විදේශ පුවත්

කොරෝනා වයිරසයට එරෙහිව නව එන්නතක්,  මොස්කව්හි වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානය (ගමලෙයි පර්යේෂණ මධ්‍යස්ථානය ) පසුගියදා නිර්මාණය කරන ලදී.  එය පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විටත් ඉදිරිපත් කර ඇති අතර, එය අගෝස්තු 10-12 දිනවල ලියාපදිංචි කරනු ඇතැයි උපකල්පනය කෙරේ.

ඉන් අනතුරුව අගෝස්තු 15 දින වන විට එන්නත සිවිල් පරිහරණයට ලබා දිය හැකි බව ඔවුන් පවසා තිබේ. මෙම එන්නත ප්‍රථමව වැඩි අවදානම් කණ්ඩායම් සඳහා ලබාදීමට රුසියානු රජය බලාපොරොත්තු වේ. ඒ අනුව ගුරුවරුන්, වෛද්‍යවරුන් හා සිවිල් සේවකයන් ඇතුළු 1500 කට අධික පිරිසකට එන්නත පළමු අදියරේ දී ලබා දීමට නියමිතය.

පළමු මාස 4, 5 තුළ එන්නතෙහි ඵලදායිතාවය පරීක්ෂා කෙරෙනු ඇති බවත්, ඉන් අනතුරුව 2021 ජනවාරි හෝ පෙබරවාරි මස වන විට එන්නත මහජනතාව අතරට පත් කළ හැකි බවත් රුසියානු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජුලි මස මුලදී, රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානී මිහායිල් මුරෂ්කෝ ඔවුන් විසින් පරීක්ෂණ කටයුතු සිදු කරගෙන යමින් පවතින එන්නත් දෙකක් පිළිබඳව සඳහන් කරන ලද අතර මෙම එන්නත එයින් එකක් වේ.

එම එන්නත මොස්කව්හි Sechenov විශ්ව විද්‍යාලයේ හා Burdenko රෝහලේ, ස්වෙච්ඡා කණ්ඩායම් දෙකක් යොදාගෙන පරීක්ෂණ පවත්වා තිබේ.

මූලාශ්‍ර news.mail.ru


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More