ප‍්‍රධාන පුවත්

කැලිෆෝනියා ප‍්‍රාන්තය තුළ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අමෙරිකාව මේවනවිට තවත් අර්බුධයකට මුහුණ පා සිටියි. විදෙස් වාර්තා පැවසුවේ ලැව්ගිනි හේතුවෙන් මේවනවිටත් පුද්ගලයින් 06 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ලැව්ගිනි පාලනය සඳහා ගිනිනිවීමේ භටයින් 12,000 ක් පමණ කැඳවා ඇතැයි කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාර ගෙවින් නිව්සම් ප‍්‍රකාශ කළේය.

කැලිෆෝනියාවට ආසන්න වෙනත් ප‍්‍රාන්තවලින් ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා සහය හිමිවුනත්, වර්ධනය වෙමින් ඇති ගිනිජාලා මගින් ප‍්‍රාන්තයේ ඇති ස්වභාවික සම්පත් මෙන්ම ජනතාව සතු වත්කම් ද විනාශ කරමින් සිටින බවයි ආණ්ඩුකාරවරයා පවසයි.

මේවනවිටත් කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පදිංචි වැසියන් එක්ලක්ෂ 75,000 ක් පමණ සිය වාසස්ථාන අතහැර ආරක්ෂිත ස්ථාන වෙත පළාගොස් අවසන්. ලැව්ගිනි පාලන යසඳහා එක්ව සිටි ගිනිනිවන භටයින් 43 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි සිය ගණනක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ. තවත් නිවාස සහ ගොඩනැගිලි රැසක් පවතින්නේ අවදානම් තත්ත්වයේය.

කැලිෆෝනියා ප‍්‍රාන්තයට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හා ඒ හමුවේ බලපාන අකුණු තත්ත්වයන් මෙම ලැව්ගිනි සඳහා හේතුවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරයි. පවතින තත්ත්වය හමුවේ ප‍්‍රාන්තය තුල ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කරන ලෙස ද තමන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කළ බව ද කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

ලැව්ගිනි පාලනය සඳහා ඔස්ටේ‍්‍රලියාවෙන් ද සහය ඉල්ලා ඇති බව කැලිෆෝනියා ආණ්ඩුකාර ගෙවින් නිව්සම් පවසයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More