අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර සිදුවන අවසන් තීරණාත්මක විශේෂ සාකච්ඡාව සදහා මේවන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමිංහ මහතා ජනාධිපති නිල නිවස වෙත පැමිණ ඇත. මේ වන විට එම විශේෂ සාකච්ඡාව ආරම්භ වී තිබේ.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානීන් කිහිපදෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු ද සහභාගී වී ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඒකමතිකව ගත් තීරණය ගැනද මෙහිදී අවධානය යොමුකෙරෙනු ඇති.
ජනාධීපති සහ අගමැති ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් අමාත්‍යවරුන් 27 දෙනෙකු අතර ඊයේ (02) දින සවස පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වුණු නිසා යළිත් අද දිනයේදී එම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කෙරණි.
විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් ජාතික ආණ්ඩුව ආරක්ෂා කරගතයුතු බව ඊයේ පැවති සාක්ච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම ජනාධිපතිතුමාට පෙන්වා දී තිබෙන බව වාර්තා වේ.
මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සමග සාකච්ඡා කර ඉන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය දැනුම් දෙන බව ජනාධීපතිතුමා මෙහිදී ප්‍රකාශ කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පසුගිය දෙසැම්බර් 31 වැනිදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට සුදානම් වූ බවත් තව ටික කාලයක් ඉවසන ලෙස තමා දැනුම් දුන් නිසා ඔවුන් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනතුරු ආණ්ඩුවේ සිටීමට තීරණය කළ බව ජනාධීපතිවරයා පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිද්ධිය පදනම් කරගෙන පළාත් පාලන මැතිවරණයෙන් පසුව මෙසේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් සැළකියයුතු සංඛ්‍යාවක් මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව දැඩි උනන්දුවකින් පසුවන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත.
මේ අතර මෙම සාකච්ඡාවේදී ජනතා විශ්වාසය දිනාගත හැකි වැඩපිළිවෙලක් ඉදිරි වසර එකහමාර සදහා සකස්කර ඉදිරිපත් කිරීමට අවධානය යොමුවී ඇති අතර එම වැඩපිළිවෙල අද පැවැත්වීමට නියමිත සාක්ච්ඡාවේදී ජනාධීපති වෙත එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
ජනාධිපති නිල නිවසේදී ඊයේ සවස 6.30 සිට රාත්‍රි 8.10 පමණ වනතුරු පැවත් මෙම සාකච්ඡාවට සජිත් ප්‍රේමදාස,රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරුන් හැර එක්සත් ජාතික පෙරමුණ නයෝජනය කරනු ලබන කැබිනට් අමාත්‍යවරුන් 27 දෙනෙකු ඇතුළු රාජ්‍ය හා නයෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහභාගී වු බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...