වසර පහක ඊනියා යහපාලනයට නැවතීමේ තිත තැබුණේ බහුතර සිංහලයන්ගේ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේ මෙන්ම ජාතික සමගිය ප්‍රියකරන දෙමළ- මුස්ලිම් සුලූතරයක ඉමහත් කැපකිරීම්වල ප්‍රතිඵලයක් වශයෙනි. බහුතර පොදුජන හදවත් දිනාගැනීමට සමත් වූ ජනාධිපතිවරයෙක් සහ ඔහු ඉල්ලා සිටි ආකාරයේ බලයක් සහිත පාර්ලිමේන්තුවක් දැන් නිර්මාණය වී ඇත. තම පිල විජයග්රහණයක් ලැබූ මොහොතක නොසලකා හැරීමට ලක්වූ පිරිසක් ද දක්නට ලැබෙන බව සඳහන් කළ යුතු අතර මේ කෙටි ලිපිය ලියැවෙන්නේ එවැනි නායකයකු වන ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා පිළිබඳවයි.
එම්.එච්.එම්. අෂ්රොප් යනු මුස්ලිම් කොංග්‍රසය වෙනුවට ජාතික සමගි පෙරමුණ පිහිටුවාගෙන ජනවාර්ගික දේශපාලනයක් වෙනුවට ජාතික දේශපාලනයකට මං සෙවූ මුස්ලිම් නායකයෙකි. තම නායකයා අනුව යමින් පසුව අතාවුල්ලා විසින් පිහිටුවා ගන්නා ලද අෂ්රොප් කොංග්‍රසය, ජාතික කොංග්‍රසය ලෙස වෙනස් කරගැනීමට අතාවුල්ලා කටයුතු කළේය. අවස්ථාවකදී දෙකකදී හැර අෂ්රොප් මහතා දිගින් දිගට ම දේශපාලනය කළේ ශ්රීලනිපය සමඟ ය. රනිල් වික්‍රමසිංහ නායකත්වයේ සිටින තුරු එජාප බස් රථයට තමන් ගොඩ නොවන බවට ඔහු අවසාන කාලයේදී ශපථකර ඇත. රාවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, අමීර් අලි, හසන් අලි, නිෂාම් කාරියප්පර් වැනි ගෝලයෝ අෂ්රොප් ගේ මේ ස්ථාවරය පාවාදුන්නේ වරක් දෙවරක් නොවේ. එහෙත් අතාවුල්ලා කිසිදිනක එජාපය හෝ එජාපය සිටින සන්ධානයක් සමඟ දේශපාලනය කර නැති වීම විශේෂත්වයකි. ඔහු ජයේදී පමණක් නොව පරාජයේදී ද දේශපාලනය කළේ ජාතික බලවේගය සමඟ මිස විජාතික බලවේගය සමඟ නොවේ.
තිස්වසරක ශාපලත් යුද සමයේදී අතාවුල්ලා මහතා දිගින්දිගට ම එල්.ටී.ටී.ඊ. විරෝධියකු ලෙස කටයුතු කළේය. 2005 සිට ම මහින්ද රාජපක්ෂ සමඟ සිටි ඔහු 2015 න් පසුවද මහින්ද රාජපක්ෂ මහතා තනි නොකළේය. 2015 අගෝස්තු මැතිවරණයේදී මහින්ද පිල දිනවීමට තරඟ කළ ඔහු පරාජයට පත්විය. මෙවර ජනාධිපතිවරණයේදී ඔහුගේ සහයෝගය හිමිවූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාටයි.
n2 3අනතුරුව එළැඹි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට අතාවුල්ලාට අවශ්‍ය විය. එහෙත් දහදෙනෙකුගෙන් සමන්විත වන දිගාමඩුල්ල දිස්ත්‍රික් කයේ නාමයෝජනා ලැයිස්තුවට අත්වුල්ලාගේ අපේක්ෂකයන් තිදෙනකුගේ නම් ඇතුළත් කරගැනීමට ඔහුට නොහැකි වූ හෙයින් අශ්වයා ලකුණ දරන ජාතික කොංග්‍රසයෙන් මැතිවරණයට තරග කිරීමට ඔහු තීරණය කළේය. හතළිස් දාහකට ආසන්න ඡුන්ද ප්‍රමාණයක් ලබාගනිමින් එක් අසුනක් දිනාගෙන අභියෝගය ජයගැනීමට ඔහුට හැකි විය. අභියෝග ජයගෙන පාර්ලිමේන්තුවට යෑමට හැකි වුවත් තම පිල ජයග්‍රහණය කළ මොහොතක තම ජනතාව වෙනුවෙන් කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ අවම වශයෙන් රාජ්‍ය අමාත්‍ය ධුරයක් වත් ඔහුට නොලැබීම ඔහුගේ අභාග්යයකටත් වඩා සහජීවනය පතන නැෙඟනහිර ජනතාවගේම අභාග්‍යකි.
ශ්‍රී ලාංකේය මුස්ලිම් සමාජය තුළ සිදුවන වෙනස්කම් මේ රටේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය යුත්තකි. මීට වසර 25 කට පමණ පෙර සියලූ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු සමගියෙන් එකා මෙන් වාසය කළ බව අපි දනිමු. ඔවුන් අරාබි සංස්කෘතිය වඩා හොඳ වඩා නිවැරදි ලෙස සලකා කටයුතු කළේ නැත. ඔවුන්ට දේශීය සංස්කෘතිය සමඟ පෑහෙන සංස්කෘතික අනන්‍යතාවක් තිබිණි. මෙරට මුස්ලිම් සමාජයේ සාම්ප්‍රදායික මුස්ලිම් සහ තව්හීද් වැනි වහබ්වාදී නව ප්රවණතා දක්නට ලැබෙයි. කන්තූරී දෙන, බයිත් සහ මවුලූත් ගායනා කරන, ෂියාරම්වලට ගරුකරන, මුහම්මද් නබිතුමාගේ උපන්දිනය සමරන, කත්තම් දෙන මුස්ලිම් බැතිමතුන් පිරිසක් සහ ඒවාට එරෙහිව කටයුතු කරන පිරිසක් සිටින බව මෙරට බොහෝ දෙනෙකු නොදනිති. සිංහලයන් මෙන්ම ගලේ බණ්ඩාර දෙවියන්ට සහ කිවුලේගෙදර අප්පුහාමි දෙවියන්ට ගරු කරන්නේ මෙරට සිටින සාම්ප්‍රදායික මුස්ලිම් බැතිමතුන් මිස වහාබ්වාදීහු නොවෙති.
බේරුවල සිංහල මුස්ලිම් ගැටුමට සතියකට පමණ පෙර ඇතිවූ මුස්ලිම්-මුස්ලිම් ගැටුම සහ කාතන්කුඩියේදී සහරාන් කල්ලිය සහ ඊට එරෙහි මුස්ලිම් පිරිස අතර ගැටුම මේ දෙපිරිස අතර ගැටුම් බව මෙරට කී දෙනෙක් දනිත් ද? මෙරට සෑම ප්‍රදේශයකම මේ මුස්ලිම් – මුස්ලිම් ගැටුම දක්නට ලැබේ. මේ දෙපිරිස අතරින් මේ ආණ්ඩුවේ සහයෝගය හිමිවිය යුත්තේ සහරාන්ලා නියෝජනය කරන වහබ්වාදීන්ට ද? එසේ නොවේනම් ජාතික සහජීවනයට කැපවුණු සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට ද යන්න ගැන ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට අවබෝධයක් ඇති බවක් නොපෙනේ. එමෙන්ම ජන පදනමක් ඇති අයටද නැත්නම් ජන පදනමක් නැති අයටද යන්න ගැනද ඔවුන්ට අවබෝධයක් ඇති බවක් නොපෙනේ.
පසුගිය ආණ්ඩුවේ ඇමතිකම් සහ වෙනත් වරදාන සියල්ලක් ම පාහේ ලැබුණේ වහාබ්වාදීන්ට බව නොරහසකි. යහපාලනය කොතරම් හොඳින් ක්‍රියාත්ම වූවාද යත් සහාරන්ට එරෙහිව කාතන්කුඩි පොලිසියට කරුණු 20කට ආසන්න පැමිණිලි විභාගකර ඔහුව අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය අපොහොසත් විය. සහරාන් ට එරෙහිව මේ පැමිණිලිකර ඇත්තේ සිංහලයන් විසින් නොව ඒ ප්‍රදේශයේම සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ය යන්න මෙරට සමාජය තේරුම් නොගන්නේ ඇයිද යන්න ගැටලූවකි.
මෙරට වෙසෙන සාම්ප්‍රදායික මුස්ලිම්වරු ශ්‍රී ීලාංකේය සමාජයේ බයියන් ලෙස සැලකෙන කුලකයට ඇතුළත් කළ හැකිය. මහින්ද සහ ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටි බහුතරය මුස්ලිම් බයියන් විය. එහෙත් මෙරට මුස්ලිම් සමාජයෙන් බහුතරයක් වන සාම්ප්‍රදායික මුස්ලිම්වරු සවිඥානිකව ජාතික බලවේගයට එකතු කරගැනීමට මෙරට දේශපාලනයේ ජාතික බලවේගයට මෙතෙක් නොහැකිවීම සමස්ත ජාතියේම අවාසනාවකි. සාම්ප්‍රදායික මුස්ලිම්වරු ආකර්ෂණය කරගත හැක්කේ ඔවුන්ගේ නායකයින් සහ බුද්ධිමතුන් බලගැන්වීමෙන් පමණි.
අෂ්රොප් මෙන්ම අතාවුල්ලාද සුෆිවාදයට නැඹුරු සාම්ප්‍රදායික දේශීය මුස්ලිම් සංස්කෘතියට අනුව ජීවත්වන ජනතාවගේ හදවත් දිනාගත් මුස්ලිම් නායකයෙකි.
මර්ජාන් වැනි සාම්ප්‍රදායික මුස්ලිම් හරපද්ධතීන් ගරුකරන නායකයන් ජාතික ලැයිස්තුවෙන් හෝ පත් කිරීම ආණ්ඩුවේ දූරදර්ශී තීරණයක් බව පැවසිය යුතුය. එහෙත් එපමණකින් සෑහීමකට පත් නොවී අතාවුල්ලා වැනි ජයේදීත් පරාජයේදීත් ජාතික බලවේගය අත් නොහල අන්තවාදී නොවන, අභියෝග ජයගත් නායකයන්ව සුදුසු පරිදි බලගන්වා ඒකීය රාජ්‍යයේ සහ ජාතික සමගියේ දිගුකාලීන පැවැත්මට අවශ්‍ය පියවර ගැනීමට මේ ආණ්ඩුව තවමත් ප්‍රමාද නැත.
සුමේධ වීරවර්ධන
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...