ජපානයේ ටෝකියෝ නුවර තුනෙන් එකකට පමණ බලපාන ආකාරයේ අති ප‍්‍රබල සුළි කුණාටුවක් බලපානු ඇති බවත් එය මිලියන 4ක පමණ ජනතාවට හානිකර වනු ඇති බවත් එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
මේ බව හෙළිවී ඇත්තේ ටෝකියෝ නගර බලධාරීන් විසින් පසුගිය සිකුරාදා සිදුවූ අති ප‍්‍රබල උදම් රළෙහි හානිය පිළිබඳ තක්සේරු කිරීමේ හා ඉදිරි කාලගුණ වාර්තා පිළිබඳ කාලගුණ විද්‍යාඥයින්ගෙන් ලද නවතම පර්යේෂණ වාර්තා සැළකීමෙනි.
ටෝකියෝ නුවර වෙසෙන මුළු ජනගහනය මිලියන 13.7කි. එම වාර්තාවට අනුව මධ්‍යම ටෝකියෝවේ වර්ග කිලෝමීටර් 212ක ප‍්‍රමාණයක් ජලගැලීම සිදුවනු ඇති බවට අනාවැකි පළකර තිබේ. නගරය මීටර් 10ක් පමණ ජල කඳකින් යටවනු ඇතැයි ද පැවසේ. ටෝකියෝව ආශ‍්‍රිත පිහිටි අරකාවා ගඟ සතියක් පුරාම ජලයෙන් ඉතිරී යනු ඇති බවට ද වාර්තාවේ සඳහන් ය.
මෙම අනතුරු ඇඟවීම හේතුවෙන් පසුගිය සිකුරාදා සිටම ජපාන බලධාරීන් ඊට මුහුණ දීම සඳහා පූර්ව ආපදා සැලසුම් සකස් කරමින් හා ආපදා වැළැක්වීමේ පියවර ගනිමන් ද සිටින බව එරට වාර්තා සඳහන් කළේ ය.
ගෝලීය උණුසුම ඉහළ යාම හා වෙනස් වන කාලගුණ තත්වයන් සළකා බැලීමේදී උදම් රළ හා ප‍්‍රබල සුළි කුණාටුවල වැඩිවීම් අඛණ්ඩව සිදුවන බවත් එය මුළුමහත් ලෝකයටම බලපාමේ අවදානමක් ඇති බවත් ටෝකියෝ බලධාරීන් පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...