දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව තවමත් අහෝසි වී නැතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (02 වැනිදා) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

එම ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි වී ඇති බවට පැතිර යන ආරංචි අසත්‍යයක්‌ බවද තමා අමාත්‍ය මණ්‌ඩලය තුළ සිටි නිසා මේ ගැන දන්නා බවද ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැතිවරයා කීවේය.

එම කමිටුව අහෝසි කිරීම සඳහා ඉදිරිපත් වූ කැබිනට්‌ පත්‍රිකාවට ඇමැතිවරුන්ගේ නිරීක්‍ෂණ ලබාදීම සඳහා සති දෙකක කාලයක්‌ ලබාදී ඇති බවද මංගල සමරවීර ඇමැතිවරයා තවදුරටත් කීවේය.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාවට අනුව මුළුමනින්ම අහෝසි වූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More