දේශීය පුවත්

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනා ඡුන්ද විමසීම වර්ජනය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර නැතැයි රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ශ‍්‍රීලනිප ඡන්ද විමසීමෙන් බැහැර වන්නේ යයි රාජ්‍ය ඇමති ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇමති අබේවර්ධන පවසන්නේ විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡන්දය දීමට ශ‍්‍රීලනිපය තීරණය කර ඇති බවයි.

ඇමති මහින්ද අමරවීරගේ නිවසේදී රැස්වුනු ශ‍්‍රිලනිප කණ්ඩායම මෙම තීරණය ගත් බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

ශ‍්‍රිලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතාද පවසන්නේ විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දීමට ශ‍්‍රීලනිපය තීරණය කල බවයි.

අදාල හමුව සදහා මැති ඇමතිවරුන් 30 දෙනෙකු පමණ සහභාගී වූ බවද ඔහු කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More