පසුගිය සිකුරාදා(22) ඉන්දියාවෙන් වාර්තාවූ 68,682 ක්වූ කෝවිඩ් 19 වෛරස ආසාදිතයන් සංඛ්‍යාව දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ තුන්වෙනි වැඩිම කෝවිඩ් 19 වෛරස ආසාදිතයන් සංඛ්‍යාව වන අතර අගෝස්තු 21 වනදා වේ. තවද ඉන්දියාවේ සිදුවූ කෝවිඩ් 19 වෛරස ආසාදිත මරණ ගණන දින හතරක් පුරා මරණ 950කට වඩා වාර්තා වීම ද විශේෂත්වයකි. වසංගත රෝග විශේෂඥයන්ට අනුව මෙය ඉතා භයානක තත්වයකි. ඔවුනට අනුව අගෝස්තු 22වනදායින් ඇරඹුනු දින දහයක් පුරාවට සමස්ත ඉන්දියාවේම පැවැත්වීමට නියමිත ඝන දෙවියන්ට පූජා පැවැත්වීමේ උත්සවය කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන තුන ඉක්මවා යාමට උත්ප්‍රේරක කාලයක් වීමට බොහෝ ඉඩ කඩ ඇති බව පැවසේ.
මේ වන විට දිල්ලියේ ජනගහනය වන මිලියන 20න් මිලියන 6ක්ම කෝවිඩ් 19 වෛරසය ආසාදිතයන් බවට පත්ව ඇති බව ඉන්දියාවේ සෞඛ්‍යය අමාත්‍යය සත්යේන්ද්‍රා ජායින් මහතා පවසා සිටී. කෙසේ වුවද සෞඛ්‍යය අමාත්‍යයවරයාට අනුව මේ වන විට වෛරසය වැළඳුනු දිල්ලි වැසියන් සියළු දෙනාම පාහේ සුවපත් වී ඇත.
අමෙරිකාව සහ බ්‍රසීලය හැරුණු විට කෝවිඩ් 19 වෛරසය ආසාදනය දරුණුම රට බවට පත්වී ඇත්තේ ඉන්දියාව බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තා පවසයි.
ජීවන්ත ජයතිස්ස
මූලශ්‍ර https://www.telesurenglish.net/news
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...