ලෙබනනය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, ඊයේ සිදු වූ විශාල පිපිරීමක් හේතුවෙන් ලෙබනනයේ අගනුවර වන බේරූට් නුවර පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් 4,000කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීම හේතුවෙනි.
එම පිපිරීම හේතුවෙන් මුළු නගරයම චලනය වුණු බව විදෙස් වාර්තාවල දැක්වේ. ගින්නක් ඇතිවී අනතුරුව ඇතිවන විශාල පිපිරීම හේතුවෙන් ප්‍රදේශයම දුවිලි වළාවකින් වැසීයන අයුරු දැක්වෙන වීඩියෝ සමාජ ජාල ඔස්සේ සංසරණය වේ.
ලෙබනන් ජනාධිපති මිෂෙල් එවන් පැවසුවේ අපරික්ෂාකාරී ලෙස ගබඩාකර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750ක් එම පිපිරීමට හේතු වී ඇති බවය. එම පුපුරණ ද්‍රව්‍ය තොගය වසර 6ක් පුරා එම ස්ථානයේ තිබී ඇත.
ආපදාවට පත් පිරිසට උපකාර කිරීමට ඩොලර් මිලියන 66ක් නිදහස් කිරීමට ලෙබනන් රජය තීරණය කර තිබේ.
සහන සේවකයින් සුන්බුන් ඉවත් කරමින් සිටින අතර මරණ ගණන තවත් ඉහළ යා හැකි බවට ඇනුමාන කෙරේ.
මෙම පිපිරීමට හේතුව සොයා බැලීමට මේ වනවිට පරීක්ෂණයක් අරඹා ඇති අතර ලෙබනනයේ උත්තරීතර ආරක්ෂක කවුන්සිලය පැවසුවේ “මෙම පිපිරීමට වගකිව යුතු පාර්ශ්ව සඳහා උපරිම දඬුවම දෙන” බවය.
පුපුරා ගිය ඇමෝනියම් නයිට්‍රේට් තොගය 2013 දී රාජ සන්තක කළ නැවකින් ගොඩබා වරායට ආසන්න ව ගබඩා කර තිබේ.
මෙම පිපිරීම සිදුව ඇත්තේ ලෙබනනයට තීරණාත්මක මොහොතකය. කොරෝනා වෛරසය හේතුවෙන් මුළු රටම අපහසුතාවයට පත්ව ඇති අතර ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් රට තුළ යම් බෙදීමක් ද දැකිය හැක.
හිටපු අගමැති රෆික් හරිරි මීට වසර 15කට පෙර ඝාතනය කෙරුණු අතර ඒ සම්බන්ධ නඩුවේ තීරණය සිකුරාදා ලබා දීමට නියමිතය.
එම නඩුව එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් නෙදර්ලන්තයේ හේග් හි පිහිටුවා ඇති “The Special Tribunal for Lebanon” මගින් සළකා බලන ලදී. එම විශේෂ අධිකරණය පිහිටුවන ලද්දේ 2007 වසරේදී ය.
බේරූට් නගරයේදී 2005 දී සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් එවකට ලෙබනනයේ අගමැති ලෙස කටයුතු කළ රෆික් හරිරී සහ 21 දෙනෙක් මරුමුවට පත් විය.
එම ප්‍රහාරයට සම්බන්ධ බවට සිව් දෙනෙක් චෝදනා ලැබ සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...