තමන්ට ගැලපෙන සුදුසු අමාත්‍ය ධුරයක් සහ එක්සත් ජාතික පක්ෂයේ සුදුසු නායක තනතුරක් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන්නේනම් පමණක් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇතැයි වාර්තාවේ.
එසේනොකරන්නේනම් විශ්වාසභංගයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කරන බවද හෙතෙම අගමැතිවරයාට දැනුම්දී ඇතැයිවාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් අද (03දා) සාකච්ඡා කර තීරණයක් ලබාදීමට අගමැතිවරයා එකඟ වී ඇතැයිද එජාපයේ ආරංචි මාර්ග ව්ර්තා කරයි.
විශ්වාසභංගය සම්බන්ධයෙන් රවි කරුණානායක මන්ත්‍රිවරයා විසින් ඊයේ(02ද) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ බවත්, එක්සත් ජාතික පක්ෂ ජේෂඨයන්ගේ මැදිහත්වීම මත එය අද දිනය දක්වා කල් දමා ඇති බවත් වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...