ලබන ඔක්තෝබර් මාසයේ පටන් තම රටෙහි වැසියන්ට කොරෝනා එන්නත් ලබා දෙන බව රුසියාව ප්‍රකාශ කර තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍ය මිකායෙල් මුරාෂ්කෝ උපුටා දක්වමින් මාධ්‍ය සඳහන් කර තිබුණේ මුලින්ම වෛද්‍යවරුන්ට සහ ගුරුවරුන්ට එන්නත ලබා දෙනු ඇති බවයි.
රුසියාවෙහි මෙම එන්නත පිළිබඳ පර්‌යේෂණ සිදු කරන ලද්දේ එරට ගමාලෙයා නමැති පර්‌යේෂණ ආයතනයක් විසිනි.
මේ වන විට මෙම එන්නත මිනිසුන් සම්බන්ධයෙන් අත්හදා බැලීම ද අවසන් කර ඇති බව සඳහන් වේ.
ඉක්මනින් එන්නතක් සමාජයට හඳුන්වා දීම සඳහා රටවල් රැසක් විශාල තරගයක නිරතව සිටින බව රහසක් නොවේ.
පසුගිය දා ඉන්දියාවද පවසා තිබුණේ අගෝස්තු 15 වන විට එන්නතක් හඳුන්වා දෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...