අමෙරිකානු රාජ්‍යය ලේකම් මයික් පොම්පියෝ මහතා ඊයේ(21) “ෆොක්ස් නිව්ස්” නම් රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාව සමඟ එක්වෙමින් පවසා සිටියේ අමෙරිකාව සහ චීනය ඉරානයට නැවත සම්බාධක පැණවීමට එකඟ නොවන්නේ නම් අනිවාර්යෙන්ම චීනයේ සහ රුසියාවේ කටයුතු වලට බාධා පමුණුවන බවයි.
අමෙරිකානු රාජ්‍යය ලේකම්වරයා මෙම අදහස් පළකරණු ලැබුවේ ප්‍රංශය,ජර්මණිය සහ බ්‍රිතාන්‍යය ඉරානයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනවීමට කැමැත්ත පළකරන අතර තුර චීනය සහ රුසියාව එයට එරෙහිව කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ක්‍රියා කරන බව පැවසීමෙන් දිනකට පසුව වීම විශේෂත්වයකි.
එහෙත් අමෙරිකාවේ ට්‍රම්ප් පාලනය ඉරානයේ න්‍යෂ්ටික ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් 2015 වර්ෂයේදී ගොඩනැගූ “ඒකාබද්ධ විස්තීර්ණ ක්‍රියාකාරී සැළසුම Joint Comprehensive Plan of Action (JCPOA) ” නම් එකඟතාවයෙන් මීට වසර දෙකකට පෙර ඉවත් වූයේ ඉරානය එකඟතාවයන් කඩකරනවා යැයි චෝදනා කරමිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රුසියානු නියෝජ්‍යය විදේශ අමාත්‍යය සර්ජි රෙබ්කොව් මහතා ප්‍රකාශ කර සිටියේ අමෙරිකාව ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ කටයුතු කිරීම විකාරයක් බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් රුසියානු නියෝජ්‍යය විදේශ ඇමතිවරයා පවසා සිටියේ අමෙරිකාවට එසේ කිරීමට දේශපාලනමය හෝ නීතිමය පදනමක් හෝ නොමැති බවයි. අමෙරිකාවේ මෙම හැසිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය තුළ අර්බූද ඇතිකිරීමට පවා ඉඩ ඇති බව රුසියානු විදිශ ඇමතිවරයා අවධාරණය කර සිටියේය.
මේ සම්බන්ධව අදහස් දක්වන චීන විදේශ අමාත්‍යයවරයා පවසා සිටියේ අමෙරිකාවට මෙවැනි ඉල්ලීමක් කිරීමට තිබූ අයිතිය “ඒකාබද්ධ විස්තීර්ණ ක්‍රියාකාරී සැළසුමෙන්” ඉවත්වන දිනයේම අහිමිකරගත් බවයි.
ජීවන්ත ජයතිස්ස,
මූලාශ්‍ර https://www.rt.com/news/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...