දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කරන බවට සහතිකයක් ලබා නොදුන්නොත් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී තමා දැඩි තීන්දුවක් ගන්නා බවත් එය හෙට (04) දින රාත්‍රි 9.30ට පාර්ලිමේන්තුවේදී දැකගතහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් තමා ඇතුළු පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් බලාපොරොත්තුවෙන් පසුවෙන සැළකියයුතු පිරිසක් අග්‍රාමාත්‍යවරයා සමග කරනලද සාකච්ඡා මේ දක්වා සාර්ථක නොවූ බවත් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර තවත් එක් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පවත්වන බවද ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පැවසුවේය.

එම සාකච්ඡාවේදීත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමේදී තමා අනිවාරයෙන්ම දැඩි තීන්දුවක් ගන්නා බවත් පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානයක බලාපොරොත්තුවෙන් සිටින තවත් සැළකියයුතු පිරිසක් ඔවුන්ට අනුව යම් ය්ම තීන්දු ගැනීමට ඉඩ තිබෙන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More