ඩිමොක්‍රටික් ජනාධිපති ධූර අපේක්ෂක ජෝ බිඩන් තමන්ගේ උප ජනාධිපති සහායිකාව ලෙස ආසියානු සම්භවයක් ඇති අමෙරිකානු ජාතික සෙනෙට් සභික කමලා හැරිස් තෝරාගෙන ඇත. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා ඉතිහාස ගතවෙයි.
ඉන්දීය-ජැමෙයිකන් සම්භවයක් සහිත 55 හැවිරිදි කමලා හැරිසන් පළමුව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළාය. උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇයගේ නම ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවයි.
රටපුරා වර්ගවාද විරෝධී උද්ඝෝෂණ පැතිරෙද්දී කැලිෆෝනියාවේ නීතිපතිනිය ලෙස සේවය කළ ඇය පොලීසියේ ප්‍රතිසංස්කරණ ඇති කිරීම ගැන විශාල වශයෙන් කටයුතු කළාය. නොවැම්බර් 3 වැනි දා පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට ජෝ බිඩන් ට්‍රම්ප්ට එරෙහිව මැතිවරණ සටනට එක්වනු ඇත. අඟහරුවාදා ධවල මන්දිරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමැතූ රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප් ප්‍රකාශ කළේ කමලා හැරිස් උප ජනාධිපති තනතුරට තෝරා ගැනීමට තමන්ද මුලින්ම කැමැත්ත ලබාදෙන බවයි. හැරිස් මහත්මිය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනාධිපති ධූර අපේක්ෂක මයික් ස්පෙන්ස් සමඟ ඔක්තෝබර් 7 වැනිදා උටාහි සෝල්ට් ලේක් සිටිහිදී විවෘත විවාදයක් පැවැත්වීමට නියමිතය.
ඇය උපත ලැබුවේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදීය. ඉන්දියාවේ උපත ලද ඇයගේ මව සහ ජැමෙයිකාවේ උපත ලද ඇයගේ පියා ඇමරිකානු සංක්‍රමණිකයන්ය. දෙමව්පියන් දික්කසාද වීමෙන් පසු කමලා හැදී වැඩී ඇත්තේ හින්දු භක්තික සිය මව ශ්‍යාමලා ගෝපාලන් හැරිසන් සමගය. ඇය පිළිකා පිළිබඳ පර්යේෂිකාවක් මෙන්ම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියකි. කැලිෆෝනියා සෙනෙට් සභික කමලා හැරිස් මුල් වසරවලදී කෙටි කලක් කැනඩාවේද වාසය කර තිබේ. එවක ඇයගේ මව මැක්ගිල් විශ්වවිද්‍යාලයේ ගුරැ රුකියාවක් ලබාගත් අතර කමලා සහ නැගණිය මායාද සිය මව සමග එහි ගියහ. වසර පහක කාලයක් ඔවුන් මොන්ට්‍රියල් හි පාසලක අධ්‍යාපනය ලැබූහ.
උසස් අධ්‍යාපනය ඇමරිකාවේ නිමකළ ඇය හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ගත කළ කාලය වසර හතරකි. සිය ජීවිතය හැඩගැස්වීමට එම කාලය මහෝපකාරී වූ බව කමලා පවසයි. ඇය තමන් හඳුන්වාගනු ලබන්නේ ඇමරිකානුවෙක් වශයෙනි. සමේ පැහැය හෝ පසුබිම මත දේශපාලනඥයන් යම් ස්ථානයකට ලඝු නොකළ යුතු බව කමලා 2019 වසරේදී වොෂිංටන් පෝස්ට් වෙත පවසා තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...