දේශීය පුවත්

විශ්වාසභංග විවාද යෝජනාවේ ඡන්ද විමසීමට පෙර තනතුරින් ඉල්ලා අස්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් කළ ඉල්ලීම සම්පූර්ණයෙන්ම ඉවත දමමින් විශ්වාසභංගය අද (4දා) පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කරනු ලැබීය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ නායකයන් මේ තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟද අදහස් හවමාරු කර ගනිමිනි.

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අග්‍රාමාත්‍යවරයා ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව ශ්‍රී ලනිප උප සභාපති ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කෙළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (3දා) පෙරවරුවේදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු ඇමැතිවරුන් කැබිනට් රැස්වීම නියෝජනය කර සිටීම කැපී පෙනුණි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කරුණු දැක්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකදු වචනයක් ප්‍රකාශ නොකළද එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් ඊට එකඟතාව පළ නොකළ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ සිටිය යුතු බව එක්සත් ජාතික පෙරමුණේත් එක්සත් ජාතික පක්ෂයේත් තීරණය බව පක්ෂ නායකයන් කැබිනට් රැස්වීමේදී පැහැදිලිවම ප්‍රකාශ කළ බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ඇමැතිවරුන්ගේ සහාය නොලැබුණද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විශාල වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කරන බවද අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More