ජර්මනියේ නාසි අධිරාජ්යයවාදියෙකු මෙන්ම ම්ලේච්ඡ මනුෂ්‍යය ඝාතකයෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ සහ ඔහුගේ බිරිඳ වන ඊවා බ්‍රොන්ගේ යැයි සැලකෙන දත් ඇඳිවල කොටස් වල ඡායාරූප එලිසවෙටා පෙස්කෝවා මහත්මියගේ “ඉන්ස්ට්රැග්රෑම්” ගිනුමෙහි පලකර ඇත.
එලිසවෙටා පෙස්කෝවා මහත්මිය යනු රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතාගේ 2012 වර්ෂයේ සිට මාධ්‍යය ප්‍රකාශකයාව සිටින දිමිත්‍රි පෙස්කෝවා මහතාගේ දියණියයි. ඇගේ පැහැදිලි කිරීමට අනුව මෙම දන්ත කොටස රුසියාවේ මොස්කව් නුවර “ෆෙඩරල් ආරක්ෂක සේවයට” අයත් රහසිගත කෞතුකාගාරයක තැන්පත් කර ඇත.
සිය “ඉන්ස්ට්රැග්රෑම්” ගිනුමෙහි සටහනක් තබමින් ඇය පවසා සිටින්නේ ප්‍රංශ ජාතික මානවවිද්‍යාඥයෙකු වන චාර්ලි මහතා විසින් ඩී.එන්. ඒ තාක්ෂණය භාවිතයෙන් ඉතිරිව ඇති දත් ඇඳි කොටස් හිට්ලර්ගේ සහ ඔහුගේ බිරිඳ ඊවා බ්‍රොන්ගේ ඒවාම බවට විද්‍යාත්මකව තහවුරු කරණු ලැබූ බවයි.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
මූලාශ්‍ර https://www.rt.com/russia/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...