත්‍රි 7.00ට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධීපති නිලනිවසේදී පැවැත්වීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡාකර අවසන් තීරණයක් ගැනීම සදහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු අප සමග පැවසුවේය.
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 41 දෙනාම මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඔවුන් සියළු දෙනාම එක් ස්ථාවරයක් ගැනීමට මෙහිදී සාකච්ඡා කරන බවද එම අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ අතර යම් විදියකින් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට නොහැකි වුවොත් මෙම 41 දෙනාගෙන් 35 දෙනෙකු පමණ විපක්ෂයේ අසුන්ගන්නා බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...