දේශීය පුවත්

අතුරුදහන් ව ඇති සිය දරුවන් පිළිබඳ තොරතුරු සොයා දෙන ලෙස ඉල්ලමින් දින 389ක් තිස්සේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත මව්වරුන් පිරිසක් හමු වීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දින උතුරේ සංචාරකය නිරත විය.

මව්වරු සිය අතුරුදන් වූ දරුවන් පිළිබඳ අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කළ අතර මේ සඳහා කඩිනම් විසඳුමක් අවශ්‍ය බව කියා සිටියහ.

එහි දී අමාත්‍යවරයා කියා සිටියේ, අතුරුදන් වූවන් වෙනුවෙන් වූ කාර්යාලය නුදුරේ දීම සිය කටයුතු ආරම්භ කරන බවයි. එහි නිලධාරීන් මුලතිව් වෙත පැමිණ මෙම මවුවරුන්ගේ තොරතුරු ලබා ගනු ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම මැදිහත් වී කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. දේශපාලනික හෝ හමුදාමය වශයෙන් මෙම කාර්යයාලයේ කටයුතු සඳහා මැදිහත් වීමක් සිදු නොකරන බව ද හෙතෙම අවධාරණය කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More