විදේශ පුවත්

ඉන්දුනීසියාවේ බොර්නියෝ දූපත් ආසන්න මුහුදේ ඛනිජ තෙල් කාන්දුවක් සමග ඇති වූ ගිනි ගැනීම් හේතුවෙන් එම පළාතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම පළාත ආශ්‍රිත බාලික්පාපන් වරාය නගරයේ ධීවරයන් සිව් දෙනෙකු මෙම ගිනි ගැනීම් සමග ඇති වූ පිපිරීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම,සෙනසුරාදා දිනයේ සිට සිදුවන මෙම තෙල් කාන්දුව සමග සිය ගණනක් රෝගාතුර වී ඇති බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත්, මෙම තෙල් කාන්දුවට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර,එම කාන්දුව තවදුරටත් සිදුවීම නිසා තත්ත්වය භයානක වී ඇති බව බලධාරීහු පවසති.

කෙසේ වෙතත්,මේ ආශ්‍රීතව ඇති තෙල් පිරිපහදුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසා තිබුණේ මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇත්තේ පිරිපහදු කළ කනිජ තෙල් නොවන බවයි. ඒවා බොහෝ විට සාගරය ආශ්‍රිතව පවතින කනිජ තෙල් විය හැකි බවද හෙතෙම පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More