විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට ලක්කිරීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දීමට ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඒකමතිකව තීරණය කරති.
මෙම ඉල්ලීම සිදුකිරීම සඳහා මෙම කණ්ඩායම අද(03) වැනිදා පෙ.ව 11.30ට ජනාධීපති ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතයි.
එම ඉල්ලීම අනුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් නොවුණොත් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සමිබන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම කණ්ඩායම ඒකමතිකව තීරණයක් ගැනීමටද මෙහිදී තීරණය කර තිබේ.
මෙම තීරණය ගනු ලැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) රාත්‍රි ජනාධීපති නිල නිවසේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම කණ්ඩායමේ රැස්වීමේදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...