විදේශ පුවත්

බේරූට් වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් දරුණු අර්බුදයකට මුහුණ පා සිටින ලෙබනනයට ආධාර සඳහා යුරෝ මිලියන 250 කට අධික මුදලක් හදිසි ආධාර ලෙස ලබාදීමට ලෝක නායකයන් එකඟ වී තිබේ.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ අනුග්‍රාහකත්වය මත රටවල් 15 ක නායකයන් සමඟ ඊයේ(09) ජාත්‍යන්තර සමුළුවක් ඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වා ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයා පසුගිය සතියේ බ්‍රහස්පතින්දා ලෙබනනයේ බේරූට් අගනුවර සංචාරයක නිරත විය. බේරූට් වරායේ සිදු වූ පිපිරීමෙන් පසු ලෙබනනයේ සංචාරයක නිරත වූ පළමු ලෝක නායකයා වූයේ ද ප්‍රංශ ජනාධිපති මැනුවෙල් මැක්රෝන් ය.

ප්‍රංශය පමණක් ලෙබනනයට යුරෝ මිලියන 30ක මුදලක් ලබාදෙන බව ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

පිපිරීව වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ලෙබනනයේ පාලක පන්තියට එරෙහිව එරට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

පිපිරීම හේතුවෙන් කෝපයට පත් පිරිස් යළි වරක් වීදි බැස විරෝධතාවල නිරත විය.

ඒ හමුවේ ඔවුන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑසූ ප්‍රහාර එල්ල කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More