දේශීය පුවත්

අද(04) රාත්‍රියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අය විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කළ හැකි බවත් එවිට නිල් අත්වල ඇති කොළ කොඩි නිවැරදිව දැක ගත හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ මේ වන විට පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

අද රාත්‍රිය ගැන රටේ මුළු මහත් ජනතාවම බලා සිටින බවත් එවැනි පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන්ගේ හැසිරීම බලාගත හැකි බවද සඳහන් කළ මන්ත්‍රීවරයා මේ සියලු කාරණාවල අවසන් තීන්දුව ඇත්තේ ජනතාව අතේ බව ද පැවසීය.

පක්ෂ දෙකක නායකයින් දෙදෙනෙක් එක්ව ගෙන යන යහපාලන ආණ්ඩුව පිළිබඳ විශ්වාසය ජනතාවට නැතිව ඇති බව පළාත් පාලන ඡන්ද විමසීමේ දී දැක ගත හැකි වු බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ජනතාව යහපාලනය ගැන විශ්වාසය තැබුවේ නම් කිසි විටෙකත් පොදු ජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේ දී ජයග්‍රහණය නොකරන බව ද පැවසු මන්ත්‍රීවරයා අගමැතිවරයා කෙරෙහි බිඳී ගිය විශ්වාසය ගොඩනැගීම සඳහා භාවිතා කළ නාමයක් ලෙස යහපාලනය හැඳින්විය හැකි බව ද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More