දේශීය පුවත්

හැකිනම් තනි ආණ්ඩුවක් නිර්මාණය කර පෙන්නවන ලෙසත්, එවිට ඒ ගැන බලාගන්නා බවත් අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි.

ජනපතිවරයා විසින් ලේකම්වරුන් දෙදෙනා තහනම් නොකළා නම් අද එජාපය ඉන්නේ ආණ්ඩු පක්ෂයේ නොවන බවද ඒ මහතා කියා සිටියේය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවාදයේදී ඉතාමත් උණුසුම් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහුගේ කතාවට ආණ්ඩු පක්ෂයෙන් දැඩි බාධාවක් එල්ල වුණි.

“රිලව නටනකොට මිනිස්සු කලබල වෙන්නේ නෑ. අහිකුණ්ඨකයෝ පොල්ල වනන කොට නටන රිලව් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. තනි ආණ්ඩුවක් හදන්න හදනවා හදලා බලමු.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් නෙමෙයි පක්ෂය කියන්නේ. ජෝන් අමරතුංග, මම, ඩිලාන් ඇමැතිතුමාලා වගේ පරණ අය ගියාම ඔතනින් ගියාම ශ්‍රීලනිපයක් නෑ ඔතන. අර්ජුන ගෙනාවේ කවුද? එයාට ඇප වුණේ කවුද? විත්තිකාරයා නැතිනම් ඇප කාරයට වරෙන්තු කරනවා. මේ තියෙන්නේ ඇප කාරයට නිකුත් කළ වරෙන්තුව. අපි තනතුරු කෑදර නෑ. අපි පිං මන්ත්‍රීකම් අරගෙන නෑ. අපි එක් ලක්ෂ ගණනක් අරගෙන පාර්ලිමේන්තුවට ආවේ. අපි පිං මන්ත්‍රීලට උත්තර දෙන්නෙත් නෑ. යැයිද ඒ මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More