ලෙබනනයේ බේරූට් අගනුවර පිහිටි වරාය තුල පිහිටි පුපුරණ ද්‍රව්‍ය අඩංගු ගබඩාවක සිදුවූ පිපිරීමෙන් මේ දක්වා පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් සිය ගණනකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විටත් පිපිරිම සිදුවූ ස්ථානයේ විශාල ගින්නක් හටගෙන ඇති බවත් තුවාලකරුවන් සහ මියගිය පුද්ගලයින්ගේ සිරුරූ සොයා සහන සේවකයින් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
එරට වේලාවෙන් අද සවස 6.30 ට පමණ මෙම පිපිරිම සිදුව ඇති අතර පිපිරීමේ කම්පනය කිලෝමීටර් සියගණනක් දුරට විහිදී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිපිරීමේ ප්‍රබලත්වයත් සමග ඇතිවූ කම්පනය හේතුවෙන් කිලෝමීටර් ගණනාවක් දුරින් පිහිටි ගොඩනැගිලි හා නිවාසවල විදුරු ආදිය බිඳී ගොස් ඇති අතර ඒ හේතුවෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලය සඳහන් කර සිටියේ මෙම පිපිරීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
මූලාශ්‍ර – www.rt.com/news
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...