පුරවැසි කොලම

වාර්තාගත අයුරින් ඡන්ද ලක්ෂ 68ක් මගින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පහසුවෙන් ලබාගනිමින් ලත් ජයග‍්‍රහනයේ දී වෙනත් පක්ෂවල බොහෝ දේශපාලනඥයන්ගේ අපේක්ෂා සුන්වී ගියේය. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් නොහොත් පොහොට්ටුවෙන් ව්‍යවස්ථාදායකයට තේරී පත්වූ සියල්ලන් ගැන ජනතාව එක ලෙස තෘප්තිමත් නැත. ඇතැමුන් කියන්නේ අඩුවී ඇත්තේ විපක්ෂ හොරු පමණකැයි කියාය. ජනාධිපතිතුමා පිළිබඳ තමන් තුළ ඇති විශ්වාශය බිඳීයනු ඇත්දැයි අංශුමාත‍්‍ර හෝ බියක් ජනතාව තුළ ඇත්තේ ඒ නිසාය.

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව, 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයද, 2019 නොවැම්බර් ජනාධිපතිවරණයද, 2020 අගෝස්තු මහ මැතිවරණයද යන අවස්ථා ත‍්‍රිත්වයේදී රාජපක්ෂ පවුල කේන්ද්‍රීය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වාර්තාගත ජයග‍්‍රාහී දේශපාලන පක්ෂය බවට පත්වී ඇත. 2018දී මහින්ද සුළ`ග ලෙසින් ඇරඹි ඒ ජයග‍්‍රහණයේ රැුල්ල, 2020 වන විට සුළි සුළ`ගක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ චරිතය කේන්ද්‍ර කර ගනිමින් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. 1977 එක්සත් ජාතික පක්ෂය ලබාගත් හයෙන් පහක බලයට වඩා 2020 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ලබාගත් තුනෙන් දෙකක බලය ප‍්‍රභල වන්නේ සමානුපාතික මැතිවරණ ක‍්‍රමය සමග අතිශය සංකීර්ණ දේශපාලන භූමි දර්ශනයක් තුළ මේ සා විශාල බලයක් ලබාගත් බැවිණි. ඒ ජයග‍්‍රහණ දාමයේ කූටප‍්‍රාප්තිය පිළිබඳ කෙටි හා කාලීන විමර්ශනයක යෙදීම මේ ලිපියේ අරමුණයි.

1948 න් පසුව ඉතා සෙමෙන්ද 1977 න් පසුව ඉතා ශීඝ‍්‍රයෙන්ද මෙටර දේශපාලනය වල්බිහි විය. උගත් බුද්ධිමත් දේශපේ‍්‍රමී බොහෝ දෙනා හට දේශපාලනය එපා වන්නේ බල දේශපාලනයේ මජර සංස්කෘතික ප‍්‍රවණතා උත්සන්න වූ නිසාය. දේශපාලන ධූරාවලියේ මුදුනේ සිට පතුළ දක්වාම සිදුවූ ඒ වල්බිහි වීම තුළ පැනනැ`ගුනු නව ප‍්‍රවණතා කීපයකි. ජනප‍්‍රියත්වය දේශපාලන සුදුසුකමක් සේ සැලකීම ඉන් එකකි. එහිදී හොඳට හෝ නරකට ජනප‍්‍රිය වූවන් පවා ජනතා මනාපය දිනාගත්හ. ක‍්‍රීඩකයන්, නළුනිළියන්ගේ දේශපාලන ආගමනය එහි එක් ලක්ෂණයකි. ඒ ප‍්‍රවණතාව ස්ඵුට කරන්නේ ඡුන්ද දායකයාගේ බුද්ධිහීනතාව මිස අන් කිසිත් නොවන බව අපේ අදහසයි. එසේම රටක අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කොට සිටින පුද්ගලයකු වාර්තාගත ලෙස ජනතා මනාපයෙන් ව්‍යවස්ථාදායකයට පත්වීම අප තේරුම් ගත යුත්තේ කෙසේද? හොරා පොලිස් දේශපාලනය තවත් ප‍්‍රවණතාවකි. යම් රාජ්‍ය සමයක කරන ලද සොරකම් හා අත්‍යාචාරයන් සඳහා යුක්තිය පසිඳලන්නේ යැයි සපථ කොට බලයට එන විපක්ෂය (හෝ සන්ධානය) කරන්නේද සොරකම්ය. ජනතාව මේ හොරා පොලිස් දේශපාලනයේ නිශ්ක‍්‍රීය පේ‍්‍රක්ෂකයෝ වී සිටිති. පුරවැසියන් නැති රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන නන් දොඩවනු ඇසේ. අප කියන්නේ මේ රටේ සිටින්නේ ආබාධිත පුරවැසියකු බවයි. ඒ පුරවැසියා වර්ණ අන්ධතාවයෙන් පෙළෙයි. ගඳ සුවඳ නොහඳුනයි. අතාර්කිකය. හේ පරාජිත ඡුන්ද දායකයෙකි. ණයගැති පාරිභෝගිකයෙකි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස තේරීපත්වී සිටින උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. වීග්නේශ්වරන්

පසුගියදා ප‍්‍රකාශ කළේ සිංහල බෞද්ධ අන්තවාදය පාර්ලිමේන්තුව තුළ විනාශ කිරීමට නම් දෙමළ මුස්ලිම් සියල්ලන් එක්විය යුතු බවය. තමන් අපේක්ෂා කළ මන්ත‍්‍රී ධූර සංඛ්‍යාව උතුරු හා නැගෙනහිර පළාත්වලින් ලබාගත නොහැකි වූ බවද ඔහු සඳහන් කර තිබිණි. නව වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අමතා විග්නේෂ්වරන් මන්ත‍්‍රීවරයා කර තිබූ ප‍්‍රකාශයද ඔහු තුළ කැකෑරෙන පරාජයේ වියරුව ප‍්‍රදර්ශනය කරයි. ඉන් ගම්‍ය වන්නේ දෙමළ මුස්ලිම් වෙනත් වාර්ගික සුළුජන පක්ෂ නොමැතිව පාර්ලිමේන්තුවේ සුපැහැදිලි බලයක් සිංහල බෞද්ධ අනන්‍යතාව නියෝජනය කරන බවයි.

මෙය මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඊට හේතුව රටේ සැබෑ බහුතරය පාර්ලිමේන්තු නියෝජනයේද බහුතරය බවට පත්වී තිබීමයි. 1947 පැවැත්වූ පළමු මැතිවරණයේ සිටම දෙමළ හෝ වෙනත් සුළු ජනවාර්ගික නැත්නම් කොමියුනිස්ට් මාක්ස්වාදී සමසමාජ (පසුව ජ.වි.පෙ.) දේශපාලන මුක්කුවලින් තොරව බලය ලබාගත් පක්ෂවලට ආණ්ඩු පිහිටුවිය නොහැකි විය. එනිසාම බලවත් වූයේ අවස්ථාවාදී ඒ රජුන් තනන්නන් මිස වුන්ගේ වාරුවෙන් වැනී වැනී, නැවී නැවී රට කළ පක්ෂ හෝ නායකයන් නොවේ. උද්ගත තත්ත්වය හමුවේ, රටේ ව්‍යවස්ථා සංශෝධන හෝ වෙනත් ප‍්‍රතිපත්ති ආදිය සම්පාදනය වීමේදී බෙදුම්වාදයේ හා අන්තවාදයේ අන්තේවාසික ඊනියා කොළඹ සිවිල් සමාජයේ හා වුන්ගේ ස්වාමීවරුන් වන ජාත්‍යන්තර ප‍්‍රජාවේත් පීඩනයන් හා අනවරත බාධාකිරීම් අපේක්ෂා කළ යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය ජාතික ලැයිස්තු අසුනකට පමණක් සීමාවීම ප‍්‍රමාණවත් පරිදි විමර්ශනයට ලක්වූ බවක් නොපෙනේ. අප සිතන්නේ 1951 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිහිවීම එක්සත් ජාතික පක්ෂයේ පළමු කඩාවැටීම බවය. එතැන් පටන් ආණ්ඩු බලය ලැබුණද, සෑමවිටම ඒ ආණ්ඩු පවත්වා ගත්තේ ප‍්‍රජාතාන්ත‍්‍රීයව නොවන බව රටවැසියා දනී. 2020 වන විට සනිටුහන් වූයේ පක්ෂයක පරාජය නොව, කළු සුද්දන්ගේ දේශපාලන ක‍්‍රමවේදයන් ප‍්‍රතිපත්තීන් දැඩි ප‍්‍රතික්ෂේප වීමකට ලක්වීමයි. ඒ විප්ලවය සඳහා ජනතාවට වසර 72ක කාලයක් අවැසි විය. ඒ වසර 72 තුළ උගත් පාඩම් සඳහා ජීවිත ලක්ෂ ගණනක් ඇතුළු බොහෝ දෑ කැපකරන්නට ද සිදුවිය. (විකල්ප වශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයා සමගි ජන බලවේගය වෙත ගොනුවීම කෙතරම් සාධාරණද නැද්ද යන්න වෙනම විග‍්‍රහ කළ යුතු කරුණකි). අවසානයේ ජනමතය අනුමත කර ඇත්තේ සිංහල ජාතිකවාදයේ දේශපාලන හැඩයයි. හැඩය තුළ හරයද එලෙසින්ම අන්තර්ගත දැයි දැක ගන්නට හැකි වන්නේ කාලයත් සමගිනි. ආණ්ඩුවට මේ රටේ ඡුන්ද දායකයන් ලබාදී ඇති බලය අත්සන් කළ හිස් චෙක්පතක් බඳුය. එවැනි ගනුදෙනුවක් පසුපස ඇත්තේ විශ්වාසයම පමණි. එම විශ්වාශය රැුකීම ගනුදෙනුවේ අනිත් පාර්ශ්වයේ වගකීමයි.

මහනුවර සිදුවීම සමගින් මෙවර මැතිවරණ වංචා සිදූවූයේ යැයි ප‍්‍රධාන ධාරාවෙන් පරිබාහිර සමාජ අවකාශයන්හි සංවාද පැනනැ`ගිණි. එහෙත් ඒ පිළිබඳ පෙත්සම් හෝ වෙනත් නෛතික මැදිහත්වීම් සිදුවන බවක් නොපෙනේ. එහෙත් මෙවර ප‍්‍රතික්ෂේපිත ඡුන්ද ගණන 744,373 වන අතර එය සමස්ත ඡුන්ද ප‍්‍රමාණයෙන් 6% ඉක්මවා තිබේ. මෙම ඡුන්ද ප‍්‍රමාණය පක්ෂයක් සතුවූයේ නම් මන්ත‍්‍රී අසුන් ගණනාවක් ඒ පක්ෂයට හිමිවනු ඇත. ඒ සා විශාල ඡුන්ද ප‍්‍රමාණයක් ප‍්‍රතික්ෂේප වූයේ ඡුන්ද පත‍්‍රිකාවේ දිග හෝ වෙනත් අපහැදිලිතාවක් නිසාද? ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී අප අත්විඳි තත්ත්වයක් වූයේ පක්ෂයකට ඡුන්දයක් ලබාදී මනාපය ස්වාධීන කණ්ඩායම්වල අංක ඉදිරියේ සටහන් කර තිබීමය. ඡුන්ද දායකයා නිසි පරිදි ඡුන්දය ප‍්‍රකාශ කිරීමට නොදන්නේ නම්, ඒ පිළිබඳ යම් පෙරහුරු හෝ වෙනත් දැනුම්වත් කිරීම් කළ යුතු බව අපේ අදහසයි.

ක‍්‍රම සම්පාදනය, ක‍්‍රමෝපායික සැළසුම් සකස් කිරීම, තාක්ෂණික විෂයයන් ආදිය සඳහා ප‍්‍රමාණවත් බර තැබීමක් කර ඇතැයි නව කැබිනට් මණ්ඩලයේ හා රාජ්‍ය අමාත්‍යාංශ විෂයයන් විමසා බැලීමේදී අපට නොපෙනෙයි. එසේම ඇතැම් අමාත්‍යවරුන් හා වරියන් වෙත වැඩි ආයතන සංඛ්‍යාවක් හිමිකර දීමත්, ඇතමෙකු යටතට ආයතනයක් හෝ දෙකක් පමණක් පත්කිරීමත් ප‍්‍රශ්නකාරීය. එනයින් බලය සීමිත පිරිසක් අතර පමණක් සංකේන්ද්‍රණය කරගෙන තිබේද යන පැනය යම් තැනක මතුවීම අසාධාරණ නැත. අපේ ඉතිහාසයේ රාජ්‍යකරන අත්දැකීම් අධ්‍යයනයේදී පෙනී යන්නේ පාරම්පරික විශේෂ ප‍්‍රාගුණ්‍යයක් එක් එක් රජ්‍ය විෂයය භාර ඇමැත්තන් හට තිබූ බවය. විවිධ අධිකාරමලා, බස්නායක නිලමේලා, සළුවඩන නිලමේලා, දියවඩන නිලමේලා, ගජනායක නිලමේලා ඊට නිදසුන්ය. එහෙත් වෙස්ට්-මිනිස්ටර් පාර්ලිමේන්තුව කරන්නේ කාඞ් ක‍්‍රීඩාවේ මෙන් ඇමැති කුට්ටම ඇනීමය. මෙවරද ඇමැති කුට්ටම ඇනීම විද්‍යාත්මක නැත. 2020 මැතිවරණයෙන් පසුවද කැබිනට් අමාත්‍ය ධූර, රාජ්‍ය අමාත්‍ය ධූර මෙන්ම විෂය පථයන් ගැන බොහෝ දෙනා තුළ ඇත්තේ අතෘප්තියක් බව ආංගික අභිනයන්ගෙන් පෙනේ. දක්ෂයකුට ඕනෑම මුඩු බිමක් අස්වද්දා සරුසාර කෙම්බිමක් කළ හැක. එසේම ඕනෑම අදක්ෂයකුට කෙම්බිමක් මුඩුබිමක් කළ හැක. තමන් ලත් අමාත්‍යාංශයේ නම පිළිබඳ යම් ඇමැත්තකු තුළ ඇත්තේ මදිපුංචිකමක් නම්, එය හීන මානයක් බව අපගේ අදහසයි.

ජනාධිපතිතුමා ජාතියෙන් ඉල්ලා සිටියේ ජවසම්පන්න අශ්වයන් පාර්ලිමේන්තු එවන ලෙසය. එසේ වන්නට නම් අශ්වයන් හට නාමයෝජනා දිය යුතුව තිබිණි. අශ්ව ලක්ෂණ ඇති, ඊට පර්යාය සිවුපාවුන් අතරින් අශ්වයන් තේරීමට යෑමේදී අගතියට පත්වූයේ ඡුන්ද දායකයා බව අපගේ අදහසයි. එසේම අශ්වයන්ට නාමයෝජනා ලබාදීමේ කාලීන අවශ්‍යතාව අවධාරණයට ප‍්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ප‍්‍රශස්ත ලෙස මැදිහත් නොවූ බව අපගේ වැටහීමයි. 2020 මහ මැතිවරණය නම් වූ තරගයට ඉදිරිපත් වී සිටි 7452ක් අපේක්ෂකයන්ගේ දැන්වීම් ලබාගැනීම සඳහා එම මාධ්‍ය ආයතන දැරූ උත්සහයෙන් හතරෙන් එකක් හෝ සත්පුරුෂයන්ට නාමයෝජනා ලබාදීම සඳහා වූ දුර්වල අරගලයට ආයෝජනය වූයේ නම් මේ මැතිවරණ ප‍්‍රතිඵලය තවත් ගුණාත්මක වන්නට ඉඩ තිබිණි.

වාර්තාගත අයුරින් ඡුන්ද ලක්ෂ 68ක් මගින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පහසුවෙන්  ලබාගනිමින් ලත් ජයග‍්‍රහනයේ දී වෙනත් පක්ෂවල බොහෝ දේශපාලනඥයන්ගේ අපේක්ෂා සුන්වී ගියේය. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් නොහොත් පොහොට්ටුවෙන් ව්‍යවස්ථාදායකයට තේරී පත්වූ සියල්ලන් ගැන ජනතාව එක ලෙස තෘප්තිමත් නැත. ඇතැමුන් කියන්නේ අඩුවී ඇත්තේ විපක්ෂ හොරු පමණකැයි කියාය. ජනාධිපතිතුමා පිළිබඳ තමන් තුළ ඇති විශ්වාශය බිඳීයනු ඇත්දැයි අංශුමාත‍්‍ර හෝ බියක් ජනතාව තුළ ඇත්තේ ඒ නිසාය. එහෙයින් ගමේ කසිප්පු වෙළෙන්දාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වීමේ තැන පවා පක්ෂය නොව නීතිය පමණක් ක‍්‍රියාත්මක වන්නේ නම් අගනේය. විධායකයත් ව්‍යවස්ථාදායකයත් ක‍්‍රියාත්මක වන්නේ දේශපාලන ධ‍්‍රැව දෙකකින් නම් මෙම ජයග‍්‍රහණයද අපතේ යනු ඇත.

රුවන්වැලි සෑ සලපතල මළුවේ දිව්රුම් දුන් අවස්ථාවේ සිටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් දැරූ ස්ථාවරය වූයේ තමන් බලයට පත් කළේ මේ රටේ සිව්දිග වැඩවසන මහා සංඝරත්නයත්, බහුතර සිංහල ජනතාවත් බවයි. ඒ ප‍්‍රවණතාව පිටුපස සිටින මෙරට ජාතිකවාදීන්ගේ අභිලාෂයන් පාලම් බෝක්කු අධිවේගී මහාමාර්ග ආදී සිල්ලර ආශාවන් නොවේ. එක් එක් වාර්ගික ආගමික අනන්‍යතාවන් පදනම් කරගත් නීති, සම්මුතීන් විසින් පාලනය වන දූපතක් බවට පත්ව තිබූ අපේ රටේ පාලනය, එක් රටක් එක් නීතියක්, රාමුව තුළට ගෙන ඒමේ අවශ්‍යතාව සියලූ දේශපේ‍්‍රමී බලමුළු තුළ තිබේ. රටේ විධායක බලය ප‍්‍රතිස්ථාපනය කිරීම මෙන්ම පසුගිය දශක ගණනාව මුළුල්ලේ බෙදුම්වාදී අන්තවාදී මූලධර්මාවාදී උත්සුකතාවන් වෙනුවෙන් ඉවක් බවක් හෝ ඉලක්කයක් නොමැතිව සංශෝධනය වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සරල සුපැහැදිලි, ප‍්‍රායෝගික ලියැවිල්ලක් බවට පත්කිරීමේ වුවමනාවද ඔවුන් තුළ ඇත.

ශාසනික වශයෙන් ඇති නොවිසඳුනු අර්බුද, දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් ලෙස පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ ඇති වියවුල්, පරිසරය ආදී තවත් කොතෙකුත් ගැටලූ නියාමනය කරන්නට තිබේ. එහිදී මේ රටේ අනාදිමත් කාලයක සිට ජීවත් වූ දෙමළ, මුස්ලිම් ජනවර්ගද, හින්දු කතෝලික අනන්‍යතාවන්ද ප‍්‍රාමාණිකව සැලකිල්ලට ගත යුතු බව අපේ අදහසයි. ඔවුන් රාජ්‍ය යන්ත‍්‍රයේ වගකිවයුත්තන් විය යුතු බව අපිදු ඉඳුරාම කියමු. එහෙත් ඒ වගකීම් අතීත පාඩම්වලට යටත් විය යුතුය. අලි සබී‍්‍ර නම් විශ්වාසවන්ත නීතිවේදියාට අධිකරණ අමාත්‍ය ධූරය ප‍්‍රධානය කිරීම ගැන ශාසනයේත් ජාතියේත් කතෝලික සභාවේත් මනාපයක් ඇත්තේම නැත. අලි සබී‍්‍ර මහතාට ඇමැති ධුරයක් ලබාදීම ගැන අපේ විරෝධයක් නැත. නමුත් රාවුෆ් හකිම්ගේ අධිකරණ අමාත්‍ය ධූර කෙරුවාව අපේ පරම්පරා ගණනාවකට අමතක නොවෙයි. සබී‍්‍ර, හකීම් නොවන බව පැහැදිළිය. එහෙත් අන්තවාදයෙන් හා බෙදුම්වාදයෙන් ඇතිපදම් බැටකා ඇති ශ‍්‍රී ලාංකිකයා දැන් කවුරුන්ගේ වුවත් අතීත භාවිතාව, කළකී දෑ මනාව විමසීමට සමත්ව සිටීම රටේ වාසනාවකි. එසේම රාජපක්ෂ පවුල දේශද්‍රෝහීන්ය, කියූ හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් ද අභිනව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකි. එසේම ජාත්‍යන්තර වශයෙන් ඔහු පළකර ඇති ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ හා පර්යේෂණ පත‍්‍ර තුළ ඔහු මහා සංඝයා වහන්සේට හා සිංහල බෞද්ධ සංස්කෘතියේ සමහර පදනම් කාරණාවන්ට සියුම් ලෙස පහර ගසයි. ඔහු කියන්නේ පශ්චාත් යුද සමය තුළ රටේ ප‍්‍රචණ්ඩත්වයට හේතුව මහා සංඝයා බවයි. රාජපක්ෂවරුන් ඔහුටද ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් ලබාදීම දෛවෝපගතය.

විජයබා කොල්ලය සිදුවූයේ 1521 දීය. ලබන 2021 වසරේදී විජයබා කොල්ලයට වසර 500ක් සපිරෙයි. එහිදී රාජ්‍ය ලෝභය නිසා කෝට්ටේ රාජධානිය කොටස් තුනකට කැඩිගියා පමණක් නොව එතැන් සිට සෘජුව වසර 443 ක් පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසි යන ධවල චර්මධාරී යටත් විජිත ප‍්‍රචණ්ඩත්වයට අපි ලක්වූයෙමු. දැනුදු එහි වක‍්‍ර බලපෑම් අප වටා සැරිසරයි. ඉතිහාසය ඒ අයුරින්ම හෝ ඊට පර්යාය වෙනත් අයුරකින් යළිත් ක‍්‍රියාත්මක නොවන්නේ යැයි කාටනම් කිව හැකිද?

ආචාර්ය චමිල ලියනගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More