කොවිඩ් අවදානම හේතුවෙන් නවසිලන්ත මහා මැතිවරණය මසකින් කල් දැමීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් පියවර ගෙන තිබේ.
නවසිලන්තයේ ඕක්ලන්ඩ් හි කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දෛනිකව ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත.
ඒ අනුව, සැප්තැම්බර් 19 වනදා පැවැත්වීමට නියමිතව තිබු මැතිවරණය ඔක්තොම්බර් මස 17 වනදා පැවැත්වීමට නියමිතය.
දින 100කට අධික කාලයකට පසුව පසුගිය සතියේ පළමු වරට නවසීලන්තයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා විය.
එම ආසාදිතයින් වාර්තා වු ඕක්ලන්ඩ් නුවර වසා දැමීමට මේ වන විට බලධාරීන් පියවර ගෙන ඇති අතර මේ දක්වා ඒ ආශ්‍රිතව වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 69 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...