ජනතාව තව තවත් විශාල පීඩනයකට ලක්කරන නව දේශිය ආදායම් පනත අත්හිටුවීමට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියාකළ යුතු බව හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේය.
වයස අවුරුදු 18 ට සම්පුර්ණ වන සෑම පුරවැසියෙකුටම ලිපි ගොනුවක් විවෘත්ත කරමින් බදු ගැසිම ආරම්භ කරමින් සෑම පුරවැසියෙකුගෙන්ම වක්‍ර බදු ගැනීමට අමතරව සෘජු බද්දකුත් අයකරගන්නා ක්‍රමයක් ආරම්භකර තිබීම දැඩි අසාධාරණයක් බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ජේෂට පුරවැසියන්ගේ ඉතුරුම්වලින් බදු අයකරගැනීමෙන් එම පුරවැසියන්ට තමන්ගේ ජීවිතයේ සැදැකාලය විශ්‍රාම සුවයෙන් ගත කිරීමට තිබෙන අවස්ථාවටද බාධා එල්ලකර තිබේ.
මීට අමතරව විවිධ ක්ෂේත්‍රවල නිරතවන වෘත්තිකයින්ද වක්‍ර බදුවලට අමතරව සෘජු බද්දකට හසුවේ.
ඉඩම් විකිණිම සහ නිවාස ඇතුළු සමහර දේපළ විකිණිමේදී බදු අයකරගැනීම තුළින් ද රටේ පොදු මහජනතාවට එල්ල කර තිබෙන්නේ විශාල පීඩනයකි.
බැංකු ගිණුම්වල පොලියට බදු අයකරගැනීම නිසා බැංකුවල ඉතිරිකිරීම සඳහා රටේ ජනතාව දක්වන උනන්දුවේ යම් හීනවීමක් ඇතිවීමට පුළුවන් බවද හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
එම නිසා රටේ පොදු මහජනතාව මහත් අසීරුතාවයකට පත්කර තිබන නව දේශය ආදායම් පනත වහාම අත්හිටුවීමට ආණ්ඩුව ක්‍රියා කළයුතු බවත් එසේ නොවෙනවානම් ජනාධිපතිවරයාට මැදිහත්වී මෙය අත්හිටුවන ලෙසට රටට ආදරය කරන අමාත්‍යවරුන් ජනාධිපතිතුමාට බලපැම් කල යුතු බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
මෙම නව දේශිය ආදායම් පනත හකුලාගන්නාතුරු ඒකාබද්ධ විපක්ෂය විරෝධතා දිනයක් නම්කර දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...