අතුරුගිරිය තිළිණ උත්සව ශාලාවේ දී ඊයේ(24) දේශප්‍රේමී විද්වත් සංසදය විසින් සංවිධානය කරනු ලැබූ අමාත්‍යය විමල් වීරවංශ මහතාට සුබ පැතීමේ සහ සංසදයේ මාසික සභාවාරය පැවැත්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යය විමල් වීරවංශ මහතා පවසා සිටියේ විද්වතුන් , සාමාන්‍යය ඡන්ද දායකයන් සහ දේශපාලඥයන් වන අප මැදිහත්වී පැරණි රටට හතුරු ආණ්ඩුව පලවා හැර නව ආන්ඩුවක් පිහිටුවා ගත් පමණින් සියල්ල අවසන් වන බව සිතා කටයුතු කිරීම නොකළ යුතු බවයි. උත්සව අවස්ථාව දේශප්‍රේමී විද්වත් සංසදයේ කැඳවුම්කරු නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය විසින් සංවිධානය කර තිබූ අතර ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ ,ජේෂ්ඨ නීතීඥ කල්‍යානන්ද තිරාණගම සහ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර යන මහත්වරු සහභාගි විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යය විමල් වීරවංශ මහතා,
“මෑත ඉතිහාසයේ බුද්ධිමතුන් වෙනදාට සාපේක්ෂව සමාජ දේශපාලන කටයුතු වලදී සැලකිය යුතු මට්ටමේ අවතීර්ණ වීමක් දක්නට ලැබෙනවා.මෙම අවතීර්ණ වීම වඩාත් හිතකර වන්නේ ඔවුන් රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන පාර්ශවයට පක්ෂපාතිව මෙම ප්‍රවනතාවය මෙහෙයවීමට කටයුතු කළොත් පමණයි. මා එසේ පවසන්නේ රටට හතුරු පාර්ශවයන්ට නැඹුරුතාවයක් පක්ෂපාතිත්වයක් දක්වන විද්වතුන් ඕනෑ තරම් දේශපාලන ක්ෂෙත්‍රයේ සිටිනවා.ඒ නිසා විද්වතුන්ගේ දේශපාලන මැදිහත්වීම රටට හිතකර දිශානතියට පෙරලා ගැනීම විද්වතුන්ගේම අත්හළ නොහැකි වගකීමක් කියා මා සිතන නිසයි.එය අපි කාගේත් වැඩකොටසක් සහ වගකීමක් බවත් මා එකහෙලා පිළිගන්නව. ඒ වගේම අතීතයට සාපේක්ෂව විද්වතුන් සමාජ දේශපාලන ක්ෂේත්‍රයන් වලදී දැන් කරණු ලබන සාධනීය මැදිහත්වීම සතුටට කාරණයක්. අපේ හිතවත් කල්‍යානන්ද තිරාණගම මහතා පැවසුවා වගේ අපි ආණ්ඩු මාරුවක් කරගත් පමණින් සියල්ල හොඳින් සිදුවී අවසන් යැයි සෑහීමකට පත් විය යුතු නැහැ. අපි දන්නවා ඕනෑම බලවේගයක් ඇතුළේ අතුරු බලවේග කියා කොටසක් තියෙන බව. රටට හිතැති බලවේග ඇතුළේ රිංගා ගත් ඇතැම් සතුරු බලවේග බොහොම සූක්ෂම විදියට විවිධ වෙස් වලාගෙන සිටිනවා.ඒ වෙස් මුහුණු ගැලවෙන විට සමහර විට සිදුවිය යුතු බොහෝ දේ අවසන් වී තිබීමටත් ඉඩ තිබෙනවා. ඒ අනුව අපි හිතන්න සුදුසු නැහැ අපේ කඳවුරු අතරෙත් එසේ වෙස් මුහුණු බැඳගත් සතුරු බලවේග නැතැයි කියා. එසේ විශ්වාස කරනවානම් එහි තේරුම බටහිර රටවල දේශපාලනය පිළිබඳ අපට අවබෝධයක් නැහැ කියන එකයි.
ඒ වගේම කලාපීය බලවතාගේ දේශපාලනය පිළිබඳ අපට අවබෝධයක් නැහැ කියන එකයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙන අවස්ථාවේදී තමයි බොහෝ දෙනාගේ වෙස් මුහුණු ගැලවී යාමට නියමිතව තිබෙන්නේ.අපේ කඳවුර ඇතුළේ මාතෘභූමියට හිතවත් කවුද ද්‍රෝහීන් වන්නේ කවුද යන්න උරගා බැලෙන අවස්ථාවන් ඉදිරියේදී නිර්මාණය වීමට නියමිතයි. ඒ උරගා බැලෙන අවස්තා වලදි අපි කාටවත් ඔළුව හංගා ගෙන සිටීමට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ අවස්තාවේදි අපි එකිනෙකා පරීක්ෂාවට ලක් වෙනවා. එසේ පරීක්ෂාවට ලක් කිරීම වඩාත් සාධනීයයි. පරීක්ෂාවට ලක් කෙරෙන අවස්ථාවන් කරා අවතීර්ණ වීමෙන් පමණයි ලබා තිබෙන ජයග්‍රහනයන් ස්ථාවර වන්නේ හෝ ඊටත් වඩා ගුණාත්මක තලයකට ජයග්‍රහණය පෙළගස්වා ගත හැකිවන්නේ.ඒ අනුව මා විශ්වාස කරනවා විද්වත් ප්‍රජාව හැටියට මතවාදී තලයේ විශාල වැඩ කොටසක් කිරීමට සිදු වෙනවා.
අමෙරිකාවත් සමඟ එම් සී සී ගිවිසුම අත්සන් කරද්දී මුලින්ම දේශපාලඥයන් හැටියට අපි එයට මැදිහත් වූවා. දෙවනුව විද්වත් ප්‍රජාව හැටියට විද්වතුන් මැදිහත් වූවා. පසුව ආගමික ප්‍රජාව මැදිහත් වූවා.එම හැම අංශයකම මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ගිවිසුම අත්සන් කිරීමට තිබුණු අවසාන සතියේ බොහොම ආගමානුකූල ජීවිතයක් ගත කළ ස්වාමීන් වහන්සේ නමකට උපවාසයක් කිරීමට පවා සිදුවන තත්වයකට කරුණු පෙළ ගැසුනා.එම සියළු ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵල වලින් අපට එම් සී සී ගිවිසුම අත්සන් කිරීම නවත්වා ගැනීමට හැකිවෙනවා.
ඒ අනුව අපට නිගමනයකට පැමිණිය හැකියි විද්වත් ප්‍රජාව ආගමික ප්‍රජාව වගේම සියළුම දේශප්‍රේමී ජනයාගේ සක්‍රිය මැදිහත් වීමෙන් පමණයි අපේ ආණ්ඩුවෙන් වුවත් අඩුපාඩුවක් වෙනවා නම් වලක්වා ගත හැකි වන්නේ.අපේ ආණ්ඩුවට තුනෙන් දෙකක ජනවරමක් ලැබී තිබෙන්නේ තරමක් නිවැරදි පැත්තට යන්න නොවෙයි වඩාම එහෙමත් නැතිනම් හොඳම නිවැරදි දේ කිරීමටයි. තුනෙන් දෙකේ ජනවරමේ අර්ථය එයයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කාර්යේදීත් අපේ ජනයාගේ අභිලාශය වන්නේ ටිකක් නිවැරැදි දේ නොවෙයි හරියටම නිවැරැදි දේ අඩංගු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර බලාත්මක කර ගැනීමයි. ඒ නිවැරැදිම නිවැරැදි දිශාවට ආණ්ඩුව රැගෙන යාමට විද්වතුන් වන ඔබලාටත් දේශපාල්ඥයන් වන අපටත් තව බොහෝ වැඩ කිරීමට ඉතුරු වී තිබෙනවා. අපි ඔබ තමුන්නාන්සේලා ඒ වෙනුවෙන් කැපවෙන තරමට පමණයි අපේ රටේ ජනයාට වඩාත්ම නිවැරැදි දේ ලැබෙන්නේ.එසේ කැප නොවුනහොත් තරමක් නිවැරැදි හෙවත් තරමක් වැරදි තැනකින් මේ ගමන නතර වේවි. තරමක් වැරැදි කියන තැනක නැවැත්වීමට කටයුතු කිරීමට අප ඉඩ දිය යුතු නැහැ ඒ වෙනුවට නිවැරැදිම නිවැරැදි හෝ වඩාත් නිවැරැදි තත්වයකට ලක් කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් නිස්සරණධ්‍යාශයෙන් කැපවෙමු, රටටත් ජාතියටත් ජයග්‍රහන ගෙන ඒමට කැපවෙමු! ඔබ සැමට ස්තුතියි!
ගෝඨාභයගේ ජයග්‍රහනය යතාර්ථයක් කරන්න නම් + වෛද්‍ය වසන්ත බණ්ඩාර
ගෝඨාභයගේ ජයග්‍රහනය යතාර්ථයක් කරන්න නම් + වෛද්‍ය වසන්ත බණ්ඩාර
Gepostet von Lanka Lead News am Montag, 24. August 2020
ආණ්ඩු මාරුව සිදුවූ පමණින් විද්වතුන්ගේත් ඡන්ද දායකයාගේත් වගකීම අවසන් වන්නේ නැහැ!
ආණ්ඩු මාරුව සිදුවූ පමණින් විද්වතුන්ගේත් ඡන්ද දායකයාගේත් වගකීම අවසන් වන්නේ නැහැ! – අමාත්‍යය විමල් වීරවංශ
Gepostet von Lanka Lead News am Montag, 24. August 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ශ්‍රී ලංකාව මුහුනදී සිටින තත්වය පිළිබඳව වසන්ත බණ්ඩාරා මහතා කළ අපූරු පැහැදිලි කිරීම කොපමණ දෙනෙකුට තේරුම් ගත හැකිදැයි යන්න සැකසහගතය. ඔහු වැනි බුද්ධිමතෙක් ශ්‍රී ලංකාවට ලැබුනු වස්තුවකි. ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සඳහා දේශප්‍රේමීන් සියළු දෙනා එක්සත් කරමු.
It is doubtful how many people can understand Mr. Wasantha Bandara’s wonderful explanation of the situation facing Sri Lanka. An intellectual like him is an asset to Sri Lanka. Let us unite all patriots to protect Sri Lanka.